IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැබ්රියට යටකර මරන්න හදලා

(ඉන්දිකා රාමනායක)

පලෙයි ඒ 9 මාර්ගයේ දී හිතාමති පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුහමලේ ප්‍රදේශයේ පදිංචි යූ තිරුබරාජ් (28) නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

පෙර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන මොහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග  ඉහත ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඔහු සමග බිහින් බස් වී ඔහුට කඩුවකින් පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයා සිද්ධිය පලෙයි පොලිසියට පැමිණලි කිරීම සදහා රාත්‍රියේ ම ඔහුගේ කැබ් රථයෙන් පොලිසිය වෙත ගමන් කරමින් සිටියදි ඒ 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන් තිදෙනා මාර්ගයේ ගමන් කරනු දැක සැකකාර ව්‍යාපාරිකයා ඔවුන් තිදෙනා කැබ් රථයෙන් යටකර නොනවත්වාම කැබ් රථය පලෙයි පොලිසිය වෙත පැමිණ බාර වී ඇති බවද පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සැලවීමත් සමග පොලිසිය තුවාල ලබා සිටි පුද්ගලයා පලෙයි රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇත.

 

 



අදහස් (0)

කැබ්රියට යටකර මරන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site