ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්ෂ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ මහාධිකරණ නියෝග පරිදි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා විසින් ඇප පිට නිදහස් කරනු ලැබූහ.
ලක්ෂමන් දිසානායක හා රෝහන පුෂ්පකුමාර යන සැකකරුවෝ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් ලක්ෂ එකහමාර බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරිණි.
ලැරික් සමන් රාජපක්ෂ මහතා ඝාතනය කරනු ලැබූවේ පසුගිය වසරේ ජූලි දහතුන් වෙනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ෂෝක් දේවල් මේ දවස්වල අපේ අධිකරණයෙන් අහන්න ලැබෙනවා. හරි සතුටුයි. ඔහොම යන් (නි)
කප්රුක මැරුව එක හොද වැඩක් කියලයි මම කියන්නේ. ඔහු එහෙම කළේ තමන්ගේ අක්කා වෙනුවෙන් (නි)
දැන් එළියට ඇවිල්ලා නිදහසේ වැඩේ කරයිද කවුද දන්නේ? එහෙම වුණොත් තව මිනී කීයක් මැරෙයිද දන්නෙ නැහැ (නි)
ලක්මාල්, මට ඔබ ගැන සන්තෝෂයි. ඉතිහාසය මතක එකෙක් හරි ඉදීම ගැන (නි)
ලක්මාල්, මේ දසරාජ ධර්මයෙන් ජීවත් වෙන්නේ පුළුවන් කාලයක් නොවෙයි (නි)
හැමෝටම ඇප ලැබෙනවනේ දැන්. මට නම් තේරුම් ගන්න බැහැ. (නි)
කපල කොටල මෑරුවත් නිදහසේ එලියෙ ඉන්න පුලුවන් රටක් ලෝකෙ තියනවනම් ඒ ලංකාව විතරයි.(නදී)
ලක්මාල් ඔබ හරි. තමාගේ අක්කා වෙනුවෙන් මිනි මැරුවේ.(නදී)
මොවුන්ව පුනරුත්ථාපනය කරන එකයි වඩා හොද කියලයි මම නම් කියන්නේ (නි)
එතකොට ඔය වසර ගණන් හිරේ ඉන්න අය මොන වරදවල් කරපු අයද? අනේ රටට ගිය කලක්.(නදී)
හරි පුදුමයි නේ , මහදවාලේ දෙනෝදාහක් බලන් ඉන්දිදී , මිනිහෙක්ව කපල කොටලා මරපු කට්ටියටත් දැන් මාසෙන් දෙකෙන් ඇප හම්බවෙනවා , මේකෙන් වෙන්නේ තවත් අය මේවගේ අපරාද කරන්න පෙළඹීමක් නේද ? (නදී)
මේ මොකක්ද හේතුව කියලා මේ ලියන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔයාලගේ සහෝදරෙයෙකුට සැකකරුවන්ට වුණා වගේ දෙයක් වුනානම් ඔයාල කරන්නෙත් ඒ දේම තමයි. ලියන්න පෙර හොයලා බලන්න (නි)
මොවුන් නිදහස් කිරීම සාදාරනයි. සිදුවී ඇත්තේ කණගාටු දෙයක්.(නදී)
මොවුන් නිදහස් කිරීම සාදාරනයි මෙන්ම සිදුවී ඇති දෙය කණගාටුදායකයි (නි)
දැන් කප්රුක සැකකරුවන් නිදහස්. ආපහු කප් රුකවල් පැළ කරාවිද දන්නේ නැහැ. (නි)
මේක සිදුවුනේ මහා පාරේ. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ වැඩිම ජනගහන ප්‍රතිශතය ජීවත් වන දිස්ත්‍රික්කය. එතකොට මෙයාල නිකම්ම නිකන් සැක කරුවෝද? මෙයාලට කොහොමද ඇප ලැබෙන්නේ? ශරීර ඇප? මොහොතක් සිතාබලන්න! මෙය ඔබේ අවධානය පිණිසයි.(නදී)
කප්රුක තියෙන්නෙ දිව්‍යය ලෝකෙ මෙයාද ඒක හොරකම් කරන් ඇවිත් තියෙන්නෙ හොද දඩුවම.(නදී)