මීගලෑව දිනිඳු යශේන්ගේ සීයාගෙන් රුපියල් කෝටියක් ගැනීම එම දරුවා පැහැරගත් කොල්ලකරුවන්ගේ අරමුණ වී තිබිණැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
දරුවාගේ පියා ද මව ද අක්කා ද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.
රුපියල් 20,000කට ගත් නිවෙසක දරුවා රඳවා තබාගෙන ඇති බව ද මෙහිදී පැවැසීය.
කප්පම්කරුවන් පැමිණ ඇත්තේ දරුවා පැහැර ගැනීමට නොව ඔහුගේ පියා පැහැරගෙන දරුවාගේ සීයාගෙන් (මවගේ පියාගෙන්) රුපියල් කෝටියක් කප්පම් ගැනීමට බව පෙනේ යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කප්පම් ගැනීමේ අදහස පහළ වී ඇත්තේ දරුවාගේ පුංචි අම්මාට ඉදිරිපත් වූ මංගල යෝජනාවකින් පසුවය. ගෙවල් දොරවල් බැලීමට මනමාලයාගේ යහළුවකු ලෙස ආ පුද්ගලයාට කප්පම් කෑමේ අදහස ඇති වූයේ තම දුවට රුපියල් කෝටියක දායාද දෙන බව දරුවාගේ සීයා කී නිසා විය හැකි යැයි රෝහණ මහතා කීය.
එම පුද්ගලයා කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරුය.
දරුවාගේ පියාවන මහින්ද කුමාර පැහැර ගැනීම ආ කොල්ලකරුවන් අන්තිම මොහොතේ එම අදහස වෙනස්කර දරුවා පැහැගෙන ඇත.
සිව් වැනි දිනය වන විට රුපියල් කෝටිය රුපියල් 35 ලක්ෂය දක්වා අඩු කරගැනීමට සමත් වූ බවත් කප්පම්කරුවන් හා හුවමාරු කර ගත් සියලු තොරතුරු හා ඔවුන් සිටිනා තැන් නවීන තාක්ෂණ පිහිටෙන් හොඳින් හැඳින ගත් බවත් කීය.
දරුවා ජීවතුන් අතර සිටිනා බව සැකහැර පෙන්වීමට කප්පම්කරුවන් දරුවාගේ පංචායුදය එවා ඇත. පසුව සීයාට ද දරුවා හා කතා කිරීමට කොල්ලකරුවන් ඉඩ දී ඇත. එසේ කර ඇත්තේ සීයාගේ ඉල්ලීමකටය.
පංචායුධය දුන් පුද්ගලයාගෙන් ලත් තොරතුරු මත ක්‍රියාකළ පොලිසිය කප්පම්කරුවන් සිටින තැන් හොයා ගත්තේය. ඔවුනට පැන යාමට නොහැකිවන ලෙස ඔවුන් කොටු කළේය.
දරුවා ස්ථාන දෙකක රඳවා තබාගෙන ඇත. කප්පම් ලබා ගැනීමට සීයාව ස්ථාන හතකට ගෙන්වා ඇත. එහෙත් කප්පමින් සත පහක්වත් ලබාගැනීමට ඔවුන්ට නොහැකිවිය.
කප්පම්කරුවන් අත දුරකතන සිම් කාඩ් පත් හතක් තිබූ බවත් මෙම සිද්ධියේ දී ඔවුන් පාවිච්චි කරන ලද සිම් කාඩ් පත් දෙකෙන් එකක් කොළඹ නාට්ටාමි කෙනකුගේ නමට තිබූ බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.
එම සිම් කාඩ්පත් ලබා ගත් ආකාරය ගැනත් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ අනුව ඔවුනට ද දඬුවම් පමුණුවන බවත් කීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දේශ පාලුවෙක් මැදිහත් වෙලා කප්පම් කරුවන්ව බේරාගනී ඊට පස්සේ ගුරුත්මිය දැනගස්සපු නඩුවේ සාක්කි කාරයට වෙච්ච වැඩේ වෙයිද දන්නේ නැ. (දී)
පොලිසියට මල් මිටක් මගෙන් (දී)
හැමෝගෙම අදහස් දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා මනුස්සකම් කොයි තරම් ලස්සනද... සුනේත්‍රා ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාගේ දරුවන් වාසනාවන්ත වේවි....!! (දී)
මම ඊයේ පොලිසියට දොස්කියපු එක වැරදියි කියලා දැන් හිතෙනවා. (නි)
පුංචි පුතු හොයන්න වෙහෙසුන සියලුදෙනාටමත් , සියලුම පොලිසියේ නිලධාරීන්ටත් බොහොම පිං මෙන්ම ,ජාතියේ උපහාරය. මෙවන් අමානුෂික සිතුවිලි නැවත කිසිවෙකුටත් පහල නොවේවා! පුතුට තෙරුවන් සරණයි (දී)
මේ අපරාධේ කරපු මිනිස්සුන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනේ (දී)
මේක ආදර්ශයට ගෙන මෙවැනි අපරාද කාරයන්ට දැඩි දඩුවම් දෙන අලුත් නීති ගෙනෙන්න අවශ්‍යයි .අද වෙන අපරාද ගැන බලනකොට මේක පොලිසියටත් බලවත් ප්‍රශ්නයක්.අපරාද නොවන තැනට වග බලාගන්න ඕන .නිතිය තද කරන්නේ නැතිව අපරාද මර්දනය අපහසුයි .රජය ඉක්මන් පියවරක් ගන්න .මේ දරුවට මමත් සෙත් පැතුවා.මටත් මේ වයසේම ගැහැණු දරුවෙක් ඉන්නවා .පුදුම බයක් දැනෙන්නේ .පුතේ නුබට සම්මා සම්බුදු සරණයි . (දී)
කප්පන් කරුවන් ළඟ වෙපන්ස් ඇති . එක්කන් ගියා නම් හොයන්න වැඩේ ඉවරයි (දී)
