වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔහු අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු තාප්පයකින් පැන දුවන්නට උත්සාහ කළැයි පොලිසිය කියයි.
වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.
පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි පළමු වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය.
ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ යෙදී සිටි ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය හා දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිති.
1980 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඔහු දේශපාලනය ඇරඹීය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුමාර් ගුණරත්නම් කෑගල්ල උසාවියට?
දුෂාන්ත Wednesday, 04 November 2015 07:40 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)