ආගමන විගමන නීති කඩ කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් යලි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
නඩුව කැඳැවූ අවස්ථාවේ අධිකරණයේ සිටි නීතීඥවරු සියලු දෙනා කුමාර් වෙනුවෙන් පෙනී සිටියහ.
අඟහරුවාදා (17) ගුණරත්නම් බැලීමට ඔහුගේ මව බන්ධනාගාරයට ගියාය.
(ෆේස්බුක් ඡායාරූප)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට ඕනෑ දේ ඉතින් එයා කරගත්තනේ (නි)
මදැයි වෙච්ච දෙයක්! (නි)
මීට වඩා අපරාධ කළ අය එළියේ.. (ත)
රිමාන්ඩ් කරන්න දෙයක් නෙහැ , එයා ලංකාවේ පුරවෙසියෙකු නොවන නිසා දඩයක් ගහලා පිටුවහල් කරන්න නැවත මෙරටට එන්න බේරී වෙන්න. මෙවන් වෙන්නේ මෙයාව ජනප්‍රිය වෙන එක විතරයි (ම)
ඔහොම ගියොත් ඕනෑම කෙනෙකුට පක්ෂයක් හදාගෙන පුරවැසිකම ඉල්ලන්න පුළුවන්නේ. (නි)
ආගමන විගමන නීති කඩ කලේ මේ මනුස්සය විතරද? එතකොට අර පාස් පෝට් දෙක තුන තියාගෙන හිටිය අය කඩකලේ මොන දෙපාර්තමේන්තුවේ නීති රිතිද? (ම)