පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රුවන්වැල්ල අඟුරුවැල්ලේ නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ මවගේ නිවසේ සිටියදී ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවත් ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බවත් පොලිසිය පවසයි.
වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.
පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය.
ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ යෙදී සිටි ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය හා දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිති.
1980 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඔහු දේශපාලනය ඇරඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය හරි නැතැයි කියා මොරදෙන මෙවන් දේශපාලන පක්ෂ වල ඇති හරය හා වැදගත්කම වගේම නීතියට ගරුකරන ආකාරය මෙවන් පුවත් වලින් මනාවට පැහැදිලි වේ. රටක ආගමන විගමන නීතියක් තිබේ නම් එයට අප කවුරුත් ගරුකළ යුතුය. (නි)
මොහු රඳවා ප්‍රශ්නකර නැවත ඔහු කලින් සිටි ප්‍රදේශයටම යැවීම හොඳ යැයි මම සිතමි (නි)
මෙයාලගේ පක්ෂයෙන් රටට වුණ එක හොඳ දෙයක් කියන්න බලන්න (නි)
රටේ සැබෑ ජාතික සංහිඳියාවක් ඇති කිරීමට නම් ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලනඥයින්ට ජාතික දේශපාලනයට පිවිසීමට ඉඩදිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මීටවඩා පුළුල් දර්ශනයක් සහිතව ක්‍රියා කළයුතුයි. කරුණා අම්මාන් ජාතික දේශපාලනයේ සිට ජාතිවාදී දේශපාලනයට යොමුවීම අපට ගත හැකි ආසන්නම උදාහරණයයි. (නි)
දැන්වත් පාඩමක් ඉගෙනගනීද? (නි)
බලාගෙනයි. දැන් සමහරු කලබලවෙන්න පුලුවන් (නි)
ඊළඟට මොනවා වෙයිද? අපි බලමු (නි)
මට නම් හිනා යනවා. මේ ඉන්න ගමන් සරසවි වල ළමයින්ව ගොනාට අන්දවා විදි බස්සවන්න හිත හිත ඉන්න ඇති. කෙලින්ම පටවලා ආපු රටටම යවන්නයි තියෙන්නේ . (ම)
ළඟදි සිදු වු සිසු කලබගෑනි පසුපස ඇති වසංගතය දැන් පැහැදිලියි. (ම)
කට්ටියක් එළියට දාන්න කියලා උපවාස කරනවා. එයාලා බලන්න තව කට්ටියක් පිටරටින් එන්න හදනවා. හැංගිලා ඉන්නේ මොකටද කියලා අපිට හිතාගන්න පුළුවන්. නැවත ලංකාවට එන්න බැරි විදියට කටයුතු සිදුවෙනවා නම් අපි හරිම කැමතියි (නි)
තමන් වරදක් කර නැත්නම් ඉතින් බයවෙන්න අවශ්‍ය නැහැනේ (නි)