කුමාර් ගුණරත්නම්ගේ ඕස්ට්‍රේලියා පුරවැසි භාවය පිළිබඳ ගැටළුවක් ඉදිරියට දමමින් ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළ සැලසුම් සහගතව විනාශ කිරීමට රජය කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවිඳු සිල්වා අද (29) මරදාන සී.එස්.ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ තත්ත්වය පරාජය කිරීම සඳහා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන සියලූ බලවේග පෙළ ගැසිය යුතු බවත් එසේ නොවුණොත් මෙතැනින් පටන් ගන්නා ගමන ඉතාම අනතුරුදායක දිසාවකට රට ගෙන යන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම විහිළුවක් නේ. පුරවැසිකම වෙන රටක, අඹු දරුවන් වෙන රටක. මේ රට දාල ගිහිල්ලා තියෙන්නේ. තම දරු පවූලේ යහපතට දේසපාලනය කරන්නේ මෙහෙ. මේ රට ආදරේ ඇත්නම් දරු පවල සමග මෙහි සිට සාමකාමී දෙසපාලනයක් කල යුතුයිනේ. (ර)
සමාවන්න සහෝදරයා! ආගමන නීතිරීති ගරු කළේ නැද්ද කියලා ඔබ පැහැදිලි ප්‍රකාශයක් කරන්න. එයට පසු ප්‍රජාතන්ත්‍රවාදය ගැන සොයාබලමු. (නි)
ලංකාව එපා නිසානේ පිටරට පුරවැසිකම ගත්තේ. එහි දේශපාලනය නොකර මොකටද මෙහෙ දේශපාලනය කරන්නේ? (නි).
ඔව්. අපිත් ලංකාවට ඇවිල්ලා තව ඉන්න ඕනෑ නම් තකහනියම පාස්පෝර්ට් කන්තෝරුවට ගිහිල්ලා ආයේ විසා දික්කර ගන්නවා. ආයෙත් ගුවන් තොටුපොළෙන් එන්න බැරිවෙන්න වැඩ කළාම ඉවරයි (නි)
කුමාර් ගුණරත්නම්ට රට හදන්න කලින් දේශපාලනය කරන්න කලින් රටක තියෙනවා නීති රීති ආගමන විගමන .ඒවා ඉගෙන ගන්න කියන්න (කෞ)
මමත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් . ලංකාවට ගොඩ බහින කොට පාස්පෝට් එකේ ගහන සීල් එක කියවන්න පුළුවන් තරමට සාක්ෂරතාවය තියන ඕනෑම කෙනෙකුට ලංකාවේදී කල හැකි නොකළ හැකි දේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් . ලංකාවේ නීතිය විහිලුවකට අරන් පිස්සු නටන මෙවැනි අයට කවදාවත් නැවත පැමිණිය නොහැකි ලෙස අසාදු ලේඛන ගත කර පිටුවහල් කලාම ඉවරයි . (ර)
ඕස්ට්‍රේලියාවේ දේශපාලනය කරන්නේ ජරාව කන්න බැරි හින්ද වෙන්න ඇති (බ)
ඔය කිසි ප්‍රස්නයක් නෑ පළමුව ඕස්ට්‍රේලියා පුරවැසිකම අහෝසි කර ගන්න ලංකාවේ දේශපාලනය කරන්න ඉස්සෙල්ල, නැත්නම් මොනවා හරි ජල්බරියක් කරලා, ලංකාවේ තරුණයෝ අමාරුවේ දල මේ අය රට පැනල සුවසේ ගත කරන්න පුළුවන්. (බ)
අපොයි ඔව්, ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මෙයාව රැක ගන්න පෙළ ගැහෙන්න ඕනෑමයි. ආගමන විගමන නීති කඩන කට්ටිය රැක ගත්තේ නැත්නම් අපේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවරෙටම ඉවරයි, නේද සහෝදරය? (බ)
මෙහෙම ගියාම ජයලලිතටත් මෙහෙ දේශපාලනය කරන්න ආවොත් ඉඩ දෙන්න වෙයිනෙ. සෑම් කිව්වා වගේ ගුනරත්නම්ගේ පාස්පෝර්ට් එකේ වැදුණු සීල් එක තේරුම් ගන්න බැරුවද මේ කට්ටියටම. (ර)