
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට දකුණු කොරියාව ක්‍රියාත්මක කළ ‘නව ගම්මාන’ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතියක් ඔස්සේ සමස්ත ජනතාවගේ මනස වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනා එකතු වීම අනිවාර්ය සාධකයක් බවත් දකුණු කොරියානු ආපදා කළමනාකරණ පදනමේ සභාපති චෝ සන් ලී මහතා පැවසීය.
දකුණු කොරියාව 1970 දශයේ ‘නව ගම්මාන’ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ජනතාවගේ මනස වෙනස් කරමින් ගම් මට්ටමින් දියුණු කිරීම ආරම්භ කළ බවත් මීට වසර 50 කට පමණ පෙර ඉතාම දුෂ්කර ගම්මානව පැවැති එම ගම්මාන මේ වන විට ඉතා දියුණු නගර බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.
එම ව්‍යාපෘතිය ඔස්සේ සියලුම දෙනා මහන්සි වැඩ කරන සංකල්පය හදුන්වා දුන් බව කී ඒ මහතා දකුණු කොරියානුවන් දහවල් කාලයට නිදාගන්නේ නැති බව ද සඳහන් කළේය.
රටක් දියුණු කිරීමට නම් එම රටේ සියලු දෙනාම වෙලාවට වැඩ කිරීම අනිවාර්යෙන්ම සිදු යුතු බවත් කිසියම් කෙනෙකුට එන්න කියා පැය භාගයක් පරක්කු වන්නේ නම් එය බරපතළ ප්‍රශ්නයක් බවත් දකුණු කොරියානු ආපදා කළමනාකරණ පදනමේ සභාපති චෝ සන් ලී මහතා එහිදී සඳහන් කළේය.
දකුණු කොරියාව මෙන් ශ්‍රී ලංකාව ද වසරකට වී ගොවිතැන වාර තුනකදී ක්‍රියාත්මක කළ යුතු බව කී ඒ මහතා කම්මැලි වුවහොත් රට ගොඩනැගිය නොහැකි බව ද කීය.
ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් අනිවාර්යෙන්ම විධායකය, ව්‍යවස්ථාව, අධිකරණය සහ අධ්‍යාපන ඇතුළු නිර්ණායකයන් සංශෝධනය කළ යුතු බවත් දියුණු යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කරගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
රටේ නායකයා වෙනත් රටවල්වලින් ඉල්ලාගෙන ඒම එතරම් හොඳ ක්‍රියාවක් නොවන බව කී චෝ සන් ලී මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ගොඩ ඒමට නම් ආයෝජනයන් තුළින් විශාල ව්‍යාපාර නිර්මාණය කරගත යුතු බවත්ය.
සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී අද (21) පැවැති විශේෂ දේශනයකදී දකුණු කොරියානු ආපදා කළමනාකරණ පදනමේ සභාපති චෝ සන් ලී මහතා එසේ පැවසීය.
(ඡායාරූප: කිත්සිරි ද මෙල්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන වැඩක් නෑ මහත්තයෝ. රට කුජීත වුණත් තියෙන බලය රැකගන්නේ කොහොමද කියලා කිව්වා නම්...!
අපේ රටේ ඉන්න හරක් ටිකයි, හොරු ටිකයි රට පාලනය කරද්දී, අපේ රට කවදා ඒ තත්වයට ඒවිද?
ඔය මොන දේ කරන්නත්, නීත්‍යානුකූල ජනාධිපති කෙනෙක් පත්කරගෙන කුලී නියෝජිතයෝ වෙනුවට නියම මහජන නියෝජිතයෝ පත්කරගෙන ඉන්න වෙනවා. අනික ලංකාවේ මිනිස්සුන්ගේ මනසට මුකුත් වෙලා නැහැ. අර හොරු රැළ ගියා නම් රට ඉබේම ගොඩ...
අනිවාර්යයෙන්ම, මේ මනුස්සයා කියන දේම තමයි අපිත් කියන්නේ...!
කිසිම දෙයක් අවශ්‍ය නෑ. තරාතිරම නොබලා වැරදි කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය ක්‍රියාත්මක වීමේ වේගය සීඝ්‍රගාමී ලෙස වැඩිකිරීම පමණයි අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම දේශපාලනඥයින් ඉහළ රාජ්‍ය නිලධාරීන් සඳහා අවශ්‍යයි. රට නිකම්ම දියුණුවට යනවා...!