ලංකාවෙන් මින් ඉදිරියට මෙවෙනි දේවල් තුරන් කිරීම සදහා සැවොම පෙළ ගැසෙමු (නදී)
1983 අප්‍රේල් මාසේ 05 දින සිදුවුණ කප්පන් ලබාගැනීමට සමන් කුමාර දරුවා (අවුරුදු 14 යි) ඝාතනය කිරීම සහ කප්පන් ගැනීමට 1999 වසරේ සිදුවුණ සදීප ලක්ෂාන් දරුවාගේ ඝාතනයත් ඉතිහාස ගතවී තියනවා. මේ දරුවා ජීවග්‍රහයෙන් සොයා ගන්න ලැබුන. පොලීසියේ මේ විශිෂ්ට ක්‍රියාවලිය නම් අනභිභවනීයයි. හැබැයි ඉතින් තමන්ට නියමිත රාජකාරිය කලාට පසු ඒ ගැන පාරම් බාන්න අවශ්‍යද?? අපේ කඩවසම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ වීඩියෝ පටියේ අවසාන විනාඩියේ වචන කිහිපය ප්‍රකාශ නොකලානම් කොච්චර වටිනවද?? (දී)
පොඩි දරුවා සොයාගන්න මහන්සි උන සැමට පින් (දී)
අපේ ප්‍රණාමය ශ්‍රී ලංකා බුද්ධිමත් පොලිසියට. මේ වගේම රටේ වෙන අනිත් අපරාද වැලක් වීමට ශක්තිය ලැබේවා. (නදී)
වරද කරුවන්ට ප්‍රසිද්දියේ දඩුවම් දෙන්ඩ ඕනා. මේ අය අවජාතකයෝ අම්මෙක්ට අප්පෙක්ට දාව හැදුනා නම් මේවගේ දේවල් වලට පෙලබෙන්නේ නෑ (නදී)
අපිත් නවසීලන්තයේ ඉදල පුතාට දෙවියන්ගේ පිහිට පැතුවා. නුවන් ඕක්ලන්ඩ් (නදී)
දරුවාගේ පිංතුර දුටු විට මා හට ඇතිවු ආදරය සන්තෝසය , ඉමහත්ය . මට මෙසේ නම් දරුවාගේ මවට පියාට සහ පවුලේ අයට තිබෙන සන්තෝසය සිතා ගත හැක , මේ සඳහා වෙහෙසවූ පොලිසියේ සියලුම නිලදාරින්ට අපි මල් තබා ප්‍රණාමය පිදිය යුතුය. (නදී)
මට මේ පැටියගේ උණුසුම දැනෙනවා. මගේ දරුවෙකුට වුන දෙයක් වගේ. මම නිදා ගන්න ගියේ මේ දරු පැටිය ගැන හිත හිතා අවදි වුනේ අනේ මේ දරුවා අඩනවා ඇති නේ කියල හිත හිත. (නදී)
මේ වගේ අය ගල් ගසා මරන්න ඕනේ (නදී)
දරුවා කරදරයකින් තොරව නැවත හමුවීම ඉතාම සතුටට කරුණක්. ඒ එක්කම මෙම ප්‍රවෘර්තිය සමහරුන්ගේ ලන්ඩන්, පැරිස්, නෙව්යෝර්ක් මේනියාව පිටකරගන්න වේදිකාවක් කරගැනීම ගැන කණගාටු වෙමි. (නදී)
ළමයට බුදු සරණියි. ළමයව හොයාගන්න උදව් කළ කර සියලුම දෙනාට පින්. මේවා කරන අයට අපි හිතනවා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා. නැත්නම් එන්න එන්නම මේවා වැඩි වෙනවා. අනික මේ වගේ කරන අයගේ පින්තූර ප්‍රසිද්ද කරන්න ඕනේ. (නදී)
ඇයි අනේ ඔවුන් සැඟ වූ ආයුධ හොයන්න එක්ක යන්නේ නැත්තේ? ශ්‍රී ලංකාවේ අපරාධ අඩු කිරීමට වෙන කිසි ප්‍රතිකර්මයක් නැත. විදේශ වල සිට අප මහත් ආශාවෙන් බලා සිටිනවා පොලිසිය කුණු සුද්ධ කරන තුරු (නදී)
නීතිය දැන් කරන දේ මොකද්ද මේ අපරාධකරුවන්ට? (නි)
දරුවට බුදු සරණයි (නදී)
මේ ගැන පොලිසිය හොඳින් කටයුතු කළා. එයට සතුටුයි නමුත් මේ නොදරුවා මාද්‍ය සන්දර්ශන සඳහා අනුරාධපුරයේ සිට කොළඹ පොලිස් මුලස්ථානයට ගෙනයාම ගැන හරිම කණගාටුයි. පොලිසියට ප්‍රසිද්ධියක් ලබාගැනීමට මේ නොදරුවා යොදා ගැනීම ගැන. කරන රාජකාරියක් ගමේ පොලිසියේ බැරි නම් අනුරාධපුර මුලස්ථානයේ කරන්න තිබුන නේද? (නදී)
පිටරට ඉන්න අපිත් මේ දරුවාට සිදු වූ දේ ගැන අසලා හරිම දුක් වුනා. දරුවාට තිසරණ සරණින් කරදරයක් නැතිව ගෙදරට එන්න උදව් කල අයට බොහොම පින් .. (දී)
දෙවියන් වහන්සේ බලගතුයි. ජේසු ළමයින්ට ආදරෙයි. ඒ නිසා දරුවන්ට කරදරයක් නැතිව පරිස්සම් වෙනවා. දෙවි පිහිටයි ඒ පුතාට. මගේ පුතත් නැවක රාජකාරි කරන්නේ හදවතින්ම මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ළමයට කරදරයක් නැතිව අම්මට තාත්තට ලැබෙන්ඩ කියලා (නදී)
පොලිසිය තමන්ගේ රාජකාරිය මේ අවස්ථාවේ ඉටු කිරීම ගැන සතුටු වෙනවා. හැම වෙලාවේම එලෙස ක්‍රියා කිරීමට තමයි මහජන මුදලින් වැටුප් ගෙවන්නේ. (නදී)
මේ දෙමව්පියන්ට මෙහෙම ගින්දරක් දුන්න අපරාධකාරයන්ටත් දරුවෝ ඉන්නවද දන්නේ නැහැ. (දී)
සංජය , පිටරට ඉන්න ලාංකිකයන් මව්රටේ කෙනෙකුට විපතක් වුනාම හරිම සංවේදියි. ඔබ උපන් ගෙයි කුහකයෙක් ද කොහෙද . (නදී_
