හොරණ පාසල් බස් හා වෑන් රිය අසූවක් අද පරීක්ෂණයට භාජනය කැරිණි. පොලීසිය, මෝටර්රථ පරීක්ෂකවරු හා බලපත් නිලධාරින් එහි වූහ.
වාහන 23ක් ධාවනයට නුසුදුසු බව ඔවුහු නිගමනය කළහ.
ඒවායේ බලපත් රඳවා ගත් නිලධරයෝ මාසයක් ඇතුළත අලුත් වැඩියා කර පෙන්වන ලෙස නියෝග කළේය.
සුළු අඩුපාඩු සහිත වාහන පිළිසකර කර පොලීසිය පෙන්වන ලෙස ද නියම විය.
මෝටර් රථ පරීක්ෂකවරුන් වන උපුල් ප්‍රේමකුමාර, ඒ මල්දෙණිය හා රථවාහන පොලිසියේ ස්ථානාධිපති රංජිත් ජයන්ත මහත්වරු ද මේ සෝදිසියට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයල බැලුවොත් රට පුරාම තියෙනවා.හොරණ විතරක් නොවෙයි. (ස)
අද හොරණ පොලිසියට අවුරුදු වගේ ඇති .(නදී)
කසිකබල් වාහන ගොඩක් තියෙනවා ළමයි අදින්න නෙවෙයි පාරේ යන්නත් බැරි. පොලිසිය විතරක් නොවෙයි දෙමව්පියනුත් හොයාබලන්න ඕන ළමයි යන වාහන ගැන මීටවැඩිය.(ස)
අද හවසට එහෙනම් අවුරුදු සාජ්ජේ. (ත)
මේවට නීති නම් තියෙනවා, නමුත බලාත්මක නැහැ.කසිකබල් කඩාවැටෙන වාහන වල දැයේ අනාගතය සැමන්ටින් වගේ අහුරලා ගෙනියනවා. (නි)
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ පියවරක්. රට පුරාම ක්‍රියාත්මක කරමු.(ස)
බොහොම හොඳ වැඩක්. මේක රට පුරාම ක්‍රියාත්මක කරන්න ඕනෑ, අපේ පාසල් ළමයි ආරක්ෂා කරගන්න (නි)
ඉතාම අත්‍යවශ්‍ය පරීක්ෂණයක් ඉතාම සාධාරණව කරලා තියෙනවා. දරුවන්ට හෙට ඉඳල යන්න වාහනේ නැති වුනෙත් නැහැ. වාහන හිමිකරුවන්ටත් නඩු නොදා අලුත්වැඩියවන්ට කල් දීලත් තියෙනවා. වැඩේ හරියට කෙරෙන බවට පසු විපරමකුත් තියෙනවා. පොලිසිය ඔයවගේ බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඕන තරම් ප්‍රසංශා ලැබෙයි. (ස)