සෙල්ලකතරගම ඝණ දේවාලයට සිතූ පැතූ සම්පත් දෙන බව කියන පහනක් තනා දීමට එහි කපු මහතාගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි සැකපිට මොරටුවේ චේතිය මහගොඩගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් චේතිය මහගොඩගේට රුපියල් දස ලක්ෂයක ශරීර ඇප නියම විය.
චේතිය ඔහුගේ බිරිය ද සමග කිහිප වරක් දේවාලයට පැමිණ තමා සමග මිත්‍ර වී ඉන් පසු පහණ තැනීමට රුපියල් ලක්ෂ 30ක් දුන් බව කපු මහතා කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ තරමටම මෝඩ මිනිස්සුත් ඉන්නවා එහෙනම්? (නි)
අහෝ! කතරගම කපු මහත්තයාත් සිතු පැතූ දේ ලබන්නේ වෙන කෙනෙකුට කියලාද? එතකොට කතරගම දෙයියෝ දෙන්නේ නැද්ද? (නි)
අපි අහලා තියෙන්නේ සිතු පතු සම්පත් ඉල්ලන්න ඕනෑ දෙවියන්ගෙන් කියලයි. එහෙත් මේ කපු මහත්තො තමන් ළඟම ඉන්නවයි කියන දෙවියන්ට වඩා අහක හිටපු මනුස්සයෙක්ව විශ්වාස කළා එහෙනම්? (නි)
මේකේ කවුද සල්ලි දුන්නේ? කපුවද? මිනිහද? කැමැත්තෙන් දුන්නා නම් වරදක් නෙමෙයිනේ? (නි)
ඇයි දෙයියන්ට කිව්වේ නැද්ද ? (නි)
මේවට ඉතින් දෙයියොම සාක්කි කියන්න ඕනෑ.මෝඩ මිනිස්සු. පහනට හැකිද සිතු පැතු දේ දෙන්න? (නි)
දෙවියන්ට කියලා බලන්න පුළුවන්නේ (නි)
වලිගයක් නෙවෙයි ඔලුවෙන් උඩට නෙරපූ අන්දෙකක්. කොහොමත් කපුවා ළඟ තියෙන්නෙත් අන් අයගේ විස්වාසය හීනියට රවටා මංකොල්ල කාපුවා..(නදී)
සම්පත් ලැබෙනවා කිවොත් දෙවිවරුවත් විකුණනවා. (නි)
මම හිතනවා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති කියා! (නි)
කපුවටත් දෙවියෝ බලන්නේ නැත්තම් අනිත් අය ගැන බලයිද? (නි)
තව පොඩ්ඩක් හිතුවා නම් මේකට අහුවෙන්නේ නැහැනේ කපු මහත්තයෝ (නි)
ලක්ෂ 30ක් නරකම නැහැ. අපි මාසෙට වැටුප ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද . කපු මහත්තයට සියලු දෙයියන්ගේ පිහිට හා වාසනාව ලැබේවා.(නදී)
නමටම හරියන්න වැඩේ කරලා...!!! (අ)
කවද්ද ඔය පහන පත්තු කරන්නේ, දැන්මම ටිකට් එක අරන් ලංකාවට එන්න (අ)
හුගක් වෙලාවට මිනිස්සු කතරගම එන්නෙ කපු මහත්තුරු මගින් දෙවියන්ගේ පිහිට ගන්න.දැන් මෙතන වැරදිලා තියෙන්නෙ දෙවියන්ගෙන් වැඩ ගන්න කපු මහත්තුරු හොර නරයින්ගෙන් පිහිට ගන්න ගිය එක. (අ)
මිනිස්සු කපුවා ළගට යන්නේ ඒ අයගේ සිතුම් පැතුම් කපුවා ලවා දෙවියන්ට කියලා ඉටු කරගන්න. කපුවාගේ සිතුම් පැතුම් ඉටු කරගන්න කපුවා බැතිමතෙකුගෙන් සිතුම් පැතුම් ඉටු කරන පහන් හොයනවා. ඒ කියන්නේ දෙවියන්ට හැමදාමත් පුද පුජා කරන කපුවාට නැත්නම් පිළිසරණක් ..... අහිංසක බැතිමතුන්ට කාගේ පිළිසරනක්ද? (නි)
ඕකට ඔය තරම් කලබල වෙන්න ඕනෑ නැහැ. හැමෝම ආයෝජනය කරන මේ කාලේ කපුවා ලක්ෂ තිහ ඩබල් කරන්න හිතාගෙන පහනකට ආයෝජනය කරලා, පහන හැදුවා නම් ඉතුරිවෙලා තියෙන්නේ සිතු පැතූ සම්පත් දෙන පහන ගැන පොඩි ඇඩ් එකක් දාන්න විතරයි. (නි)
කපුමත්තයා අර මනුස්සයාගේ නමේ තේරුමවත් හිතුවනම්... (ස)
තවත් දේවාල වලට මේ වගේ පහන් හදා දීලද දන්නෙ නැහැ (නි)
අපේ අම්ම කියනවා බලපන් තාත්ත ද කියලා. (ස)
කතරගම කපුවො ලඟ තියෙන්නෙත් අහිංසක මිනිස්සු රවටල ගත්ත සල්ලි නෙ. (ස)
මේක හරියට "ඇලඩින් සහ පුදුම පහන" වගේ කතාවක්. හැබැයි වෙනස තියෙන්නේ මේ කතාව "මුදල් දෙවියන්ගේ මල්ලි" කියා අදහන අමන මිනිසුන් දෙදෙනෙකු පිළිබද සත්‍ය කතාවක් වීමයි. (නි)
සල්ලි දීපු උත්තමයට වලිගයක් තියන්නවද බලන්න. (ස)
කපුවා දෙවියන්ට කියලා බැතිමතුන්ට උදව් කළානේ. කපුවට දෙවියෝ උදව් කරලා නැහැ වගේ (නි)
ලක්ෂ 30 ක් ගෙවන්න ඔහුගේ ආදායම කීයද ? මෙතෙක් ආදායම් බදු ගෙවලද ? (නි)