වෛද්‍යවරුන්ටත්, වෘත්තීයවේදීන්ටත් අපහාස වන අයුරින් අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් තම මතය කුමක්ද යන්න ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් වහා රටට හෙළි කළ යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පාදඩයින් ආදී වචන භාවිතා කරමින් අගමැතිවරයා වෘත්තීයවේදීන් අමතද්දී තමන් පාදඩ පක්‍ෂයක් නොවන බව පෙන්වීමට නම් එක්සත් ජාතික පක්‍ෂ ලේකම් කබීර් හෂීම් මහතා වෘත්තීයවේදීන්ගෙන් සමාව ගත යුතු බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂය කඩාගෙන ගිය බවට එස්.බී දිසානායක අමාත්‍යවරයා කරන චෝදනාවල කිසි`දු සත්‍යතාවයක් නැතැයි කී අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්‍ෂ මහතා කිසි දිනෙකත් එක්සත් ජාතික පක්‍ෂය දිනවීමට හෝ වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමට කටයුතු නොකළ බවද ස`දහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ බොරැල්ල, ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේගොල්ලෝ බබාලා (බ)
දැන් ඔක්කොම බබාලා . අපි මැරිලා ඉපදුනේ නැහැ ආයුබෝවන් !(කෞ)
රටේ නායකයා අනික් අයටත් මුළු රටටමත් ආදර්ශමත් විය යුතුයි.කෙනෙකුට සමජය ඉදිරියේ අපහාස කර සිනාසීම ඉතා පහත් ගතියක්.(ම)
"කළවැද්දා, තිරිසනා, පාදඩයා" කියන වචන වලට වඩා බරපතල වචනයක් කියුවේ අපේ අගමැතිතුමාට ප්‍රසිද්ධ වයසක වාමාංශික හිටපු ඇමතිවරයෙක්. ඉතින් මේ "කළවැද්දා, තිරිසනා, පාදඩයා" වචන මොනවද....(බ)
ඔය පාදඩ කතාව ගැන ඔබලාගේ තර්කය මොකද්ද කියල අපට නම් තේරෙන්නේ නැහැ. කොහොමත් ඔබලාගේ තර්ක ගැන අපි හොඳින් දන්නවනේ.(අ)
ඇත්ත, ඒ වගේම ඔයාල මුළු ජනතාවගෙන්ම සමව ගත යුතුයි (ම)
අනේ අපි නොදන්නා ඩලස් ඇමෙරිකාවේ ඉඳන් ඇවිත් අපිට උගන්නන හදනව අපි දන්නවා එයාගේ කෙරුවාවල් ඔතන ඉන්න ඔක්කොම කම්බා හොරු (අ)
මෂ්බා, සෑම්, ඹයගොල්ල ඩලස් ගැන දන්න දේවල් අපිටත් කියනවද. (ර)
වුර්තිය වේදීන් නම්බුව රැකගන්න විදිහට ඉන්ට ඕනි. ගොඩක් දොස්තරලාට ඔලුව ඉදිමිච්ච ගතිය තියනවා , මෙරටේ තව උගතුනුත් ඉන්නවා. (ර)
මේ වගේ කතා කියන දෙන්න හොඳ නෑ. (ර)
අනේ බයිලා එපා මහත්තයෝ. ඔයාලගේ කාලේ එහෙම සමාව ගත් අය කී දෙනෙක් හිටියද? මේකේ නම් එක්කෙනෙක් හරි ගෙදර ගියා. (නි)
අනේ අපි නොදන්නා කට්ටිය? (නි)
