බෝම්බයක් පිපිරි තලංගම පොලිසිය අසල දී කාන්තාවන් දෙදෙනකු හා මිනිසකු මිය ගිය බව පොලිසිය කියයි.
කාන්තාවකට අයුතු යෝජනාවක් කළැයි කියන සිද්ධිය විභාග කිරිමට පොලිසියට එමින් සිටි පාර්ශව දෙකක් මේ සිද්ධියක් ලක් වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
හැර ගිය සැමියා ගෙන්වා එන බව කියන මුල්ලේරියාවේ කපුවකු ද මිය ගිය අය අතර සිටින බවත් පොලිසිය පවසයි. තුවාල ලැබු දැරියක (09) ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. කපුවා හමුදාව හැර ගිය සෙබලකු බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් සඟුන් වැඩි මේ ශ්‍රී ලංකාද්වීපයට මොකක්ද මේ වෙන විපත්තිය? තුට්ටු දෙකට මිනීමරනවා (නි)
මට තේරුම් ගන්න අමාරු අපි දැන් මේ ජීවත්වෙන්නේ චිකාගෝ වලද, අර ත්රස්තවාදීන්ගෙන් මුදවාගෙන තිබුණු ශ්‍රී ලංකාවේද? (නි)
රටේ අපරාධ රැල්ල වැඩිවෙලා වෙනසකට මුලපිරුවා (නි)
අර අහිංසක කිරි දරුවාට කරදරයක් නොවේවා.. වැඩිහිටියන්ගේ වැරදි වලට පොඩි දරුවොයි වන්දි ගෙවන්න වෙලා තියෙන්න..හරිම කණගාටුයි ..මේ දේවල් සිදුවෙන්න් උදේ හවස බණ අහන රටක්නේ. දැන් අපේ සමාජය මොනතරම් පිරිහිලාද. (බ)
මෙයාලා ළඟ බෝම්බ තියනවා නම්, පාතාලේ ළඟ මොනවා තියෙයිද? ලංකාවට වෙච්ච දෙයක්! (නි)
මේ රටේ දැන් පාතාලය එළිපිටම ක්‍රියාත්මක වෙනවා වගෙයි (නි)
මිනිස්සු නීතිය අතට ගැනීම දිගින් දිගටම වැඩිවෙනවා. රජයක් මේවා දිහා කිසිවක් නොකර බලා ඉන්නවා කියන්නේ ඒකට අනුබලදීමක්. උදාහරණයක් හැටියට පාරවල් අවහිර කිරීම අපි ගණන් නොගෙන හරින තරමටම සමාජගත වූ නීතිය අතට ගැනීමක් බවට පත්වෙලා. අපි මහා ඉහළින් කතාකරන නීතියේ ආධිපත්‍යය මෙහෙම හෑල්ලු වුණොත් අපි කාටත් විපාකත් ලැබේවි. (නි)