ඕස්ට්‍රේලියාවේ ඉන්න අපත් මේ දරුවාට අත් වෙන්න ගිය ඉරණම අසා ගොඩක් කම්පා වුනා. දරුවාට ආපසු කරදරයක් නැතිව ගෙදර එන්න උදව කල අයගේ දරුවන්ට යන යන තැන හරියන්න මේ පිනම ඇති. (දී)
මගේ නමින් නම්බුව ගැන කියලා තුට්ටු දෙකේ අදහසක් දාපු කෙනාට - කොන්දක් තියනවා නම් තමන්ගේ නමින් මෙතන අදහස් දාන්න. නම්බුව තිබෙන්නේ තමන්ගේ මනුස්සකමේ මිස ඉන්න රටේ නෙවෙයි. සංජය වෙත - අපි ලාංකිකයන් ලෙස ලංකාවේ කාට හරි කරදරයක් වුනාම සොයලා බලලා උදව්වක් කරන්න බැරි නම් අනේ අපොයි කියලා හරි කියනවා සංජය. ඔබේ උපහාසය ඔබේ ගති පැවතුම් හොඳට අපිට පෙන්නුවා. (නදී)
මම නම් ඉන්නේ ලංකාවේ. මේ සංජය කියන කෙනාට පිටරට ඉන්න පාඨක කට්ටිය ගැන මොකද්දෝ හීනමානයක් තිබෙන බව අර සශි මහත්මියට කියපු උපහාස කතාවෙන් පේනවා. (නදී)
අවි පෙන්නන ගිගින් මරණ එක සාමාන්‍ය දෙයක් උනා. දැන් එ්ක කරන්න බෑ මානව හිමිකම් එකෙන් ලෙඩේ ලෝකයා බලාගෙන ඉන්නේ කීදෙනෙකුට තව මේක කරාවිද කියල. (නදී)
පිටරට වල ජීවත් වුනත් අපේ රට ගැන අපේ මිනිස්සුන්ගේ දුක වේදනාව ගැන සංවේදීව අදහස් දක්වපු සියළුම සොයුර සොයුරියනි, ඔබලා කොහේ හිටියත් හිතින් අපි සමග ඉන්නවා කියලා දැනෙද්දි පුදුම සතුටක් වගේම හිතට හයියක් දැනෙනවා.මේ දරු පැටියට වගේම ඔබලාටත් දළදා සමිදු පිහිටයි (දී)
මයේ හප්පේ මෙතරම් දක්ෂ නිලධාරීන් ඉඳලත් අර සුධර්මන් කියන වරෙන්තු කාරය අල්ලගන්න බැරි උනානේ ? (නදී)
සංජය , පිටරට ඉන්න ලාංකිකයන් අපේ රටේ කෙනෙකුට කරදරයක් වුනාම සංවේදී වීම අගය කරන්න. (නදී)
බුදු අම්මෝ රුපියල් ලක්ෂ දෙකක්ද ගල්ගුහාවක මාසික කුලිය (දී)
සමහරුන්ට පිටරට කියන වචනය ඇහෙනකොට මුලග්ගාය තද වෙනවා වගේ. (නදී)
දරුවා යහතින් පැමිණීම ගැන හරිම සතුටුයි. ඒ වගේම මේ ප්‍රශ්නයෙන් අපි නොහිතන පැත්තක් මතු වුනා. විවාහ යෝජනා මාර්ගයෙන් ගෙවල් වලට එන අපරාධකරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව. (නදී)
ඇත්තටම මේ පොඩි බබා දැක්කම හරිම ආදරේ හිතෙනවා. මේ බබාගේ අම්මි තාත්ති කොච්චර දුක්වෙන්න ඇතිද? ඒ දුක ඒ විදිහටම අපිටත් දැනුනා. ස්තුතියි පොලිසියට. ලෝකය කෙමෙන් කෙමෙන් විනාශයට පත්වෙමින් පවතී. මිනිසුනි ප්‍රවේසමෙන් තම ජීවිත වලට ආරක්ෂාව සලසා ගන්න. (නදී)
අනේ! කොහොමහරි මේ දරුවා ජීවත්වෙන එක නම් ලොකු දෙයක් (නි)
මුලින්ම පොලිස් නිලදාරින් හදපු දෙමාපියන්ට බුදු බව ප්‍රර්ථනා කරනවා. මේ වගේ නිලදාරීන් පොලිස් දෙපර්තුමෙන්තුවටම ගෞරවයක්. මේ නිලදාරින්ට සියලු වරප්‍රසාද ලබා දී ඔවුන්ව තවත් අපරාද ඇල්ලීමට දිරිමත් කරන්න. ලංකාවේ නිතිය අන්ද නැත. පොලිස් දෙපාර්තුමෙන්තුවටම මම ගෞරව කරනවා. (නදී)
ගොඩාක් සතුටුයි. මේ අම්මයි තාත්තයි මේ දරුවාව ගෙනත් දෙන්න කියලා අඬපු හැටි අපිත් දැක්කා.මේ පුතාගේ අක්කා කිව්වලු එයාගේ කැටේ තියන සල්ලි ඔක්කොම දෙන්නම් එයාට මල්ලිව ගෙනත් දෙන්න කියලා.ඇති යාන්තම්.සියළුම පොලිසියේ මහත්වරුන්ට පින්.මේ කුරුළු කූඩුවක් වගේ ඉන්න පවුලට ගින්දර දීපු පව්කාරයින් 4 දෙනාට උපරිම දඬුවම් දෙන්න (දී)
දරු දුකක් දන්නේ නැති නරුමයන්ව ඉවර කරලම දන්නා ඕන රටේ ඉන්න සියලුම ලොයෙර්ස් ලාගෙන් ඉල්ලන්නේ සල්ලි වලට අසවේ මුන් වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලි ඔබ තුමන් ලාටත් මේ වගේ දරුවන් ඇති නේද (දී)
ලෝකයේ හැමතැනින්ම ලාංකිකයන් වශයෙන් මේ දරුවා ගැන සැලකිලිමත් වීම මම නම් අගය කරනවා. අදහසින් කියවෙන මනුස්සකම මිසක් වෙනත් කන් කොන් සෙවීම හරි මදි. මේ ළමයා ගැන අනුකම්පා කරන්න ඕන ලංකාවේ ඇතුලේ ඉන්න කට්ටිය විතරක් කියල හිතන අයත් ඉන්නවා නේ. (නදී)
වජිර, හීනෙන් බය වුනාද ? (දී)
අනේ කරුණාකරලා මේ සැක කාරයන්ගේ නම් සහ ඡායාරූප පල කරන්න. ඒ වගේම මේ දරුවා සොයා ගැනීමට උදව් කළ පොලිස් නිලධාරීන්ට කුමක් හෝ අගය කිරීමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෙරේවි යන්න මගේ පැතුමයි. (නදී)
