පසුගියදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමු තිබිණ. මෙම දිනය පිළිබඳව ඇති වැදගත්කම දැන හෝ නොදැන කිම් කාර්ඩිෂන් කරනු ලැබූ කාර්යය පිළිබඳව බොහෝදෙනාගේ විවේචනයට ලක් වූහ. එයට හේතු වූයේ කාන්තා දිනය වෙනුවෙන් ඇය තමාගේ නිරුවත් ඡායාරූපයක් ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමේ පළ කිරීමයි. මේ පිළිබඳව බොහෝදෙනාගේ විවේචන හිමිවූයේ ඇය එම ඡායාරූපය කාන්තා දිනය වෙනුවෙන් පළ කර නිසා බව කියවේ. කෙසේවුවත් ඇතැම් දෙනා කියා සිටියේ කිම් කාර්ඩිෂන් සෑම දෙයක්ම සඳහා අලුත් දෙයක් ඉදිරිපත් කරන නිසා කාන්තා දිනයටත් නව මුහුණුවරක් ලබා දුන් බවයි.
ඇයගේ මෙම ක්‍රියාව හේතුවෙන් ඇයට නඩු පැවරීමට සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වයි. කාන්තා සංවිධානයක් විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා නෛතික ක්‍රියාමාර්ගය ගන්නා බවට මෙම විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd