වැඩකරන සැබෑ ජනතාවගෙන් මැයි දිනය ගැන විමසූ විටඉන් බහුතරයක් මැයි දිනය පිළිබදව කිසිදු දැනුමක් නොමැති අතර ඇතැමුන් දේශපාලකයන්ට දොන් නගයි.
ඇතැම් කම්කරුවවෝ එන්න කියන නිසා හා සතුටුවීමට සංගම් වලින් කියන තැන් වලට යන බවත් කියති.
තමන්ගේ දිනය අන් අය සොරාගෙන ඇති බවට ද කම්කරුවෝ දොස් නගති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ ලිපියක් (නි)
මේ වගේ ජනතාව නිසා තමයි දේශපාලුවන් ජනතාව හූරාකන්නේ. මේ අය දැනුවත් කිරීම රජයේ වගකීමයි (නි)
මෙම ලිපියේ දැක්වෙන කරුණු ගැන මම එකඟයි. අපේ අධ්‍යාපන ක්‍රමයත්, වෘත්තීය සංගමුත්, දේශපාලකයොත් මේකට වගකියන්න ඕනෑ. එසේම කම්කරුවන් තමාගේ අයිතීන් ගැන නොදන්නා තරමට පාලකයින්ටත්, ව්‍යාපාරිකයින්ටත් හොඳයි (නි)
සමහර කම්කරු පක්ෂවල නායකත්වයට ඉන්නේ එකම පවුලේ අය. ඔවුන්ගේ වැඩ ගැන අපි දන්නවා (නි)
මෙම අහිංසක කම්කරුවන්ගේ දිනයත් හූරාගෙන කන්න හදන දේශපාලුවන්ගෙන් මෙම අහිංසක ජනතාව බේරා ගනිමු. (නි)
මැයි දිනය මොකක්ද කියලා ඔය කම්කරුවන්ගේ කරපිටින් යන දේශපාලුවන් කවුරුත් දන්නේ නැතුව ඇති. ඔය රැස්වීම් වලට කම්කරුවෝ එන්නෙත් නැහැ. බත් පැකට් එක සහ නොමිලේ විනෝද චාරිකාවකට සහභාගී වෙන්න කැමති පිරිස තමයි වැඩි හරිය ඉන්නේ. ඒවාට අමතරව "ඊළඟ ඡන්දෙදි අපිව පත්කරපල්ලා" කියන පණිවිඩය විතරයි ඒ මිනිසුන්ට ලැබෙන්නේ. (නි)
මැයි දිනය කියන්නේ ලංකාවේ නම්, තවත් දේශපාලන රැස්වීමක් විතරයි. (ර)
දෛනික කමිකරුවන්ට කම්කරු දිනයෙන් පලක් නැත. එදිනට ඔවුන් වැඩ නොකලොත් බඩගින්නේ තමයි. එදිනට වැටුපක් ප්‍රධානය කරන්න කවුද කථාකරන්නේ. තවම බැරි වුනා අවංක රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් රජ කර ගන්න. (ර)
කමකරුවෝ තියා මංවත් ඕක දන්නේ නැහැ. මන් දන්නවා ඕක 1886 මැයි 4 චිකාගෝ නුවර පැය 8ක සේවා කාලයක් ඉලා පැවැත්වූ උද්ගෝෂණය සමරන්න යොදා ගත බව. එත් ඇයි ලංකාවේ ඕක පෙළපාලි ගිහින් සමරන්නේ, එකෙන් ලංකාවේ කම්කරුවන්ට ඇති වෙච්ච සෙතේ මොකක්ද කියල තාම දන්නේ නෑ... දන්න කවුරු හරි ඉන්නවනම් කියලා දෙන්න. (ර)
සුසන්ත ඔබ නිවැරදියි. ඔබගේ අදහසට මාත් එකගයි. (ර)
මේවා අහනකොට පුදුම දුකක ඇතිවෙන්නේ, මේ මිනිසුන් තමන්ගේ ඓතිවාසිකම් නොදන්නාකම දේශපාලුවන් එදා සිටම ප්‍රයෝගනයට ගත්තා. (ර)
තමන්ගේ දිනය අන් අය සොරාගෙන ඇති බවට කම්කරුවෝ දොස් නඟන එකට නම් මමත් එකඟයි (නි)
මැයි දිනය වෙනුවෙන් වියදම් කරන කෝටිගණන් මුදල් මේ අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් වියදම් කළොත් හොඳයි නේද? එහෙමෙ වුණොත් මේ දවස උතුම් කම්කරු දිනයකුත් වෙයි නේද? (නි)
ප්‍රේමදාස මහතාෙග් කාලයේ තමයි නියම විදියට කම්කරුවන්ට උරුම නියම දිනයක් ලැබුනේ (නි)
ලංකාවේ මැයි දිනය කියන්නේ එක් එක් පක්ෂවල දේශපාලකයින්ට මෝඩ මිනිසුන්ගේ පිහිටෙන් පිම්බෙන්න තිබෙන දවසක් විතරයි. කම්කරුවන්ට ජයවේවා කියලා පෙළපාලි යන්න ඕනෑ වැඩ කරන මිනිස්සු. ඔවුන් අර දේශපාලුවාට ජයවේවා, මේ දේශපාලුවාට ජයවේවා කිය කියා කාගේහරි පස්සේ වැටිලා පෙළපාලි යනවා. දූෂණය නැතිකරන්න කියලා එන ශුද්ධවන්ත ඇමතිලා පටන් ගන්නෙම ලක්ෂ 500-700 කාර් අරගෙන. කවදා හැදෙයිද මේ රටේ මිනිස්සු. (නි)
පේනවා නේද අපේ රටේ දේශපාලකයෝ තමන්ගේ පස්සේ වැටීගෙන ඉන්න වහල් පරපුරක් හදලා තියෙන හැටි. මේ මිනිසුන්ගේ පිහිටෙන් පළාත් සභා, පාර්ලිමේන්තු යන උදවිය කෙතරම් සැප විඳිනවද, කෙතරම් ධනයක් එකතු කරගන්නවද? නිල්, කොළ, රතු බේදයකින් තොරව උතුරු නැගෙනහිර මන්ත්‍රීලා නම් අඩුගානේ තමන්ගේ ජාතියේ ජනතාව වෙනුවෙන් වැඩකරනවා. එ්ත් අනිත් පළාත්වල දේශපාලුවෝ! (නි)
ඉතාම හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)
අර කම්කරුවන් වෙනුවෙන් ලොකුවට කතා කරපු, මේකේ ලොකුවට අදහස් එහෙමත් දැම්ම කම්කරු හිතකාමින්ට මේවත් පෙනේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද කම්කරුවෝ ඉන්නේ ලොකු පුටුවල නෙමෙයි නිසා (නි)