අහස පොලොව නුහුලන අපරාධ (දී)
දරුවා සහ පවුලේ පින්තුර දැක්කම සතුටු වන අතරේ , මම අපේ අම්මාටත් කිව්වා අක්කට මනමාලයෝ සොයනකොට ප්‍රවේශම් වෙන්න , මෙන්න මෙහෙම දේවල් දැන් මේ රටේ සිද්ධ වෙනවා කියලා. අපි නම් කෝටිපතියෝ නෙවෙයි . එත් ඉතින් ප්‍රවේශම් වෙන එක ඇඟට ගුණයි. (දී)
මට නම් සංජය සහ සමන්ත යන අයගේ අදහස් ගැන පුදුමයි. කිසිම කෙනෙකුගේ මනුස්සකමක් නොදකින අයට ඔවැනි උපහාසාත්මක අදහස් තිබෙනවා. (දී)
අපිත් පිටරට ඉන්නේ . දරුවා ගැන සතුටුදායක ආරංචියක් ලැබෙන්න කියලා අල්ලාහ් දෙවියනට කිව්වේ. දැන් හරිම සැනසීමක් . (දී)
දරුවා දැකීම සතුටක් . ඒවගේම තමයි පිටරට ඉඳගෙන අදහස් ලියන බව සඳහන් කිරීමේ කිසිම වරදක් මට නම් පේන්නේ නැහැ . සමහරුන්ට ඒක වැරද්දක් වෙන්න ඇති. නමුත් ඒ කාරනාව මේ පත්‍රයේ කතෘ තුමා ඇතුළු කාර්ය මඩුල්ලට වැදගත්. මේ පත්‍රය ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකිකයන් ගේ අවධානය දිනා ගෙන ඇති බවත් , ඔවුන් පත්‍රය නිසා ලංකාව සමග සම්බන්ධ වෙන බව දැන ගැනීම ඒ උදවියට සතුටක් වේවි. (දී)
අපිත් පිටරට ඉන්නේ . දරුවා ගැන සතුටුදායක ආරංචියක් ලැබෙන්න කියලා දෙවියන් බුදුන්ට කිව්වේ. දැන් හරිම සැනසීමක් . (දී)
සශි',කුෂි,ගිහාන්,ඔබලාගේ අදහස් වලටත් මම ගොඩක් ගරු කරනවා මමත් ඉන්නේ වෙනත් රටක මටත් දරුවන් දෙන්නෙක් ඉන්නවා (දී)
දරුවා යහතින් හමුවීම ගැන අපිට හරිම සතුටුයි. අනේ මන්දා සමහරු මේ දරුවා ගේ සිද්ධිය ගැන අදහසක් පල කරනවා වෙනුවට අනෙක් උදවිය වැඩ වාසය කරන රටවල් අල්ල ගෙන දඟලනවා. කවුරු කොහේ ඉඳල අදහස් දැම්මත් අපිට මොකද ? හැමෝටම මෙතන අදහස් ලියන්න අවස්තාවක් ලැබෙනවා නේ. (දී)
කරුණාකර මේ අපරාධකාරයන්ගේ පින්තුර පල කරන්න. මීට කලිනුත් මේ වගේ නොපනත් වැඩ කරලා තියනවද දන්නේ නැහැ . මේ ගොල්ලන්ගේ රස්සාව මේක නම් මීට කලිනුත් මේ විදියටම අප්‍රසිද්ධියේ මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන ඇති. පින්තුර පල කලොත් වැදගත් තව තවත් තොරතුරු ලැබෙන්නත් පුළුවන්. (දී)
සංජය සහ සමන්ත , මේ ළමයා ගැන ලංකාවෙන් පිට සිටින බොහොමයක් ලාංකිකයන් අන්තර්ජාලයෙන් දැන ගත්තා. දුර රටක ඉගෙනුම ලබන මගේ දුව පවා ගෙදරට පෙරේදා කතා කලාම ඇසුවේ " අප්පච්චි අර පැහැරගත් පොඩි ළමයා ගැන තාම ආරංචියක් නැද්ද ' කියලා. මම හිතන්නේ නැහැ , මෙතන අදහස් දාපු කාටවත් ඔය කියන මේනියාවක් තියනවා කියලා. ලාංකිකයන් වශයෙන් තමන් දුර රටක ඉඳන් මේ ළමයා ගැන අනුකම්පාවෙන් හිතුවා කියන එක වැරද්දක් ද දරුවනේ ? (නදී)
මුන්නම් අම්ම කෙනෙක්ගේ දරුවන් වෙන්න පුලුවන්ද ආයුධ නොපෙන්වා අණ්ඩක් කඩලා දාන්න තියෙන්නේ (දී)
ලන්ඩන් ඉන්න අපි හැමෝම බොහෝ දුක් උනා.මේ උතුම් ක්‍රියාවට දායක උන සැමට සදා පින්.ඒ වගේම පුවත් පත් වලට විශේෂ ස්තුතිය (දී)
කප්පන්කරුවන්ට අබ සරණය පතමු (දී)
මේ දරුවාගේ පියාම මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබෙනවා පිටරට වල ලාංකිකයන් ඔහුට කතා කරලා දරුවා ගැන තොරතුරු විමසා ඔහු වෙනුවෙන් ආගමේ වැඩ ඒ රටවල ඉඳන් කරනවා කිව්වා කියලා. අනේ මේ සංජය ට සමන්තට මේ රට ගිය ඇත්තන් ගැන තියන වික්ෂිප්ත භාවය මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නදී)
ඇත්තටම ජයන්ත මමත් මේ බලන් ඉන්නේ මේ වගේ නරුමයොන්ටත් සහයට නීතිවේදියෝ ඉදිරිපත් වේවිද කියලා ? (දී)
සශි වෙත, පිටරට ඉන්නවා කියලා කියන්නම ඕනෙද ? (දී)
මේ දරු පවුල පත් වූ පීඩාවේ තරම මුහුණු වලින්ම පේනවා. දරුවාට පිහිට වූ සැමට යහපතක්ම වේවා ! (දී)
අපිත් පිටරටක ඉදන් දෙවියන්ට කිවේ අනේ දරුවට කරදරයක් නොකර නිදහස් කරන්ඩ කියලයි. දරුවන් මොනවා දන්නවද ඔබට පුතා තෙරුවන් සරණයි. කරපු නරුමයන් වෙනුවෙන් කිසිම සමාවක් නොදිය යුතුය (නදී)
