කුමන්ත්‍රණකාරී කුඩා කල්ලියට මුහුණ දෙන්න සියලු දෙනා සිටිනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(07) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

‘ජනාධිපතිතුමත් අගමැතිතුමාත් පක්ෂයේ අනිත් සාමාජිකයනුත් ඒ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මේක ආණ්ඩුවට විරුද්ධව කරන වැඩක් මේකට හැමදෙනාම සහයෝගයෙන් මුහුණ දෙනවා ඒ වගේ ජි.එස් .පී සහනය මේ මාසේ අග ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලැබෙනවද ?

උත්තරය - ආණ්ඩුවේ කොටස් කරුවෝ නෙවෙයි නේ

ප්‍රශ්නය - තුනෙන් දෙකක් හම්බ වෙයිද ?

උත්තරය- සමහරවිට

ප්‍රශ්නය- දෙමළ සන්ධානයේ සහාය ලැබේද

උත්තරය- මම දන්නේ නැහැ හෙට බලන්න

Ravi201667DSC_2905