සෑම සතියකම අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම නිතිපතා මගහරින ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය කෝපය පළ කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු නොකරන බවද කියති.
පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ දෙසට හැරුණු ජනපති නියෝගයක් කළේය.
ජනපති කියා සිටියේ සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සියලු ඇමැතිවරුන් සහභාගී විය යුතු බවයි. ඒ සඳහා ඔවුන් සෑම අඟහරුවාදාවකම පෙරවරු 9 සිට දහවල් 12 දක්වා කාලය වෙන්කර තබාගත යුතු බවද ජනපති සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය හිතනවා ඇති ඕකට එන්නේ මොන එකකටද කියලා. අනෙක් එක ඊටවඩා වටිනවනේ මහජනතාවගේ ඕනෑ එපාකම් හොයලා බලන එක. (නි)
සම්පප්‍රලාප වැඩි ඇති (බ)
එක්කෙනෙකුට දඬුවම් දෙන්න. එතකොට හැදෙයි.
ගරු ජනාධිපතිතුමාගේ කාරුණික බව, මෘදු බව මේ ගොල්ලෝ වැරදි විදියට අර්ථකථනය කරගෙන ක්‍රියා කරනවා වගේ. (නි)
පඩි කපන්න ඕනේ (බ)
ඒක දැනගත්තෙත් පත්තරෙන්ද?
ඒ කියන විදිහට රැස්වීම් වලට එන්නකෝ අනේ. (නි)
එකෙන්ම පේනවා රටට වැඩ කරනවට වඩා තමන්ගේ පුද්ගලික වැඩ වලට සෑම අඟහරුවාදා දිනම සමහරු යොදාගන්නා බව. (නි)
හැම මන්ත්‍රී කෙනෙක්ටම පාර්ලිමේන්තුවේ ඇගිලි සටහන් ක්‍රමය යොදා සභා වාර රැස්වීම් හෝ කැබිනට් ආදිය අනිවාර්ය කළ යුතුයි. මිනිසුන්ගේ මුදලින් පඩි ගන්නවානම් ඇයි ඒක නොකරන්නේ (බ)
රේණුක, කාරුණික බව, මෘදු බව සහ බැරිබව! කරුණාකර වෙනස අඳුනගන්න! (බ)
කුරුණෑගල මත්‍රි එන්නෙම නැද්ද? (අ)
රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් ලබාදෙන දීමනාව වැඩි කරන්න (ම)
නව ව්‍යවස්ථා සංශෝධනයේදී මැති ඇමතිවරුන්ගේ නොමනා ක්‍රියාකලාපයටත්, ඔය වගේ නොපැමිණීම් ගැනත් මහජන මුදලින් ලෝකය පුරා විනෝද සංචාර යන ඒවාටත් නීති සම්පාදනය කරන්න. අපි බදු ගෙවන්නයි, මේ කට්ටිය පිස්සු නටන්නයි යන එකෙන් තමයි ජනතාවගේ බඩට වදින්නේ. (නි)