සව්දි නුවන්...?මාත් දැක්ක ඒ අදහස ..? කෙනෙක් මගේ නමින් ඒ අදහස පල කර ඇතිබව දැක්කම මටත් දුකක් හිතුන, මගේ හද වතෙන් කවදා වත් එවැනි සිතිවිලි පහල වෙන්නේ නැහැ , මේ තීරේ රුපවතී නමින් අදහස් පල කරන්නේ මා පණක් බැවින් මටත් ඒ වැකිය පපුවටම වැදුනා ..? (දී)
දැන් බලන්න , බන්දුල පෙරේරා කට ඇරියොත් පිටරට ඉන්න ලාංකිකයන්ට බැනගත්ත ගමන්මයි. මේ ළමයාට වූ විපත ගැන සංවේදීව ඔවුන් දැක්වූ අදහස් දැක්කම , මට කියන්න තියෙන්නේ " කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම " කියලා. බන්දුල හොඳට ඇස් ඇරලා බලන්න ඔබේ ඔය පාට කන්නාඩිය ගලවලා. (නදී)
දුප්පත් ගෙදරක ළමයෙක් නෙති උනානම් මෙහෙම හොයල බලල මහන්සි වෙඉද?සල්ලි තියන මිනිස්සු දිහා තම දෙයි යොත් බලන්නේ..කෝටියක් ලු..මෙයාලට ළමය වෙනුවෙන් මොනවද කරන්න බැරි ...සල්ලි විසි කරලා ළමය හොයාගන්න ඇත්තේ...සල්ලි නැති කෙනෙක්ගේ උනා නම් ළමය මළාට පස්සේ මල කුණ හොයයි (දී)
සංජය ඔබ නම් කුහකයෙක්. ඈත දුරක පිටරටක ඉඳන් තමයි අමතන්නේ කියල ඔබට දුරකථන ඇමතුමක් වත් ජීවිතේට ලැබිලා නැහැ වගේ. දුර රටක ඉඳන් ලංකාවේ පුරවැසියෙකුට වෙන විපතකට දුක් වුන අයගේ මනුස්සකම අගය කරන්න. (නදී)
පොලිසියට හා මාධ්‍යට අපගේ උත්තමාචාරය (දී)
සංජයට ලොකු හීනමානයක් තිබෙනවා වගේ. සශි තමන් පිටරට ඉඳන් මේ පාඨක සභාවට එක් වෙන්නේ කියල කිව්වම ඒකේ ඇති වැරැද්ද මොකද්ද ? (නදී)
අපිත් පිටරටක ඉදල දෙවියන්ට කිවේ දරුවා නිදහස් කරලා දෙන්ඩ කියලා. කරපු නරුමයන්ට සමාවක් දෙන්ඩ එපා (නදී)
සංජය ඔයා අනුන්ගේ කියමනේ කන් කොන් සොයන්නේ නැතිව , එයින් කියවෙන මනුස්සකම අගය කරන්න. සශිලා පිටරට ඉඳන් ලංකාවේ පුවත්පත් බලමින් කාගේ හෝ විපතකදී ලංකාවේ උදවිය එක්ක මෙහෙම දුක සැප බෙදා ගන්න එකතු වීම මම නම් අගය කරනවා. (නදී)
මේ අය ළඟ තව තව ආයුද එහෙම තියෙනවා පොලිස් පතිතුමනි ඒවා බලන්ඩ එක්කරගෙන යන්ඩ (නදී)
සංජය , ලංකාවේ දරුවෙකුට විපතක් වුන වෙලාවේ, පිටරට ඉඳන් ලංකාවේ පුරවැසියන් එක්ක සංවේදී වුන අයට ඔබ කරන උපහාස මම නම් හෙලා දකිනවා. (දී)
පුතාට බුදු සරණයි (දී)
හුරුබුහුටි දරුවා අනේ මේ නරුමයෝ කොහොම මේවා කරනවද (නදී)
අනුන්ගේ විපතෙදේ උණුවන සිත් ඇති දෙවිවරු වගේ මිනිසුන් තාමත් මේ ලක් දෙරණේ මොන තරම් වාසනාවක්ද. (දී)
ඔය දරුව ලැබෙන්න කියල මම කතරගම දෙවියන්ට භාර උනා මම ඉන්නේ ඩුබායි අපිටත් දරුවෝ ඉන්නවා අපරාද කරුවන්ව ගමේ ජනතාවට බාරදෙන්න ඒගොල්ලන් දෙයි දෙන දඩුවම පොලිසියට සහ ජනමාධ්‍යට ගොඩක් පින් (දී)
කප්පම් කරුගේ ෆොටෝ නැද්ද (දී)
පින්බර දරුවා කරදරයක් නැතිව බේරාදීමට දිවා රෑ නොබලා අවංකව වෙහෙසුණු මගේ රටේ උදාර මිනිසුන්ට හිස නමා ආචාර කරමි නවසීලන්තයේ සිට. (නදී)
ආයුධ තියෙන්නේ දුපතක නේද යමුද පෙන්නන්න (දී)
දරුණු ගනයේ අපරාද නිතර සිදුවීමට හීතු සාදක හොයා ඒවාට පිළිතුරු දෙන්ඩ ,ඒ වගේම දැනට අපරාද වලට ආස්වී ඉන්න අයට දැඩි දඬුවම් ලබා දෙන්ඩ ඕනා. පොලිසිය සහ නීතියේ ස්වාදීනතාවය රැක දෙන්න 17 වැනි සංසෝදනය නැවත බලාත්මක කරමු. (දී)
හොද පාඩමක් වත් පොහොසත්කම් පෙන්නන අයට (නදී)
අපේ කොලු පැටියට බුදු සරණයි (දී)
සමෝ ඔබ හරි , දුප්පත් වුනා නම් මෙහෙම ගණන් ගන්නේ නැහැ . ඒක තමයි අද සෝචනීය ඇත්ත . (දී)
මේක කෝටිපති පවුලක්, ඕනවට වඩා උදවු කරන්න හොඳ නැහැ (දී)
මරණ දඩුවම දෙන්න (දී)
මම මෑතකදී අහපු හොදම පණිවිඩය අද උදේ මම ඇහුව. පහුගිය දවස් කීපයම මම හැම තිස්සෙම බැලුව හිතුවේ මේ දරුවට මොනවවෙලද කියල. හැම විනාඩි පහලොවකටම සැරයක් ඉන්ටෙර්නෙට් එකේ බැලුව දරුවා ගෙන තොරතුරු. අද දරුවා හමුවීම මට හීනයක්වගේ. පොලිසිය ඇතුළු හැමෝටම තෙරුවන් සරණි. මේ ප්‍රීතියට මම ඔස්ට්‍රලියාවේ ඉදල තනියම පොඩි අඩියක් ගහනවා. එත් අද තෙරුවන් සරණ ලැබුන නීසා හෙට ඉරිදා පොඩි අඩියක් ගහනවා. (දී)