මේ වගේ පොඩි කථා අහුලාගෙන නැවතත් බලයට එන්න උත්සාහ කරනවට වඩා, ජනතාව තමන් ප්‍රතික්ෂේප කළ හේතුව පක්ෂය තුළ නිවැරදි කරගෙන ජනතාව ඉදිරියට එන්න. නැත්නම් ජනතාව ප්‍රතික්ෂේප කළ යුගය නැවත ඇති කිරීමට ජනතා වරම ඉල්ලීමක් නොවන්නේද? වෘත්තීයවේදීන් අතුරුදහන් කරනවාට වඩා " පාදඩයන්" යන වචනය බරපතලද? ජනතාව විසින් පත් කරගත් කවර හෝ පාලනයක් කිසියම් සංගමයක පාලනයකට යටත්වීමට ඉඩ ලබාදිය යුත්තේ එය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නිසාද? කව්රු පක්ෂ හැදුවත් කව්රු පක්ෂ කැඩුවත් ජනතාවට අවශ්‍යවන්නේ, වංචාවෙන් දුෂණයෙන් තොර සාධාරණ සමාජයක් ගොඩනඟා ගැනීමට බව දේශපාලකයන් කව්රුත් තේරුම් ගතයුතුය. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
ඩලස් ගැන නෙමෙයි ප්‍රශ්නය. අගමැතිධූරයක් දරන කෙනෙක් වචන හසුරුවන්න ඕනෑ ඒ තනතුරට ගෞරවයක් වෙන විදිහටයි. ඔය ගති කලින් දැක්කේ “කලවැද්දා, තිරිසනා“ කියලා 2010 ජනාධිපති ඡන්දයේදී කෙනෙක් කියනකොට. ඔහු ගැන ජනතාව කළකිරෙන්න එක හේතුවක් වුණේ ඔහුගේ කතා විලාශය. දැන් අගමැතිත් ඒක අනුකරණය කරනවා නම් ඉතින් රටේ ඉදිරි පරම්පරාවට දෙවි පිහිටයි. (නි)
නැවත ජාතිවාදය ඇවිස්සීම මඟින් ජනප්‍රියවීමට සමහරු දරන උත්සාහය වහා පාලනය කළයුතුයි. (නි)
අගමැති කරන කතා සහ හැසිරෙන විදිය නම් අපිට හරිම අප්‍රසන්නයි. අපිට නම් ලැජ්ජයි. යූ එන් පී එකට අවංකව හිතවත් කවුරුවත් නැද්ද මේ වැරදි පෙන්වලා දෙන්න. (නි)
අද කිසිම දේශපාලඥයෙකු විශ්වාස කරන්න බැහැ. සැවොම අවස්ථාවාදියෝ. (නි)
"කළවැද්දා, තිරිසනා, පාදඩයා" කියන එ්වත් සිංහල භාෂාවේ තියන වචන. ඒවා සුදුසු තැන සුදුසු විදිහට පාවිච්චි කිරීමේ කිසිම වරදක් නැහැ. ඩලස් ගැනත් අපි නොදන්නවා නොවෙයිනේ! (නි)
ඒ කතාව නම් ඇත්ත මහත්තයෝ. හැබැයි ඊට කලින් හිරේ ගිහින් ඉන්න ඕනෑ මිනිස්සු ඉන්නවා නේද? (නි)
මේ විදියට කතා කරන්නේ ජනතාව පක්ෂ බදා ගෙන තමුන්ගේ පක්ෂයේ කෙනෙක් මොන වරද කලත් ඒක නිවැරදි කිරීමට උතසාහ ගන්න නිසා. එංගලන්තයේ අගමැති කවදාවත් ඔහොම කතා කරන්නේ නැහැ, එහෙම කතා කලොත් ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරන බව හොඳින් දන්නා නිසා. එංගලන්තේ මිනිස්සුන්ට පක්ෂ වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් ප්‍රතිපත්ති. අපිට ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන නම් පක්ෂ ගැන හිතන එක නවත්වන්න ඕන. ඒවෙනුවට රට ගැන හිතන්න ඕන. (ර)
නිකන් හිතලා බලන්නකෝ පහුගිය මාස තුන තුළ එයා කළ කතා ටික ගැන. සමරගේ, ඔයා හරියට හරි. එදා කලවැද්දා කියපු කට්ටිය අද සද්ද නැතුව පාර්ලිමේන්තුවේ. (නි)
ඔයාලා කොහොමත් සංවර කතාවට බොහොම දුර්වල අය. (නි)
සන්නස්ගල මහත්තයාගේ සිංහල පන්තිය පාර්ලිමේන්තුවේ පවත්වමුද? (බ)
"කළවැද්දා, තිරිසනා, පාදඩයා" කියන එ්වත් සිංහල භාෂාවේ තියන වචන. ඒවා සුදුසු තැන සුදුසු විදිහට පාවිච්චි කිරීමේ කිසිම වරදක් නැහැ. ඩලස් ගැනත් අපි නොදන්නවා නොවෙයිනේ! (බ)