‘පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරනවා යැයි කී රුපියල් 2500 තාම දීලා නෑ. කම්කරු ඇමැති කෙකර ගානවා විතරයි. තාම බිත්තරේ වැටුණේ නෑ. මේක අනිවාර්යයෙන් නීතියක් විදියට ගේන්න ඕනෑ. ඒකත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා නම් පුද්ගලික අංශයේ සේවකයටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ සිද්ධියෙන්ම මේ ආණ්ඩුවේ බොරුව පේනවා.‘ යි නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
බොරැල්ලේ ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.
හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, චන්ද්‍රසීරි ගජධීර, ගාමිණි කොල්ලුරේ මහත්වරු ද ඊට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනම් අටක් අපටත් වැඩිකර දෙන්න... (නි)
බලන්නකෝ කට්ටියගේ අදහස් ටික... (නි)
බහුතරයක් දෙනා පසුගිය කාලේ කළේම කෙකරගාන එක විතරයි. දමපු බිත්තරයක් නම් දුටුවේ නැහැ. (නි)
කවුරු කවුරුත් කරන්නේ කතා පවත්වන එක විතරයි. තවම වැඩ නම් වුණේ නැහැ (නි)
හැමදාම කියන්නේ එකම බණ දේශනාව. අලුතින් කියන්න දෙයක් නැතිව ඇති. (බ)
අනේ මහත්වරුනේ ඔයාල ඇමතිවරු වෙලා අවුරුදු ගානක් හිටියනේ ඇයි ඔයාලට කරන්න බැරි වුනේ කෙකර ගගා හිටිය නිසාද. (බ)
මුළු රටම කොරගහනවා (රේ)
දීන්, දිලිප් , පරාක්‍රම ඔබ තුන් දෙනාම හරි.මටත් අලුතෙන් වෙන ලියන්න දෙයක් නැත.(රේ)
විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්න ඕන නේද ? (ම)
මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ මෙතුවකින් වයසට ගිය නමුදු මේ කිසිවෙකුත් හට මේ සොච්චමවත් අරන් දෙන්න බැරි වුනානේ? ඉතින් තරුණ කාලේ බැරි වුන දේ මහළු වෙලා කෙසේ අරන් දෙන්නද? බඩ වියත රැකෙන්නට කරන මාධ්‍ය සංදර්ශනම පමණකි. (බ)
එයාට මෙයාට බෝල පාස් කර කර ඔය කවුරුත් කලේ හා කරන්නේ කෙකර ගැහිල්ල තමයි. අපි නොදන්නවයැ. (අ)
මෙතුමාත් තමාගේම පක්ෂයේ කණ්ඩායමකගේ මූලිකත්වය ගෙන මැතිවරණයට ඉදරිපත් වුනානම් අද ඔය වගේ "කොක් හඩලන්නේ" නැහැ නේද ? (බ)
වැඩිහිටියන්ට අනුකම්පා කල යුතුය.(රේ)
අජිත් කරුණාරත්න,මේ කුකුලෝ දාපු බිත්තර ඇත්තෙත් නැහැ .මේ ගොල්ලන්ගේ සපෝට් ඇතත් නැතත් කිකිලියෝ බිත්තර දානවා (බ)