සංජයගේ අකමැත්තක් තිබෙනවාද පිටරටවල උදවිය ලංකාවේ දරුවෙකුට වෙන කරදරයකදී අනේ අපොයි කියන එකට. ? (දී)
ලස්සන අහිසංක ළමයෙක් කප්පම් කරුවන්ගේ බේරගත්තාට ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය ....හා ස්තුතිය . (දී)
දරුවා බේරාගන්න උදව් කළ පොලිසියේ ඇතුලු සියලු දෙනාට ගොඩක් පින් (නදී)
සල්ලි වලට නොකරන ජරා වැඩක් නැහැ (දී)
ඩුබායි ඉන්න අපිත් හරියටම මේගැන කණගාටු උනා. කරුණාකර දරුවාව පරිස්සම් කරගන්න මින් ඉදිරියටත්.වැඩි අවදානමෙන් ඉන්න. දරුවා නෙමෙයි ඔය වැඩේට හවුල් උන කට්ටිය මාධ්‍යට පෙන්වන්න ඕනා. උපරිම දඩුවම් ක්‍රියත්මක කරන්න. කරුණාකර නැති උනා අවි පෙන්වන්න ගෙනියන්න (නදී)
මගේ දරුවට උනා වගේ මට දැනෙන්නේ (දී)
දෑවැද්දක් කල හදියක්! (නදී)
පොලිසියට හිස නමා ආචාර්ය කරනවා (දී)
ඇයි මේ සමහරු අනිත් අයගේ නම් වලින් අදහස් දමන්නේ ? මම නම් දැම්මේ එක අදහසයි පිට රට ඉන්න ලාංකිකයන් ගැන. තව කෙනෙක් සභාවේ ඒ නමින් ම ඉන්නවා නම් මම මින්පසු මගේ සම්පූරණ නම භාවිතා කරන්නම්. නැතිනම් මෙතන නොයෙකුත් පැටලවිලි වෙන්න ඉඩ තිබෙනවා. (නදී)
දරුවා දකින කොට සන්තෝෂයි. අපේ නෝනාගේ නංගිටත් මේ දවස් වල මනමාලයන් සොයනවා. මේ කතාව කියල මම කීවා කවුරු ගෙදරට සැපත් වුනත් දෑවැද්ද ගැන කට ඉස්සර කරගන්න නම් එපා කියලා. සල්ලි කාරයෝ නොවුනත් ගෙදර බවලතුන්ගේ කනේ කරේ තියන දේ ට වග කියන්නත් මෙහෙම කාරණයක් හොඳටම ඇති වගේ. (දී)
පුතා ඔබට තෙරුවන් සරණින් නිදහස් වෙන්න ලබේවා කියල අපිත් ආශීර්වාද කලා. ඔයා සුරතල් මුහුණ බලාගෙන හිතක් තියෙන මිනිහෙකුට නම් ඔයා වගේ වැඩක් කරන්න බැහැ. දඬුවම නීතියෙන් නම් ලැබෙන එකක් නැහැ . එහෙම වුනාට ස්වභාව ධර්මය නිසි සුදුසු උපරිම දඬුවම එයාලට දේවි. (දී)
දරුවා බේරාගත් සැමට ප්‍රණාමය. ! කෝටිපතියන් වුනත් නැතත් තම තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන දැන් නම් දෙපාරක් හිතන්න වෙන බව තමයි මට නම් පේන්නේ. (දී)
ආයුධ නැද්ද දන්නේනැහැ (දී)
විදේශ රටවල ඉන්න සියලුම පාඨකයිනි. ඔබලා උපන් රටේ පුවත් වලට සංවේදී වීම ගැන ස්තුතියි (නදී)
අනේ සංජය කුහක වෙන්න එපා. ඔයාගේ ළමයාට මේ වගේ කරදරයක් වුනා නම් කවුරු හරි පිටරට ඉඳලා කතා කරලා කනගාටුව ප්‍රකාශ කරන්න හදනවා නම් ' පිටරටින් කතා කරනවා කියන්න අවශ්‍ය නැහැ " කියනවද ? (දී)
සැක කරුවන්ගේ නමවත් ලියන්න පින්තුර දැම්මනම් අපහු කව්රුත් මේ වගේ වැඩකරන්න නැහැ (දී)
මෙහි අදහස් කියවන මට හිතෙන්නේ අපේ ලංකාවේ මිනිසුන් මොන තරම් කරුන්වන්ටද මේ අතැර නරුමයන් සිටින නිසා තම අපේ මේවගේ සිදුවීම් වලට මුණ දෙන්නේ දරුවා නැවත ලැබීම ගැන හරිම සතුටක්. (දී)
මේ සංජය කියන කෙනා ට බන්දුල පෙරේරාට නෑකමක් ඇති . මෙතන අදහස් දමන අයට කට කැඩිච්ච කතා කියන්න හරිම සමතෙක් . (දී)
දේශපාලකයින් මේ ප්‍රශ්නයට සම්භන්ධ නොවේවා (දී)
ත්‍රිවිද රත්නයේ පිහිටෙන් දරුවා නිරුපද්‍රිතව ලැබුන එක ගැන පුදුම සතුටුයි.වරදකරුවන්ට දෙන්න ඕන දඬුවම නිසි ලෙසම ලැබේවා!ලොව කිසිම මෙවැනි දේ සිදු නොවේවා!අපේ පොලිසියට හිස නමා ආචාර කරමි. (දී)
වීරා මහතා, ඔය කතාව නම් ඇත්ත. මගේ නමිනුත් මෙතන පසුගිය දවසක අදහසක් පලවෙලා තිබුනා. කොටින්ම මම හිතන්නේ වත් නැති විදියට යම් කාරනාවක් ගැන ලියලා. මේවා හරිම කැත වැඩ. තමන්ගේ නම කියන්න බැරිනම් අනුන්ගේ නමක් නැතිව වෙන නමකින් අදහස ලියන්න කියලා මම ඉල්ලනවා. නැතිනම් අනිත් උදවිය මුලින්ම ඒ නම භාවිතා කල කෙනා ගැනයි වරදවා හිතන්නේ. (නදී)
මට නම් මේ විස්තර වලින් පේන්නේ , ගෙවල් වල දීග දෙන්න බවලතුන් සිටින උදවිය තම තමන්ගේ කටවල් පරිස්සම් කර ගැනීම අතිශයින් වැදගත් බවයි. මනාලයාගේ පාර්ශවය ගැන හරි හැටි නොදැන , කල ප්‍රකාශ ගිය දුරක මහත! . (දී)
