පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජිවත්වීම සඳහාත් , දේශපාලන කටයුතු කිරිම සඳහාත් ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ , වෘත්තිය සමිති බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින් සහභාගී වන මාධ්‍ය සාකච්ජාවක් අද (05) පෙරවරු 11 ට මරදාන, ඩීන්ස් පාරේ, සමාජ හා සාමායික කේන්ද්‍රයේදී පැවැත්විණි.
කුමාර් ගුණරත්නම්ගේ පවුලේ සාමාජිකයන් ද ඊට සහභාගී වූහ.
කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදෙන්නේ නම් ඔහුගේ ඕස්ට්‍රේලියා පුරවැසිභාවය ඉවත්කරගැනීමට සූදානම් බවද එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පැවසීය.
(වීඩියෝ - අතුල දේවප්‍රිය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කියන්නේ මෙහෙ තියාගන්න එපා කියලයි. අපි නම් කවදාවත් බඩගින්න්නේ මියගියත් අපි උපන් රට පාවාදෙන්නේ නැහැ. (නි)
මේ අයගේ සිත්තුළ රටට ඇති ආදරය බලාගන්න තවත් සාක්ෂි කුමටද? (නි)
මට තවම තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ පුද්ගලයාව පිටුවහල් කරන්න එපා කියන්නෙ කියලා. ලංකාවේ ඉපදුනාට ලංකාවේ පුරවැසිභාවය ඉවත්කරගෙන ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරගෙන. තව ලංකාවට ඇවිල්ලා වීසා දීර්ඝකර නොගෙන වාසය කරලා. නීතිය අනුව කටයුතු කරන්න. ඒක දේශපාලනමය තීන්දුවක් නෙමෙයිනේ. අන්න නීතියට පිටින් පිටුවහල් කළොත් දේශපාලන ඇඟිලි ගැසීමක්. (නි)
මෙයාට විතරක් නීතිය කඩලා රටේ ඉන්න දෙනවා නම් ද්විත්ව පුරවැසිකම ගන්න අනෙක් අයටත් යම් සහනයක් තිබිය යුතුයි (නි)
අපි නම් කියන්නේ ගිය රජයේ තීන්දුව අනුව කටයුතු කරන්න කියලයි (නි)
ඒ දා ගිය රජය යටතේ රටින් පිටුවහල් කරද්දී දැ න් ඔය බෙරිහන් දෙන පිරිස් කෝ ,කෝ ,කෝ (ම)
නීතිය සැමට එක හා සමාන වියයුතුයි. මොහුගේ ද්විත්ව පුරවැසිභාවය නොමැතිනම් නීතිය අකුරටම ඉටුකරන්න. (නි)
රටට ආදරේ නම් ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම අත හැරලා එනු. පිට රැටියන්ට අපේ රට ගැන තියෙන කැක්කුම මොකක්ද ? (ම)
අපි බලමු මේ ප්‍රශ්නෙට මොකද වෙන්නේ කියලා (නි)
රටට ආදරේ වෙන්න තවත් රටක පුරවැසිකම අත්හැරිය යුතු නැහැ. දැන් ඔය ලංකාවේ විතරක් පුරවැසිකම තිබෙන අය කරන සමහර වැඩ දැක්කහම පේනවා රටට ආදරේද නැද්ද කියලා. මගේ අදහස නම් දේශපාලන හේතු මත මෙයා පිටුවහල් කරනවා නම් ඒක වැරදියි කියලයි. (නි)
මෙයා ලංකාවේ තව හිටියොත් කැම්පස් ළමයි කී දෙනෙකුගේ ඔළුව පලාගන්න වේවිද දන්නේ නැහැ .(ම)
රටට ආදරේ නම් ඕස්ට්‍රේලියාවේ රුපවාහිනි වලින් ලංකාවට මඩ ගහන්නේ ඇයි. අනික ඒවායේදී මෙයා කියන්නේ නැහැ තමුන් හොර පාස්පෝර්ට් වලින් බොරු නම් වලින් ලංකාවට යන බව. ඔක්කොටම වඩා එහෙම ලංකාවට මඩ ගහපු කෙනා ආයිත් මොකටද ලංකාවට බොරු නමකින් ඇතුළු වුණේ (ම)
ලංකාවේ උපන් මිනිසෙකුට ලංකාවේ ජීවත් වෙන්න බැරිද?අම්ම සිංහල කෙනෙක්.පාසල් ගියේ ලංකාවේ.කැම්පස් ගියේ ලංකාවේ.ඒ වුණත් ලංකාවේ දේශපාලනේ කරන්න ඉඩ දෙන්නේ නැත්තේ මොකද?ජේ වී පී විත් දේශපාලනය කරන්න පුළුවන් (ම)
මෙයාව එලවන්න තියෙන්නේ - ශිෂ්‍ය සටන් බල්ලාට දැම්මේ මෙයා (බ)
රටක් පාලනය කරන්න ඉල්ලන අය මුලින්ම තමන් නීතියට ගරුකරන්න ඕනෑ. හොර පාස්පෝර්ට් එකකින් පැමිණෙන එක, වීසා නැතුව ඉන්න එක... මේවා ලොකු වැරදි. රටේ නීතිය සැමට සමාන වියයුුතුයි (නි)
මොහු ගිය සැරේ ලංකාවෙන් පිටුවහල් කලාම මොහු ජීවත්වන ඔස්ට්රලියාවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ලංකාවට දොස් කියමින් අපහාස කළා. (ම)
ලංකාවේ නිතිය අනුව කටයුතු කරන්න (ම)
අපේ රටේ ඉන්න මේ වගේ අය නිසා තමා රට විනාස වෙන්නේ. මෙයාගෙන් මොකක්ද රටට වෙලා තියන හෝ වෙන්න පුළුවන් සෙත. රටේ පැවැත්මට වලකපන රජයන් අස්ථාවර කරන්න උත්සහ අයට ඕනේ යලි රටට තිබුන ව්‍යසනය ගේන්න. මොකද එයාලගේ බඩ පිරෙන්න එ්ක වෙන්න ඕනේ. එ්ක නිසා මේවා කරන්නේ. මේ කුමාර් අපේ රටේ පුරවැසියෙක් නොවේ. වහාම පිට කරන්න. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරින් වලට ඕනේ විදිහර රට පාලනය කරන්න බෑ. (ස)
අපි නම් කියන්නේ එයාව පිටුවහල් කරන්න ඕනෑ කියලයි (නි)
හොඳින් සිතා බලා තීරණයක් ගන්න එක හොඳයි (නි)