අධිවේගී මාර්ගයේ පින්නදූවදී කබරයකු බේරීමට තිරිංග තද කළ කාරයකට පසුපසින් ආ වාහන 5ක් එකට ගැටී 14 දෙනකු තුවාල ලැබූ බව අධිවේගී මාර්ග නිලධරයෝ කියති.
තුවාලකරුවෝ කරාපිටිය රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට ආසන්නයෙන් (89 කිලෝමීටර් කනුව අසල) අනතුර සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි ලංකාවේ ප්‍රශ්නේ, සත්තු බේරන්න ගිහින් මිනිස්සු අමාරුවේ දානවා. (බ)
මොන වේගයෙන් ගියත්, තත්පර තුනේ නීතිය පිලිපදින්න. ඉදිරියෙන් යන රිය කණුවක් පසුකල විට, 133, 134, 135 යනුවෙන් ගනන් කිරීමට පෙර ඹබ එම කණුව පසු කරයි නම්, ඹබ අනිවාර්යෙන්ම සිටින්නේ අනතුරකට අත වනමිනි.(අ)
අධිවේගී මාර්ග ආයතනය මේවට වන්දි ගෙවියයුතුයි (අ)
මේකත් සාමාන්‍ය මිනිසුන්ගේන් අය කරන්න වෙයිද (අ)
හැමකරදරයක්ම පින්නදුවෙන්. නම වෙනස්කලොත් හොදයි කියලයි මගේ අදහස. (අ)
නඩත්තු කිරීමේ දෝෂයක් (බ)
කරාපිටියේ නම් ඉන්නේ තුවාලකරුවෝ 05යි.....(බ)
මෙතන ප්‍රශ්නේ සත්තු නෙමෙයි වාහන අතර බ්‍රේක් කරන්න ඕනේ පරතරයක් තියාගෙන එලවන මෝඩ රියදුරන් ය (බ)
ජෝසප් පෙරේරා මහතා හරි අපේ අය යන්නේ මුට්ටුවෙලා. පරතරයක් නැ. පරතරය තියාගෙන යනවානම් අඩුගානේ ඉරි 3/4ක් වත් මේ දේ වෙන්නේ නැ (බ)
මංගල නිකන් ලංකාවට අපහාස කරන්න එපා. මේකේ වැරදිකරුවන් වෙන කවුරුත් නොවෙයි පිටිපස්සේ ආව රියදුරන් (බ)
මංගල මෝඩයෙක් වගේ කතාකරන්න එපා වාහන අතර නියමිත පරතරය තබාගෙන එලවන්නෙ නැති මෝඩයින් හප්පගන්නවා (කෞ)