අහිංසක දරුවා සොයා ගත්, සොයා ගැනීමට වෙහෙස වූ සැමට පින් ,ස්තුතිය.උගත් නිතිවෙදියනි මෙම පාදඩ අපරාද කරුවන් වෙනුවෙන් පෙනී සිටින්න එපා.එය ඔබලාගේ අනාගත මුනුබුරු මිනිබිනිපිරියන් වෙනුවෙන් කරන යුතුකමක්. (දී)
මොවන්ට දැඩි දඩුවන් දෙන්න (දී)
මෙහෙයුමට සහබාගි වූ සියලු පොලිස් නිලදරින්ට ජය සහ කීර්තිය (දී)
සන්ජය මහත්තයෝ, මමත් ඉන්නේ පිටරට ඒත් ලිපිනය දාලා මම ඉන්න තැන ගැන කියන්නේ නැහැ පම්පොරියටත් නොවෙයි. රට වෙනුවෙන් අපි වෙනුවෙන් කැක්කුමටයි ලියන්නේ. අපි අවධානයෙන් ඉන්නේ අපි ගැන (දී)
සන්ජය වෙත,රට ඉන්නවා කිව්වම නම්බුවනේ අනේ. කේන්ති ගන්න එපා (දී)
පොලිසියට අපේ උපහාරය (දී)
කෝ මේ අයගේ පින්තූර ? (දී)
අහිංසක දරුවාව බේරාදුන් අප මැවූ දෙවියන්වහසේටත් සියලුම උදවියටත් විශේෂයෙන්ම පොඩ්ඩක් වැරදුනොත් අපෙන් ඇතිවෙන්ඩ බැනුම් අහන පොලිසියේ මහත්වරුන්ටත් අනේක ස්තුති. අපි රට හිටියට අපිත් සෑම මොහොතකම බයෙන් හිටියේ අර මතුගම අසරණ දරුවට කරපුදේ මතක තිබෙන නිසා. මේ අයව මේලෝකෙන්ම තුරන් කරලා දන්නා ඕන.පන්චායුදයක් කියන්නේ දරුවාගේ ආරක්ෂාවට දාන එකක්.එක ගලවන්ඩ තරම් අමනුෂ්‍ය හිතක් මේ වැනි නරුමයන්ට ලංකාවේ බත් කන්ඩ දෙන්න නරකයි.මුන්ව මරන්නේ නැතුව කකුල් අතපය කලා අබ්බගාතයෝ කරලා දාන්න ඕන වින්දවන්ට ජීවිතේ ඇතිතාක්කල්. නීතිමය පැත්තෙන් හරියට නොවුනොත්,මැති ඇමති ගොල්ලෝ මැදිහත් නොවුනොත්,මේ අයට හොඳ දඬුවමක් ලැබෙන්න මෙය කියවන සියලුම දෙනාම තම තමන්ගේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්න. (දී)
සම්මා සම්බුදු සරණයි මගේ පුතාට (දී)
දෙවියන්ට පින්සිදුවෙවා ..! දෑසේ පිරුණු ලොකු සතුටු කදුලක් සමගින් හැමෝගෙම අදහස් කියවල ඒ අම්මගේ සිතේ සතුටට සමාන සතුටක් මටත් දැනුන ..සැමදාම පත්තරේ කියෙව්වේ අදවත් දරුවාව හමුවේවා කියනා හැගීමෙන් ..පිට රටක සිට මේ දරුවා වෙනුවෙන් අනේක වාරයක් දෙවියන් යද්දෙමි ..!!!!ඔබ දිරිය පවුලට තෙරුවන් සරණයි..!!!! (දී)
උන්ව කෙසේ හො අල්ලලා ආයුධ පෙන්නන්න ගෙනියන්න. එය අනාගතේ මෙවැනි දේ කිරිමට බලාපොරොත්තු වන්නන්ටද පාඩමක් විය හැකිය.(නදී)
රුපවති අනුන්ගේ දීයුනුවට ඉරිසියා කරන්න එපා. මේක වත් පොහොසත් කමේ ප්‍රස්නයක් නෙවී හැමෝම පුළුවන් විදියට වචනෙකින් හරි උදව් කරේ ඇත්තටම දරු සෙනෙහස තියෙන හදවත් වලට මේ සිද්දිය දරා ගන්න අමාරු නිසා. දෙමාපියන්ට මොනවා තිබුනත් වැඩක් නැ තමන්ගේ දරුවෙකුට කරදරයක් උනාම. මේ දෙමුපියෝ දෙන්නටත් මේ වෙලාවේ සල්ලි වලින් වැඩක් නැහැ තමන්ගේ පන වගේ ඉන්න දරු පැටියා ලැබුනානේ එ්ක අපි කාටත් සතුටක්. බලන්න මේ සිද්දියේදී අදහස් දාපු අයගේ අදහස් එක්ක බැලුවම ඔයාගේ අදහස කොච්චර කුහක අදහසක්ද කියා. හිතක් පපුවක් තියෙන කෙනෙකුට නම් මේවගේ සංවේදී වෙලාවක මේවා ලියන්න බැහැ. ඔයාට මේවගේ දෙයකදී මිට වඩා සංවේදී අදහස් පහල වේවා කියා මන් ප්‍රර්ථනා කරනවා. සිගිති පුතේ ඔබට සියලු දෙවි පිහිට පතමි. (නදී)
පොඩ්ඩා අනතුරක් නැතිව සොයා ගැනීමට හැකි වීම මම හිතන්නේ මුළු ලංකාවටම සතුටුයි. දරුවන් සිටින පියෙක් හැටියට, මේ පැටියාගේ පවුලේ උදවියට දැනුනු වේදනාව අපට සිතා ගත හැකිය. මෙවැනි නොපනත් කම් සිතීමට පවා නොහැකි වන සේ මිනිසුන්ගේ සිත් හැදීමට මාධ්‍යට කල හැකි මෙහෙවර අපමණයි. විශේෂයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වල ඇති ටෙලී නාටක වලට (නදී)
පුංචි පුතේ ඔයාට දෙවියන්ගේ පිහිටයි (නදී)
මේ අපරාදය කරපු අයට නිසි දඩුවම් ලැබේවා (නදී)
දරුවට දීර්ඝායුෂ ලැබේවා. කරපු අයට අච්චු ලැබේවා. පොලසියට හා මාධයට ස්තුතියි. හෙට දිනයේ මෙවන් දෑ නොවේවා! (නදී)
දරුවා බේරුණු එක ලොකු සතුටක් .මතුගම සමන් කුමාර මරපු එක තවම මතකයේ ඇත. ඝාතකයා හිරේ (නදී)
දරුවාට තෙරුවන් සරණයි. කෝටිපතියන් වුනත් මේ පවුල චාම් සරල උදවිය බව ඇඳුමෙන් පැළඳුමෙන් පවා පේනවා. ඒ නිසා කරුණාකරලා මේ අයගේ සල්ලි ගැන ලොකුවට හිතන්න එපා. දරු දුක ට දුප්පත් පොහොසත් භේදයක් නැහැ. (නදී)
