දුර ගමන් බස් රථ වලින් කප්පම් ගත්තැයි සැකපිට අනුරාධපුර මහ බස් නැවතුම්පොළේ වේලාසටහන්කරු කේ සුනිල් දිසානායකගේ වැඩ අද තහනම් කැරිණි.
මොහු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකි.
දවසකට මොහු රුපියල් හැටදහසක පමණ මුදලක් එකතු කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පගා නොගන්න වෙලා සටහන්කරුවකු හොයා ගන්නවා කියන එක හරියට ප්‍රාදේශීය දේසපාලකයකු සම්බන්ද නැති පාතල කණ්ඩායමක් සොයාගන්නවා වගේ (අ)
බස් ගැමුණු මගින්වම මරාගෙන කන්න බලනවා මිසක් මේ වැනි හොරුන් ගැන වචනයක්වත් කියන්නේ නැහැ. මේ ජාවාරම් වලට වේලා සටහන්කරු පමණක් නෙමෙයි ඔවුන්ට මෙම තනතුරු ලබාදෙන ප්‍රාදේශීය දේශපාලකයන් සහ නිලධාරීන් ද සම්බන්ධයි. ඔවුන්ටද මම හිතන විදියට කොටසක් ලැබෙනවා. පුද්ගලික බස් පිළිලයක්.පුදුමයකට තිබෙන්නේ එදා ඒවාට විරුධව උද්ගෝෂණ කරපු මිනිස්සුම අද බලයට පත්වී එම ක්‍රියාදාමයන් පෝෂණය කිරීම සහ ජනතාව ගසා කෑමට උදවු දීම (නි)
ඒ ජොබ් එක ලැබෙනවා නම් කොච්චර හොඳද, මාසෙට පඩිය ලක්ෂ 18 ක්... (ස)
ආයෙමත් ඇප මත මුදා හරීද දන්නේ නැහැ නේද? (නි)
මේ කප්පමෙන් කොටසක් තවත් කවුරුහරි ලොක්කෙකුගේ සාක්කුවට යනවද දන්නේ නැහැ. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න වෙයි. (දී)
නියෝග මත මුදාහරි. (ස)
ද සිල්වා, සහතික ඇත්ත. පුදුමේ කියන්නේ බස් සංගම් ලොක්කොවත් මේ හොරුන්ව අල්ලලා දෙන්නේ නැහැනේ. ඒ කප්පමත් බස් ගාස්තුව වැඩි කිරීමෙන් අපෙන්ම පියවා ගන්න හදනවනේ! (නි)
ඔක්කොම කප්පම්කාරයෝ. (ස)
ලංකාවේ බහුතරය ඉතින් කප්පම්කාරයොනේ (නි)
කැළණිය පැත්තේ නම් මේ වගේ කප්පම් ගන්න මුදල් වලින් කොටසක් අපේ ලොකු ඇමති වරයකුට ලැබෙනවා. කවුරුත් දන්නා රහසකි . මෙම සිද්දියත් එවැනි ලොක්කෙකුගේ අනුමැතිය ඇතුව කරපු දෙයක් වෙන්න බැරි නැහැ.(නදී)