ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය හෙළි කළ පැනමා පත්‍රිකාවල සඳහන් ලංකාවේ පුද්ගලයන්ගේ ලිපිනවලට ලියුම් යවා නිදහසට කරුණු විමසන බවත්, දින 14ක් ඇතුළත පිළිතුරු නොලැබුණහොත් හෝ සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔවුනට විරුද්ධව කටයුතු කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව මේ ගැන සෙවීමට කමිටුවක් පත් කර ඇති බව ද ඔහු පවසයි.
කරුණානායක මහතා මේ බව කීවේ මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමිනි.
මේ අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළ දශකයේදී ඩොලර් බිලියන 20ක් (රුපියල් කෝටි 2000) පමණ රටින් පිට කර ඇති බවයි.
එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ 2011 වසරේ බවත් එය ඩොලර් බිලියන 4.6ක් (රුපියල් කෝටි 466) බවට ගණන් බලා ඇති බවත් රණවක මහතා කීවේය.
ටියුනීසියාවේ බෙන් අලි රටින් පැන්නූ වත්කම්වලින් මේ වන විට සොයා ගෙන ඇත්තේ සියයට එකක් පමණ බවත්, රටින් පැන්නූ වත්කම් සොයා ගැනීම ලේසි පහසු නොවන බවත් රණවක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ කව්රු වුණත් පරීක්ෂණ කිරීමට බාධා නොකළ යුතුය. බොරුකාරයන් දැන් කටපියාගෙන තමාගේ එකාව සුද්දකරන්න හදනවා නම් ඒවාට ඉඩනොදීමට නීතිය කටයුතු කරන්න (නි)
රකිත් ඔබ නිවැරදිය. (හේ)
මොවුන්ගේ අම්මාගේ අප්පාගේ දේපොළද මේවා? අපේ රටේ මාස් පඩිකාරයා ගෙවපු බදු සල්ලි නේද හොරකම් කරලා තියෙන්නේ! අනිවාර්යෙන්ම සෙවිය යුතුයි මේ හොරකම්. (නි)
දැන් ඉතින් ලියල එවයි හොරකන් කරා කියලා :(අ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
මේ මම නම් බටහිර රටක ඉන්න ගමන් ඒ රටේ රස්සෙවෙන් බදුත් ගෙවල ඉතුරු සල්ලි මුල්‍ය ආයෝජක සමාගමක් හරහා ඔය විදිහට ආයෝජනය කරනවා. ඔහොම ගිහින් ඒවටත් නිදහසට කරුණු අහවිද දන්නේ නැහැ තවම ලංකාවේ ද්විත්ව පුරවැසිකම තියන් ඉන්න නිසා.හැබැයි අපි ඉතුරු කරලා ලංකාවට සල්ලි එවනකොට නම් ඔක්කොම හොඳයි. (අ)
ඇල්ලුවට හපන්න පුලුවන්ද ....? (බ)
තම උදර පෝෂණය ගැන පමණක් සිතා ඕනෑම ජඩ දේශපාලනයක් වෙනුවෙන් පෙනීසිටින, බහුතරක් මෝඩ ආත්මාර්ථකාමී ජනතාව සිටින රටක එම ජනතාව තමා කළ පව් ගෙවන්නේ මේ විදිහට තමයි. (නි)
සල්ලි හොයපු විදිහ නීති ගරුක නම්, සල්ලි කොච්චර හෙව්වත් භය වෙන්න දෙයක් නැහැ,. මොකද ඒවා හොයපු ක්‍රමේ පෙන්නන්න ඕන තරම් ලිකිත ශාක්ෂි තියෙන නිසා. (සෑම සාධාරණ ගනු දෙනුවක්ම සිද්ධ වෙන්නේ ලිකිත ශාක්ෂි මත) හැබයි, එහෙම නැතුව නම් ටිකක් භය උනාට කමක් නැහැ. (ර)
සහාන්, ඔබ බය වෙන්නේ ඇයි? සහීර් කියන දේ හරි, නීති විරෝධී අයුරින් මුදල් තැන්පත් කළා නම් බයවුනාට කමක් නැහැ. පැනමා ගනුදෙනු කළු සල්ලි සුදු කිරීම් නිසා ඒ කට්ටිය නම් බය වුනාට කමක් නැහැ. (ර)
ඩොලර් බිලියන 20ක් කියන්නේ ඇමරිකානු ඩොලර් නම් රුපියල් බිලියන 2900ක් විතර. රුපියල් කෝටි 290,000 වගේ විශාල මුදලක් නේද? (නි)
මේ සියලු දෙනා ගැනම වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කල යුතුය. (ර)
කුම්බලා මාළු කාපු බළලෙක් විඳවනවා ශ්‍රී ලංකාවේ නම් අපට තවමත් දකින්නට නැත. බාගෙට කාලා තේ දල්ල නෙළන කම්කරුවාත්, දරුවන් දමා විදේශ සේවයේ යෙදෙන අපේ අම්මලාත්, රටේ ඉන්න පීඩිත පන්තියත් නිතරම අගේට විඳවනවා නම් දකින්නට ඇත. (නි)
ජාතිය ආගම ඉස්සරහට දාගෙන තමයි සමහරු අපරාධ, නීතිවිරෝධී වැඩ කරන්නේ. මුළු ලෝකෙම රැවැට්ටුවත්, තමන්ට තමන් රවට්ටන්න බැරි බව ඒ අය දැනගන්න ඕනෑ. (නි)
එතනෝල් වලටත් කිව්වේ ඕකම තමයි. මේ ගොල්ලන්ට ඇමතිකම් හම්බවෙන්නත් බැරිකමක් නැහැ මේ රටේ වෙන දේවල් බලනකොට (නි)
දැන් ඔය පරීක්ෂණ ඔය ලයිස්තුවේ ඉන්න දේශපාලකයින්ට සම්බන්ද අය ගැනත් කෙරෙනවද? (ර)
නිකන් ෂෝ එකක්. මේ කරුණු ඔප්පු කරන්න බැරි බව කවුරුත් දන්නවා. (ර)
මේ සියලුදෙනා ගැනම වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කළයුතුය. ඊටපස්සේ ජනතාව මොනවා කරන්නද? (නි)
සල්ලි අහසින් වැටෙන්නේ නැහැ. හොයපු හැටි කියන්න හැකි වියයුතුයි. එහෙම බැහැ කියන්නේ අයථා ක්‍රම වලට මුදල් හෙවූ අය විතරයි. (නි)