ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශන, අනියම් හා තාවකාලික සේවකයන් වහා ස්ථිර කරන ලෙසත්, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සේවක කප්පාදුව වහා නතර කරන ලෙසත් බල කරමින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය සංවිධානය කළ උපවාසයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද ආරම්භ විය.
දිගින් දිගටම බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් කිසිදු සහනයක් තමනට නොලැබීම නිසා මෙම උපවාසය ආරම්භ කළ බවත්, තමන් මෙම රජය නියෝජනය කරන වෘත්තිය සමිතිය වුවත් තමන්ගේ ගැටළුවට දුම්රිය බලධාරීහු හරි හැටි ඇහුම්කන් නොදෙන නිසාත් මෙම උපවාසය ආරම්භ කළ බව ඔවුහු කීහ.
තවත් දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති කීපයක් ද සහය දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට යන කල !!! (නි)
ඔයාලා ඇත්තටම ගන්න වැටුපට වැඩ කරනවද? රේල්ලුවේ නොව, ලංකාවේ ගොඩක් රජයේ ආයතන වල වැඩකරන මිනිස්සු වැටුප් ගන්නවා විතරයි. කරන්න බොහෝ දේ තිබුනත් මඟහරිනවා.එයාලා දන්නේ නැහැ එයාලම වළ කපාගන්නේ තමන්ටම හා තමන්ගේ ළමයින්ට ජීවත් වෙන්න තියෙන රටට කියලා (නි)