ජපානයේ කනගාවා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පැහැර ගත්තැයි සැකපිට තවත් ලාංකිකයින් තිදෙනකු ඇතුළු හත් දෙනකු ජපන් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ජැපෑන් ටුඩේ“ පුවත්පත කියයි.
ජපන් ජාතිකයින් සිව් දෙනකු හා එක්ව ඉකුත් ඔක්තෝබර් 14 වැනි දා ශ්‍රී ලාංකිකයා පැහැරගෙන ඔහුගේ සහෝදරයාගෙන් ජපන් යෙන් මිලියන 3.18ක් (රුපියල් 3,750,000.00 ක් පමණ) කප්පම් ඉල්ලා ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.එම මුදල ලබා නොදුන්නහොත් පැහැරගත් තැනැත්තා මරා දමන බවට සැකකරුවන් ඔහුගේ සහොදරයාට දන්වා ඇතැයි ද පැවසේ.
විමර්ශනවලදී පැහැරගැනුණ ලාංකිකයා අෂිකාගා ප්‍රදේශයෙන් සොයා ගනු ලැබීය. කප්පම සැකකරුවනට ලබා දී ඇත්ද යන්න මෙතෙක් හෙළිවී නැතැයි ද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙදී අපිට ඔහොම දෙයක් කලොත් අපේම එක්කෙනෙක් තමයි. දෙවියන්ගේ පිහිටෙන් මම ඉන්න ප්‍රදේශයේ නම් වෙන අපේ අය නැහැ. මෙහෙ ඉන්න අපේ මිනිස්සුන්ට උදව්වකට බැංකුවට සල්ලි චුට්ටක් දුන්නත් අපේ බැංකු ගිණුම් අංකේ සොයාගෙ අපෙන්ම තව ගානකුත් හොරකම් කරගන්න තමයි බලන්නේ.(රේ)
දැන් රස්තියාදුකාරයෝ පිරිලා ජපානෙන් (නි)
මෙයට වගකිය යුතු පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතුයි. (ර)
අපේ මිනිසුන්ගේ කැත ගති ජපන් නෙමෙයි අකනිටා බඹලොවට ගියත් අරිනවා බොරු! (නි)
ජපානේ මිනිස්සු අප්‍රිය කරන්නේ ලංකාවේ අයව නෙවෙයි ,සිංහලයන්ව පමණි, අද වෙනතුරු ජපානයේ සහ ලෝකයේ බොහොමයක් රටවල මේවගේ වැඩ කරලා අහුවුනේ,සිංහලයෝ පමණක් බව,මම අභියෝගෙන් කියන්න කැමති (බ)
මේ මිනිස්සු ජපානෙත් කනවා. දැනටත් ජපානෙට ගන්නේ බොහොම හොඳට හොයලා බලලා. මේ හොරු නම් මොනවාහරි බොරුවක් කරලා ගිය බවයි පෙනෙන්නේ. මේ වැඩ වලින් ජපානෙට යන්නම බැරිවෙනවා. (නි)
මෙහෙ කරන වැඩ වෙන රටවලට ගිහිනුත් කරලා රටේ නමත් කනවා. ලංකාවේ කිව්වහම හොඳ නමක් තියෙනවා ජපානේ. දැන්නම් හොරු දිහා බලන විදියට බලන්න පටන්ගනියි (නි)