IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කමිටු සාමාජිකයෝ තතු පහදති

සුනමි පාපන්දු අරමුදලේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් සරත් වීරසේකර මහතා විසින් 2013 ජූනි මස 25 වැනිදා ලංකාදීප පුවත් පතට කරන ලද ප‍්‍රකායෙන් පාපන්දු ක‍්‍රීඩාව කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බැවින් පාඨකයන්ගේ දැන ගැනීම උදෙසා කමිටුවේ තවත් සාමාජිකයන් සිවු දෙනකුගේ අත්සනින් යුත් ප‍්‍රකාශයක් එවනු ලැබ ඇත. එම ලිපියේ පිටපත් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතාටත් යොමුකර තිබේ.

කමිටු සාමාජිකයන් සිවු දෙනා විසින් එවනු ලැබ ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය හා නිවැරදි තොරතුරු පාඨකයන්ගේ දැන ගැනීමට සැලැස්වීම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන අපගේ යුතුකමක් හා වගකීමක් ලෙස සලකන්නෙමු.

ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කෙරුණු සුනාමි පාපන්දු අරමුදල් වැය කිරීමේදී සිදු වී ඇති අක‍්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව මගින් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් සය සාමාජික විමර්ශන කමිටුවක් පත්කරන ලදී. එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානි ආනන්ද පීරිස්, හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ, යුද හමුදාවේ බි‍්‍රගේඩියර් ධම්මික කාරියවසම් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මසිරි මුණසිංහ වන අප ය.

අප විමර්ශන කටයුතු ආරම්භ කළ නමුත් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ලද ලිපියක් අනුව විමර්ශන කටයුතු අතරමග නවතා දැමීමට සිදුවූ අතර විමර්ශනය අවසන් නොකළ බැවින් කමිටුව විසින් අවසන් වාර්තාවක් සකස් නොකරන ලද බව වගකීමෙන් යුතුව සඳහන් කරමු.

සරත් වීරසේකර මහතා විසින් විටින් විට පුවත්පත් වෙත නිකුත් කරනු ලබන්නේ ඔහු විසින් තනිව සකස් කරගත් වාර්තාවක් මිස කමිටු වාර්තාවක් නොවේ. කමිටු සාමාජිකයන් වන අපගේ ඒ සඳහා කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් සම්පූර්ණ විමර්ශනයක් සිදු නොකළ බැවින් ඔහු විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව කමිටුවේ සාමාජිකයන් වන අපි එකහෙළා ප‍්‍රතික්ෂේප කරන බවත් දන්වා සිටිමු.

එමෙන්ම කමිටු සාමාජිකයන් වෙත ක‍්‍රීඩා ඇමැතිවරයා බලපෑම් කළ බව සඳහන් කිරීම ද සම්පූර්ණ අසත්‍යයකි. ක‍්‍රීඩා ඇමැතිවරයා කොයිම අවස්ථාවකදීවත් අපහට බලපෑම් නොකළ බව සඳහන් කරන අතර ක‍්‍රීඩා ඇමැතිවරයා කමිටුවේ සාමාජිකයින් කැඳවූ අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි නොවූ සරත් වීරසේකර මහතා මෙවැනි අසත්‍ය ප‍්‍රකාශයක් කිරීම ගැන අපි පුදුම වෙමු.

කමිටු සාමාජිකයන් ලෙස අප අපහසුතාවයට පත් කරමින් හා අපගේ කීර්ති නාමයට හානි වන අයුරින් අප සම්බන්ධ කරමින් විටන් විට කරන ප‍්‍රකාශ නවතා දමන ලෙස ක‍්‍රීඩාවේ නාමයෙන් එතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

අත්සන් කළෝ
1. විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති . කේ.පී.පී. පතිරණ
2. විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති . උපාලි හේවගේ
3. යුද හමුදා බි‍්‍රගේඩියර් . ධම්මික කාරියවසම්
4. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි . පද්මසිරි මුණසිංහ

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ප‍්‍රධානී ආනන්ද පීරිස් මහතාත් මෙම කමිටුවේ සාමාජිකයකු වූ නමුත් ඒ මහතා උක්ත ලිපියට අත්සන් තබා නොතිබිණ.



අදහස් (0)

කමිටු සාමාජිකයෝ තතු පහදති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site