ඒවා කරන්න පුළුවන් දකුණු කොරියාවේ... මේ ශ්‍රී ලංකාවේ ඉන්න අය බලයට ආපු දවසේ ඉඳලාම කරන්නේ තමන්ට හොරකම් කරන්න පුළුවන් ව්‍යාපෘතිවලට උදව් කරලා ගාණ කපන එක. අනෙක්වාට කුඩම්මාගේ සැලකිලි. එහෙම නැතිනම් හිතාමතාම එපාකරවලා ඒ වැඩේ වලපල්ලටම යවනවා. ඒක බොරු නෙවෙයි නම්, අපි තමයි ලෝකෙ පළමුවෙන්ම අත් ට්‍රැක්ටරය හැදුවේ... කොන්ක්‍රීට් සිල්පර කොට හැදුවේ... මොකද ඒවාට වුණේ..? තව ඕනේ තරම් නව නිෂ්පාදන වැළලිලා ගියා...!
ලංකාවේ නායකයින් බලය ඉල්ලන්නේ රට හැදීමට නොව තමනුත් හැදී තම සනුහරේත් හැදී සම්පත්වලින් ආඩ්‍යව ජීවත් වීමටයි. ඉහළ ඉඳන් පහළටම හොරකම, දූෂණය, වංචාව තියනකොට රටක් හැදෙයිද? වර්තමාන පාලන පැලැන්තියම ඉවත්කර රට හැදීමට අවංකවම කැපවෙන කණ්ඩායමකට බලය දියයුතුයි.
ඔය මොනවා කිව්වත් වැඩක් නෑ... මේ අයගේ ගැහිල්ල නවත්වනකන්.... අපේ අයට සල්ලි සාක්කුවට එන්නේ නැත්නම්, ඔය මොන රටින් ආවත්, මොන හොඳ දේ කිව්වත් හරියන්නේ නැහැ.
මහත්තයා, මේ රටේ ඉන්න ගොබ්බ මිනිස්සු කරන්නේ පාදඩ කුපාඩින්ව පාලනයට පත්කරගෙන ‘‘කනෝ කනෝ‘‘ කිය කිය වැළලෙන්න හදන එක විතරයි. ඔබට අපි ගරු කරනවා මේ වගේ අදහසක් හරි දුන්නු එකට...
අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ අදහස් තියෙනවා මේ රට දියුණු කරන්න අවශ්‍ය... නමුත් ඒවාට සවන්දෙන නායකයින් නෑ. ගියපාර ඇත්තටම රට අපි දියුණු කරමු නවීන අදහස් අරගෙන කියලා පත්කෙරුවා වියත්මග කියලා. මහාචාර්ය වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්. රජයට උපදෙස් දෙන්න. ඉතිරි හරිය අවශ්‍ය නැහැනේ. අපරාදේ කියන්න බෑ දැන් ඒ ගොල්ලෝ කියනවා මෙහෙම වෙන්න හේතු... අන්න එහෙමයි ඒ මහත්තුරු මේ රට දියුණු කෙරුවේ. වැරැදි දේවල් කරනකම් කසාය බීපු ගොළුවෝ වගේ හිටියා. පස්සේ හේතු කියනවා. අනික මේ රටේ ව්‍යවස්ථාව සම්පූර්ණ නෑ. අඩුපාඩු ගොඩයි. තමන්ගේ ආසනය දිනාගන්න බැරි කෙනා (මහජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්) මහජනතාවගේ කැමැත්තෙන් තොරව රටේ ජනාධිපති වෙන්නේ කොහොමද? කිහිප දෙනෙක් එකතුවෙලා ඒ අයගේ ආරක්ෂාවට, පැවැත්මට ව්‍යවස්ථාව හදවනවා. මිනිස්සුන්ට ඒකට බලපෑමක් කරන්න බෑ. මේවා සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙලා තියෙන්නේ. ඒත් කව්ද මේවා කරන්නේ...?
වෙලාවට වැඩ නොකිරීම ලංකාවේ දේශපාලකයින්ගේ ගතියක්. ඊට හේතුව ඔවුන්ගේ ඇති මහන්තත්ත කමයි.
