ෆුල් ෆේස් හෙල්මට් පැළැද ඉංගිරිය පෝරුවදණ්ඩේ හෝටලයකට ගිය තිදෙනකු නැවතීමට කාමරයක් ඉල්ලා කළමණාකරුගේ මාලය කඩාගෙන ඔහු කාමරයකට දමා දොර වසා පැන යද්දී කාමරයෙන් එළියට ආ කළමණාකරුට වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
කොල්ලකරුවන් යතුරුපැදියකින් පළා ගිය බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොන්සු, පොඩ්ඩක් කල්පනා කරන්න අමාරුද ඇත්තටම? ෆුල් ෆේස් හෙල්මට් වලින් අනතුරකදී වැඩි ආරක්ෂාවක් තියෙනවා කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා.(නදී)
අනිත් වර්ගයේ හෙල්මෙට් දැම්මත් අදුනගන්න බැහැ. ක්ෂණිකව කඩා ගත්තා ගියා. හොරා දැකල පුරුදු කෙනෙක් නම් අදුනගන්න පුළුවන්. (නදී)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න බැරිද? හිසේ සිට දෙපතුළ දක්වා මුළු ශරීරයම (ඇස් දෙක පවා)ආවරණය කරගෙන ඕනෑම තැනකට යන්න මේ රටේ අවසර දීලා තිබෙනවා. එහෙම එකේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්නේ කොහොමද? (නි)
ෆුල් ෆේස් හෙල්මට් නිසා අනතුරකදි වැඩි ආරක්ෂාවක් සැලසෙනවා. ඕන නම් තහනම් කරන්න පුළුවන්, 88-89 භීෂණ කාලේ එහෙම කරා. එහෙම කරා කියල හොරකම අඩුවෙන්නෙ නැහැ. තුවාල වැඩි වෙනවා. මාල කඩන්නෙ නැති බැරි කමට නෙමෙයි. හොරාට ඕන ඉක්මන් සල්ලි. මිනිස්සු දැන් නීතියට බය නැහැ. සල්ලි තියෙනව නම් ලංකාවේ ඕන දෙයක් කරන්න පුළුවන්. පාලකයන්ගේ ආදර්ශ බොහෝ වැරදිවලට මාර්ගය විවර කරනවා. (නදී)
මෝටර් බයිසිකල් තහනම් කලානම් හරි. හෙල්මට් තහනම් කරන්න කියලනේ හැම මෝඩයාම කියන්නේ (නදී)
අපේ රට දැන් ෆුල්ෆේස් හෙල්මට්ධාරි කොල්ල කරුවන්ගේ පාරාදීසයි. (නදී)
ලංකාවේ ඔය කාමර වැඩේ තමයි තරුණයන්ට හෙණේට හිටලා තියෙන්නේ (නි)
මාල කඩන එක දැන වසංගතයක් වෙලා. මේ ලගදි මගේ යෙහෙළියෙක්ගෙ මාලයක් කඩා ගත්තා. එයා පොලිසි ගියා. ඇය දීපු තොරතුරු අනුව පොලිසිය සැක හිතන සැක කරුවෙක් ඉන්නවා. ඒත් පොලිසිය එයාට කියල තියෙන්නේ “මිස් ඔය මිනිහා අල්ලගෙන ආවාට ඇත්ත කියන්නෙ නැහැ. දෙකක් තුනක් ගහන්න වෙනවා. ඒත් දැන් එහෙම කරොත් මානව හිමිකම් කඩකලා කියල අපේ රස්සාව නැති කරනවා“ කියලා. කොතනද හරි කොතනද වැරදි කියල මටත් තේරෙන්නෙ නැහැ. අපේ රටේ මානව හිමිකම් සමහර වෙලාවට බාගෙට බේක් කරපු කේක් ගෙඩියකට දාපු අයිසින් සැරසිලි වගේ. පෙනුමට ලස්සනයි. කෑවම බඩ ලෙඩවෙනවා. (නදී)
පොලිස්පති තුමනි වහාම ෆුල්ෆේස් හෙල්මෙට් තහනම් කරන්න (නදී)
රටේ ජනතාවට සොරබිය , නියං බිය, ජල බිය, සත්ව ඝාතන, වන ගිණි , මිනිස් ඝාතන,අපචාර,ජාති භේද , ඡන්ද බිය, බඩුමිල බිය, ජීවත්වීමේ බිය, කුඩු - ගංජා බිය,රත්තරන් බිය. එහෙම පැලුවාම විශාලා මහනුවර තුන්බියත් බියක්ද ? (නදී)
ෆුල්ෆේස් හෙල්මෙට් තහනම් කරන්න බැරි , ඒක මානව හිමිකම් කඩ කිරීමක් වෙන නිසාද නැතිනම් ෆුල්ෆේස් හෙල්මෙට් වලින් කාට කාටත් ප්‍රොයෝජන තියෙන නිසාද? (නදී)
දැන් අපිට නිවාඩුවකට හරි ලංකාවට එන්න වෙලා තියෙන්නේ තියන හඩුම ඇඳුම ඇඳගෙන කන කර ඉන්න රටේම තියලා. සෙරෙප්පු දෙකක් දාගෙන තුන් වේලම කන්න නැතිවුන ගානට ගුවන් යානාවෙන් ගොඩ බහිනන වෙලා තියෙන්නේ. (නදී)
පෝරුව දණ්ඩ ප්‍රදේශයේ මේ දවස් ටිකේම මාල කඩාගෙන යන සිද්ධි කීපයක් සිදුවුණා. සේරම යතුරු පැදිවලින් ආපු පුද්ගලයන් තමා ඒවා කරලා තියෙන්නෙත් (නදී)
ඒ කියන්නේ හෝටලය ඇතුළට ඇවිල්ලා තියෙන්නෙත් බයිසිකලයකින්ද? ඇතුළට එනකොට බලන්න කිසිම ආරක්ෂකයෙක් හිටියේ නැද්ද? (නි)