යුද හමුදා සෙබළෙකු ඝාතනය කිරීමට හා තවත් හමුදා සෙබළෙකු ඝාතනය කිරීමට වැරදිකරු වූ යාපනය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු වූ ලාන්ස් කෝප්‍රල් එදිරිපාලට යාපනය මහාධිකරණ විනිසුරු සී ඉලංවේලියන් මහතා වසර 17ක සිර දඩුවම් නියම කළේය.
රුපියල් 20 000 ක වන්දි නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් තවත් දෙවසරකට සිරදඬුවම් පැනැවීය.
2002 අප්‍රේල් 14 වැනි දා යාපනය මීසාලෙයි කදවුරේ රාජකාරියේ නිරතව සිටි චන්ද්‍රසිරි සෙබළා වෙඩි තබා ඝාතනය කිරීම හා කාවින්ද සෙබළා වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් මෙන්ඩිස් මහත්තයෝ සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කිව්වේ නැත්තම් මෙච්චර දුර යන්නේ නෑ නේද. කටට එන හැමදේම කියන්න කලින් ටිකක් හොයල බලන්න (අ)
දැන් මහින්ද මහත්තයයි ගම්මන්පිල විමල් ඇතුළු ඒකාබද්ද විපක්ශය සටනට බහී මොහුව බේරා ගන්න (කෞ)
නීතිය කාටත් පොදුයි.(හේ)
හොඳ තීන්දුවක් වරදට හොද දඩුවමක්.(හේ)
රණවිරුවකු උවත් කරලා තියෙන්නේ වැරැද්දක්.(හේ)
දැන් සමහරු කියයි මේවා අධිරාජ්‍යවාදී බලවේග වල කුමන්ත්‍රණ කියලා (නි)
මෙන්න රණවිරුවෝ හිරේ දානවෝ! (නි)
කවුරු කළත් වරද වරදමයි (නි)
අනේ කමක් නැ අනේ එයාල සේරම ජාතික වීරයෝ නේ එලියට දාන්න .මහින්ද රාජපක්ෂ ඇතුළු අය මොන දේ කලත් එයාල වීරයෝ.සරත් ෆොන්සේකා කමක් නැ එය වීරයෙක් නෙමේ .මේවා කට කියන්නද (අ)
හයිබ්රිඩ් කට්ටිය මේවාට මොකද කියන්නේ ? (අ)
අනේ පව්. අපේ රණවිරුවෝ නේද හිරේ දාන්නේ ...? (නි)
නිදහස දිය යුතුයි මොකද මිනිහා රණවිරුවෙක්. සුවර් එකටම නයා ලකුණ හාමුදුරුවෝ හිරේ නොහිටියානම් උසාවියට පැනල මේකව බේරාගෙන. අපරාදේ.(අ)