සෝ සුසුසුම් පහ වී සතුටු සිනහ මතු වී පුතුගේ සිනහා මවූ සිනහා සමග මුසු වී ලක් දනන් සිත් සැනසුමෙන් දොරේ ගලා හද බැදී මල් මිටක් පොලිස් විරුවන්ට කලකින් (නදී)
පොඩි දරුවන්ට කරදර කරන නවරෙක්ට උව මරණ දඩුවම දෙන්න (නදී)
මේ වගේ අය හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න ඕන.(නදී)
දරුපැටියව සොයා ගැනීමට උදවු කල සියලුම අයට පින් (නදී)
මමත් ඉන්නේ පිටරට (නදී)
නවීන තාක්ෂනය හා ක්‍රම වේදයන් තිබුනානම් එදා මතුගම සමන් කුමාරවත් බේරා ගන්න තිබුනා. (නදී)
සෑම ආගමකට අයිති හැමෝම පුතු ඔබ වෙනුවෙන් දෙවි බුදුන්ට කන්නලවු කළෙමු. ඒ හැම කෙනෙකුගේම හඬ ඔබව කරදරයක් නැතුව නිදහස් කරගෙන නැවත දෙමාපිය තුරුලට ලබාදෙන්නැයි. එය සබැ විය. පියෙක් වසයෙන් මා හදවතට ඉතාම සන්තෝසයි (නදී)
දැන් අපි අහන්න ඕනේ පොලිස් මහත්වරුන්ගෙන් මොකක්ද ඔය අපරාධකරයින්ට දෙන දඬුවම කියලා (නදී)
අනේ පොලිස්පතිතුමෙනි ඔවුන්ට දියහැකි උපරිම දඩුවම දෙන්න. කරුණාකර අපරාදකරුවන්ගේ ෆොටෝ පලකරන්න (නදී)
මේ අම්මා තාත්තට උන වේදනාව වෙන කාටවත් වෙන්න එපා (නදී)
යුරෝපා රට වලත් ලමයි අතුරුදහන් වෙනවා ඒත් මේ තරම් ඉක්මට සොයා ගන්නෙ නැත අපේ පොලිසිය සහා මාධ්‍ය ඉතා බුද්දිමත් බව මෙයින් වැටහේ. (නදී)
අනේ මේ අපරාධයට සම්බන්ද හොරු රෑලව හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නකෝ (නදී)
දරුවාට තෙරුවන් සරණයි...අපරාද කරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි...- කටාර් ශ්‍රී ලක් දෙමව්පියන් (නදී)
අනේ පැටියෝ ඔයාට බුදු සරණයි !!! පොලිස්පති හා මාද්‍ය ප්‍රකාශක තුමනි මේ වගේ පොලිසියක් තමයි ලංකාවේ අපි හැමෝගෙම පැතුම . අනේ අපි කිසිම දෙයක් කියන්නේ නැහැ මේ අයව ආයුද පෙන්නන්න එක්කාගෙන යන්න. කැලෑවට නෙමෙයි ප්‍රසිද්ද නගරයකම හන්ගපුව පෙන්නන්න අනිත් යටත් උන ගැනෙන්න . (දී)
පුළුවන් තරම් ඉක්මනට මේ අයව ආයුද පෙන්වන්න එක්කන් ගියොත් සමාජයට ලොකු සේවයක්. (නදී)
කෝ මේ අය ළඟ අාවුද නැද්ද? (නදී)
අම්මලට, තාත්තලාට දැනෙන දරු දුක අනන්තයි අප්‍රමානයි, දරුවන්ට දැනෙන දෙමව්පිය සෙනෙහස අනන්තයි අප්‍රමානයි, මෙවැනි උසස් කටයුක්ත්තක් කල සියලු පොලිසියේ නිලධාරීන්ටත් සී.අයි.ඩී නිලධාරීන්ටත්, සහය වු සියලු දෙනාට බොහොම පින්. ජාතියේ අපගේ උපහාරය. (නදී)
මගේ රත්තරන් පැටියෝ. ඔයාව රැකදෙන්න කියා මම ඇඩුවා (නදී)
මේ කප්පම් කරුවන්ව ආයුධ පෙන්නන්න එක්කරගෙන යන්න කියලා මම පොලිසීයෙන් ඉල්ලා සිටිනවා . (නදී)
පිටරට යන්න ඉන්න මටත් හරිම සතුටුයි දරුවාට කරදරයක් නොවී දෙමව්පියන් ලගට එන්න ලැබීම ගැන (දී)
මෙවැනි අපරාධ කරන්නවුන් සමාජ පිළිලයක්. ඔවුන්ව මරණ දඬුවම දියයුතුය. (දී)
මේ අපරාද කාරයෝ ආයුධ පෙන්වන්න එකක යන්න හොඳ නැහැ. ඇප පිට නිදහස් කරල පස්සෙ හෙමිහිට අරන් ගිහින් අත පය ජොයින්ට් වලින් පන්නලා ජීවිත කාලෙම දුක් විඳින්න දෙන්න ඕනෑ.එතකොට හිතින් වින්දවල මැරේවි. (දී)
මේ අයගේ පින්තුරයක් දැම්මනම් සියලු දෙනාටම බලාගන්න තිබුන: දරුවට කරදරයක් නැතිව එන්න ඉඩසලසු සියල්ලන්ටම පින්! (දී)
ඕනෑම අපරාදයක් සිද්ද උනාම පොලිසියට දොස් කියන ගොඩක් අය මෙතැනදී නිස්සබ්ධයි ,මේ දරුවා හොයාගන්න හැකි උනේ ඇත්තටම පොලිසියේ ක්‍රියාන්විතය මත,ඒ වගේම මාද්‍ය ගෙනගිය යම් වැඩපිළිවෙලත් අතිශය වැදගත් වෙන්න ඇති,පොලිසියට අපගේ ප්‍රණාමය පුද කල යුතුමි. (දී)
සියලුම දෙවි වරුන්ට ස්තුති වේවා ලොකු සැනසීමක් උදා කලාට හැබැයි මේ අපරාධේ කරපු අයට හොඳ දඬුවම් දෙන්න ඕනේ නැවත ඔය වගේ දේවල් කරන්න සිත් පහල නොවෙන්න කිසිම කෙනෙකුට (දී)
පොලිසියට අපගේ උත්තමාචාරය (දී)
අනිවාර්යයෙන්ම කප්පම් කරුවන් ලග ආයුද තියෙන්නම ඕන . මෙච්චර හපන් කමක් කල අපේ පොලිසියේ නිලදාරීන් ඒ අයුදත් හොයා ගනිවී කියල පතනවා. (දී)