දේව ශාන්තියක් කරගැනීමට මහනුවර, කෙන්ගල්ල දේවාලයකට ගිය එක්දරු මවක දේවාලයේ කාමරයකදී දූෂණය කළැයි සැකපිට කපුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැමියා සමග එහි ගිය එම කාන්තාව ශාන්ති කර්මයක් කරගැනීමට උපදෙස් ලබා ඇති අතර කාසි කිහිපයක් දී එම කාසි ගලායන දිය පහරකට දමන ලෙස සැමියාට දන්වා ඔහු පිටත් කර ඇති කපුවා කාන්තාව දූෂණය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්වන ලෝකයේ නොදියුණු සහ නුගත් අය අතරේ තවමත් මෙම බොරු විකාර මනස්ගාත විස්වාස තියෙනවා ,(ම)
කාලෙකට පෙර නුවර පැත්තේ එක කපුවෙකුගේ ජඩ කෙරුවාව එක් මාධ්‍ය ආයතනයක් විස්තර හෙලිකළා . ටික කලකට පස්සේ තවත් මාධ්‍ය ආයතනයක් කපුවා ශුද්ධ කරමින් රාත්‍රී පුවත් වලටත් පෙන්නුවා. (බ)
ලංකාවේ ගොඩක් මිනිස්සු තාමත් නුගත් . පොඩ්ඩක් ඔය දේවාලයක් ළඟට ගිහිල්ල අහගෙන ඉන්න කෝ මිනිස්සු කපුවාට කියන දේවල් දෙයියන්ගෙන් ඉල්ලන්න කියල . මම අහගන හිටිය දවසක් මට හිතා ගන්න බැරි වුනා අපි ඉන්නේ 21 සියවසේද කියල (බ)
දෙවියෝ දේවාලවල නොවේ ඉන්නේ .ටිකට් විකුණාලා සංදර්ශන කරන්න එනවා කියලා තිබුනේ .රුපියල් 500 ටිකට් එකක් ගන්න ඔබේ නගරයේ තියෙන ගිනිවතුර කාර්යාලයකට එන්න කියලා. (අ)
ඕවා නම් මොනාද ?(හේ)
මෝඩ කමට බේත් නෑ කියන්නේ ඕකනේ. දෙයියෝ ශෝක් එකට ශාන්තිය ලබාදීලා තියෙන්නේ. මිත්‍යාදෘෂ්ටියත් පවක් ...(බ)
ලංකාවේ මිනිස්සුන්ට කවදා මොලය පැදේවිද මේ ශාන්තිකර්ම තොවිල් ගුරුකම් සම්බන්ධයෙන් ? මාසෙකට පාරක් මේ කපුවන්ගේ වංචා සහ විෂමාචාර ගැන පත්තර සහ මාධ්‍ය වල පලවෙනවා. මේ මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නැද්ද මන්දා ! දැන් ඉතින් පොලිසි උසාවිය ගානේ ගිහින් ශාන්තිය සොයන්න තමයි වෙන්නේ. කපුවන් කියාගෙන ඉන්නේ හපුවන් ! (බ)
රටේ පාලකයාව වසර දෙකකට කලින් ගෙදර යවපු කපුවන් ගැනවත් මේ මිනිසුන් අහල නැතිද (බ)
කපුවාගෙන් අතවර වන බහුතරයක් ගැහැනුන් මේවා පිටට පවසන්නේ නෙහැ , ඔවුන් එය රහසේ තබා ගන්නවා , කලාතුරකින් තමා මෙසේ එලියට එන්නේ . කපුවන් මේ බව දන්නා නිසා , එන සෑම ගැහැණු කෙනෙක්ම දුෂණය කරන්න යන්නේ , (බ)
ගැණු කෙනෙක් තනිපංගලමේ තමන්ගේ ගෙදර වැසිකිලියට යවන්නත් බැරි කාලයක් මේක. (ස)
චී, අප්පිරිය හිතෙන කතා කියන්න එපා ඉසුරින්දී. (ස)
ලෝකය දියුණු වෙන කොට මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු වෙනවා. එ්ත් සමහර ගෑණුන් තාමත් කොච්චර මෝඩද කියල හිතෙනවා. හෙළි නොවෙච්ච කීයක්නම් ඇතිද. ලංකාවේ මෝඩ ටෙලි නාට්‍ය බලන නිසා තව තවත් මෝඩ වෙනවා ඒවගේ ගොන් පාර්ට් බලල (බ)
ඉසුරන්දි නම් කොහෙන් හරි බැට කාල වගේ. (ස)
රටේ නායකයෝ මිත්‍යා මත පස්සේ දුවනකොට, හොර දෛවඥයන්ගෙන් හඳහන් බලනකොට , මොනවද අඹරන කොට සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද ? (බ)
මට මතකයි මිට කලිනුත් පුවතක ශාන්තිකර්මයක් මැදදී අවශ්‍ය ද්‍රව්‍යයක් ගේන්න කියලා සැමියාව බැහැරට පිටත් කරලා ආතුර කාන්තාවක්ව දුෂණය කළා යයි සඳහන් වුනා. මේ මිනිස්සු පත්තර කියවන්නේ නැතිව ඇති. (ස)
කමල් ගේ ගෙදර වැසිකිලියක් නැති පාටයි! (ස)