දෙසතියක් තිස්සේ පාකිස්තානයේ පවත්නා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමනය කිරීම සඳහා පකිස්තාන හමුදාව කැඳැවීම හැර කළ හැකි අන් දෙයක් නැතැයි පාකිස්තාන අභ්‍යන්තර ඇමැති චෞද්‍රි අලි නිසාර් ඛාන් යුද හමුදා නායක ජනරාල් රහීල් ෂරීෆ් මැදිහත්කරු ලෙස නම් කිරීමත් සමඟ පාකිස්තාන හමුදාව බලය අල්ලා ගැනීම සඳහා කුමන්ත්‍රණය කරතියි කටකතා පැතිරී යයි.
ජනප්‍රිය පුජකයකු වන තහීර් උල් කද්රි හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඉම්රාන් ඛාන් අගමැති නවාෂ් ෂරීෆ්ගේ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරති.
චෞද්‍රී පාර්ලිමේන්තුව හමුවේ පැවසුයේ උද්ඝෝෂකයන් කිසිවකු විශ්වාස නොකරන බවයි .ඔවුන් පුන පුනා පැවසුයේ යුද හමුදාව කෙරෙහි පමණක් විශ්වාස තබන බවයි.යුද හමුදාව මැදිහත් වී පවත්වන සාකච්ඡාවලට පමණක් එකඟ වන බව උද්ඝෝෂකයන් සඳහන් කළ බව ද ඔහු කියයි.
ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ලැබීමෙන් පසු ස්ථාවර ආණ්ඩුවක් නොතිබූ එකම දකුණු ආසියානු රට පාකිස්තානයයි. වරෙක චන්ද වලින් පත්වෙන ආණ්ඩු තවත් වරෙක හමුදා ආණ්ඩු. (දී)