කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගත් නාඳුනන දෙදෙනකු ඇගේ ඩිනාර් 500ක් (රුපියල් 210500) වටිනා ජංගම දුරකතනය පැහැරගත් බව අල් සහීඞ් පුවත්පත කියයි.
එම සේවිකාව කියන අයුරින් දුල්රෝඩාහිදී ඇය පැහැරගෙන කාරයකට දමා මුදාහැරීමට නම් ඩිනාර් 500ක් ඉල්ලා ඇත.
ඇය එහි ගෙන්වූ පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා දෙන බව කියා ගෙදර ආ විට පැහැරගත් රියේ රියැදුරාද තම සේවාදායකයාටම වැඩකරන බව දැනගත්තාය. ඇය උදව් ඉල්ලා කෑ ගැසුවාය. ඇගේ සේවාදායකයා පොලිසියට පැමිණිලි කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිනාර් 500 වටිනා මොබයිල් ? (නි)
මෙතරම් වටිනා දුරකතනයක් භාවිතා කරන්න නම් කුවේට් රටේ ගෘහ සේවිකවකගේ වැටුප කීයද ? (නි)
ඩිනර් 500ක දුරකතනයක් පාවිච්චි කරන්න පුලුවන් නම් ඩිනාර් 500ක කප්පමක් ගත්තට කමක් නැහැ. ගොඩක් රට එන අපේ රටේ ගෑනුන්ට ඕක තමයි වෙන්නේ. ලංකාවේදී කඩේකින්වත් කෝල්1ක් ගන්න සල්ලි නැතුව රට එනවා. ඊට පස්සේ පාවිච්චි කරන්නේ ලක්ෂ 2 දුරකථන. අපි දන්නා තරමින් මාසික වැටුපවත් මෙච්චර නැහැනේ! හුදෙක් ඉරිසියාවට නෙමෙයි කියන්නේ! ඇත්ත තමයි තමන් දු දරුවන් පවා දමා රට ඒමේ අරමුණ අමතක කිරීම! (නි)
මේක දැක්කම මටත් හිතෙනවා බෙල්ල ගහලා ගියත් කමක් නැහැ කියලා රට පනින්න, ගෘහ සේවිකාවක් ගාව ලක්ශ දෙකක ෆෝන් එකක්.මට නම් ඊරිසියයි. (නි)
ගැලක්ෂි එස් 4 ෆෝන් එකකුත් වෙන්නේ ඩිනාර් 202 විතරයි. ඩිනාර් 500 ෆෝන් කතාව බොරු. අයි ෆෝන් 5 ඩිනාර් 200 ට වඩා අඩුයි. ඩිනාර් 60 ක් පඩි ගන්න එකියක් 500 ෆෝන් ? මේක අමු බොරුවක්.(නදී)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)
රක්ෂාව ගෘහ සේවිකා, ජංගම දුරකතනයේ වටිනාකම රුපියල් 210500ක්... හිතා ගන්න බැහැ (නි)
අහන්න දෙයක් නැහැ, අපේ උන්ගේ වැඩක් වෙන්න ඇති (නි)
අන්දෝ බූතෝ, මොකක්ද මේ? අනික රුපියල් 210500 ක ෆෝන් එකක් ගෘහ සේවිකාවක් ළඟ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු.(නදී)
මට නම් මේක තේරුම්ගන්න බැහැ (නි)
කුවේට් රටේ මේ වගේ දේවල් හුඟාක් වෙනවා. (නි)
ලක්ෂ දෙකක් වටින ජංගම දුරකතනයක් පාවිච්චි කරනවා කියන්නේ මෙයා එසේ මෙසේ ගෘහ සේවිකාවක් වෙන්න බැහැ. ඒක තමා මෙයාව පැහැරගෙන යන්නත් හේතුව. (නි)
දැන් මෙහෙ ඕව හැමදාම සිද්ද වෙනවා. (ස)
දැන් මෙහෙ ඕව හැමදාම සිද්ද වෙනවා. (ස)
දැන් මෙහෙ ඕවා හැමදාම සිද්ධ වෙනවා (නි)
අයියෝ සල්ලි! (නි)