මෙරට කීර්තිමත් කම්කරු නායකයකු වු ඒ ඊ ගුණසිංහ මහතාගේ 123 වැනි ජන්ම දිනය සැමරීම හා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම කොළඹ පිටකොටුව ගුණසිංහපුරදී අද උදෑසන පැවැත්විණි.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ගුණසිංහ පිළිරුවට මල් දමක් දමා පුෂ්පෝහාර දැක් වු අතර ගුණසිංහ මහතාගේ දියණිය වන ලලිතා ගුණසිංහ කොන්ස්ටන්ටයින් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු දේශපාලකයින් පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.
ලංකා කම්කරු පක්ෂයේ නායක විජිත කදිරගෝන මහතා උත්සවට සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මැයි 01 වෙනිදට පාරවල් දිගේ එක එක පාට ඇදගෙන කෑ ගහ ගහ කඩේ යන එක්කෙනෙකුටවත් මෙතුමා මතක් වෙන්නැතිව ඇති. (ස)