ලංකාවේ සත්‍ය තත්වය දැකලා කොන්ද කෙලින් තබාගෙන ඇත්ත කතා කරන්න පුළුවන් විදේශික උත්තමයෙක් මේ වගේ ප්‍රකාශයක් කළා කියන එක හිතා ගන්නවත් බැරි තරමේ වටිනා වැඩක් .මීට අවුරුදු 40 කට පෙර දුප්පත්කමේ පහලම සිටි දකුණු කොරියාවෙන් එරට ආපධා කළමනාකරණ පදනමේ සභාපති චෝ සුන් ලී මහතාට ඔහුගේ වචන ටිකට දහසින් බැඳි පිලියමක් තෑගි ලෙස දුන්නත් මදි.එතරම් වටිනවා .ඉතින් මේ කතාව ,දෝශාරෝපනය අසාගෙන මුලසුනේ සිටි අනුශ පස්කුවෙල්ට සරමේ වසුරු පිටවෙන්න ඇති .ලැජ්ජා තියන මිනිහෙක් නම් දේශපාලනය ඔතනින්ම නතර කරලා බෙල්ලේ වල දාගන්න ඕන රටට කරපු අපහාසයට
මේ රටේ ඉන්න 90% හරකුන්ට මේක කියලා තේරුම් කරන්න බැහැ .දේශපාලන හොරු මොනවා කිවුවත් ඒවාට එහෙයි කියන මී හරක් ඉන්නකම් රට හදනවා බොරු .මුලින්ම එකම දෙයි කරන්න ඕනේ.අධිකරණය ස්වාධීන කරලා නියම අධිකරණයක් පිහිටුවනතෙක් අපේ රට හදනවා බොරු
මෙම ප්‍රවෘර්තියට දාලා තියන කමෙන්ට් වලට් ,ඩිස්ලයික් දාලා තියන ආකාරයෙන් පේනවා වහල් භාවය
නායකයො බිහිවන්නෙ ජනතාවගෙ හැටියටයි. ලංකාවෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ මහන්සි නොවී සල්ලි හොයන්න සහ ඉල්ල ගෙන කන්න. මේ ව්‍යසනය එන්න කලින් ලංකාවේ බඩු කෙතරම් ලාබද? නමුත් ඒ නයට අරගෙන ආන්ඩුව තව බදුත් අඩු කරල සහන මිලට දුන් නිසා. JVP එක පවා හොරකම ගැන කිව්වට සාමාන්‍ය මිනිසුන් මහන්සි වී වැඩ කල යුතු කතාව කියන්නෙ නැහැ. සරල ජීවන රටාවකට පුරුදු වී මහන්සි වී වැඩ කල යුතුයි
මේ කාලකන්නින්ට ඕව කියල වැඩක් නෑ මහත්තයෝ.ඕකුන් දන්නෙ, කොමිශන් ගන්න ,පගා ගහන්න,වංචාව දූශනය වගේ දේවල්.ඕකුන් කාලය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ.ඒකනෙ ඔය ඇමතියෙක් ඔය විදියට පරක්කු වෙලා ඇවිත් තියෙන්නෙ.
මොහුව අගමැති කරන්න බැරිද?
හිඟා කෑමයි..., දූෂණයයි, වංචාවයි, හොරකමයි... ජාතික ප්‍රතිපත්තියක් වෙලා තියෙන අපේ රටේ අයට කොහේද ලැජ්ජාවක්...?
මේ ඇමැති විනාඩි 30ක් පරක්කු වෙලා නේද ආවා කියන්නේ...? ඒ ගැන සඳහනක් වත් නැහැනේ. දාන්න එපා කිව්වද?
අර සොහොන් -හයිනද මොකාද කියන එකා ගෙනාපු වෙලේ මේ මනුස්සයාව මේ ගෙනවානම් මොකෝ. මේවගේ මනුස්සයෙක්ට හැර දැන් ඉන්න එකෙකුටවත් මේ රට හදන්නනම් බෑ. මෙහෙනම් එහෙම කෙනෙක් පේනතෙක් මානෙක නෑ. හැම එකාම අඩුපාඩු, වෙච්ච වැරදී කියවනවා විතරයි. එකෙකුටවත් වැඩපිළිවෙලක් නෑ. "වියත්මගේ" සෙට් එකට මුලික ආර්ථික විද්‍යාව ගැන ටිකක් මේ මහත්තයාට කියලා ඉගැන්නුවා නම් වටිනවා. .... එතන හිටපු මහත්තුරුන්ට කලිසමේ ...වෙන්න ඇති. එ කතාව අහලා.
කොරියන් මහත්තයෝ... මොවුන් ජානගත හොර තක්කඩි රැලක්. මොවුන්ව හදන්න සක්කරයාටවත් බැහැ... විනාශ වෙන්න ඉඩදෙන්න... නැත්නම් ඉතින් ලෝකෙටත් බරක්..., පිළිලයක්.. මේ රටේ බහුතරයක් ඉන්නේ කාලකන්නි...!
ඔය වෙලාවට වැඩ කිරීම කොරියාවේ වගේ රටක කළාට අපිට කරන්න බෑ. අනෙක් අපේ රටේ අයගේ IQ ලෙවල් එක කොරියාවත් ජපානයටත් සාපේක්ෂව ඉහෂයි. අපි කොටින්ම කියනවනම් ඊශ්‍රායලයේ අයටත් වඩා දක්ෂයි. නමුත් අපිට වැදුනේ වැඩක් කරන්න නොදන්න නිසා සහ ඉන්න අයෙගන් වැඩ නොගන්න නිසා. අපි පොඩි දේකට හුරේ දැම්මට කාලය රන් හා සමානයි කියපු ලෝකයේ එකම ජාතිය වෙන්න ඇති. අවසානයට අපේ ආයතිනක යාන්ත්‍රයේ සහ නිලධාරීන්ගේ කළමනාකරණ නොහැකියාව නිසයි මේක වෙන්නේ. පිරමීඩ ව්‍යුහය වෙනස් කරලා බලන්න. මේ රට හදන්න අමාරු නෑ.