(ජේ.කේ.එල් චාමින්ද)
රත්ගම මොන්රෝවියා වත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිපදවන කාබනික පොහොර රාජ්‍ය ආයතන වෙත තොග වශයෙන් නොමිලේ ලබාදිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ විශේෂ අනුමැතිය හිමිවි ඇති බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පවසයි.
රත්ගම මොන්රෝවියා වත්ත ඝන අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයේ ටොන් 50 කට අධික කාබනික පොහොර තොග වශයෙන් තිබෙන බව පවසන පළාත් පාලන කොමසාරිස්වරයා දිනකට කාබනික පොහොර ටොන් 08ක් මෙහි නිපදවන බවද පවසයි.
ඉදිරියේදි රට තුල ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස ගෙවතු වගා කටයුතු සදහා අවශ්‍ය කාබනික පොහොර ලබා දීමට පළාත් පාලන දෙපාර්තමේන්තුවටත් පලාත් පාලන ආයතනවලටත් යම් හැකියාවක් තිබෙන බවද පළාත් පාලන කොමසාරිස්වරයා සදහන් කළේය.
දැනටමත් නියාගම ප්‍රාදේශිය ලේකම් චිතුර මිහිදුම් මහතා විසින් අනාගත අභියෝගය අවබෝධ කරගෙන කාබනික පොහොර ටොන් 5 ක් පමණ රැගෙන ගිය බව හෙතෙම පවසයි.
පුද්ගලික අවශ්‍ය අය සදහා කිලෝවක් රුපියල් 08ක සහන මුදලකට මෙම ස්ථානයට පැමිණ රැගෙන යා හැකි බවද පළාත් පාලන කොමසාරිස්වරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පෙහොර අඩු මිලකට වෙළද පොලට නිකුත් කරන්න. පාසල් වල වගා කටයුතු වලටත් නොමිලේ ලබා දෙන්න. රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරින්ටත් අවම මිලකට හෝ නොමිලේම දෙන්න. කාබනික පොහොර ජනතාව අතර ජනප්‍රිය කිරීමට ක්‍රමවත් වැඩ පිලිවෙලක් යොදන්න.
ප්‍රදේශයේ සෑම නිවෙසකටම පොහොර කිලෝ 10 එම ප්‍රදේශයට සුදුසු එළවළු බීජයි බෙදා දීමට ප්‍රාදේශීය කෘෂිකර්ම අධ්‍යක්ෂ හරහා වැඩපිලිවෙලක් යොදන්න.
මේක ඉතා හොඳ වැඩසටහනක්.