අධිරාජ්‍යවාදීන්ට එරෙහි 1818 කැරැල්ල මෙහෙයවූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේගේ 197 වැනි ජන්ම දිනය වෙනුවෙන් මාතලේ ජාතික කැප්පෙටිපොල පදනමේ මෙහෙයවීමෙන් මාතලේ මහජන පුස්තකාලය අසළ ඉදිකළ කැප්පෙටිපොළ පිළිරුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කැරිණි.
මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය ද රුපියල් ලක්ෂ 2400ක වියදමින් නවීකරණය කිරීමේ කටයුතු ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ඉපදෙන්න කාලය හරි නිළමේතුමනි (නි)
ඔබ සදා අමරණීය විරුවෙකි (නි)
විදෙස් ආක්‍රමණයන්ට විරුද්ධව නැඟීසිටි ගිහි පැවිදි අපේ වීරෝධාර නායකයන් සඳහා මෙසේ ස්මාරක තැනීම අපේ පරම යුතුකමක් වන අතර මෙම යුගයේද කුරිරු ත්‍රස්තවාදයෙන්ගේ බෝම්බ වලට ගොදුරුව දිවිපිදු කොබ්බෑකඩුව මැතිඳුන් ඇතුළු විරුවන් මෙන්ම අප රටට අහිමිවූ සම්භාවනීය දේශපාලඥයින් ගැනද අපේ දරුවන් දැනුවත් කර ඔවුන් වෙනුවෙන් ස්මාරක තැනීම වටි (නි)
මෙවන් විරුවන් නැවත කවදා මේ රටේ පහළවේද? (නි)
නාමය නොදිරයි ජාතික විරුවාණෙනි. (නි)
නාමය නොදිරයි විරුවාණෙනි (නි)
හදවතින්ම අගය කළයුතු විරුවෙක්.... (නි)
නිහාල් මහත්මයා, මේ රට ජාතිය ගළවා ගැනීමට නම් මේ රටේම, මරණින් පසු අදෘෂ්‍යමාන බලවත් ආත්මයක් ලැබීමට උදේ සවස පතන්න. මම නම් එය කරනවා. (නි)
රුවන්ති, කොහොමත් එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා. (ර)
සොපී,ලියොන්, ඔබගේ අදහස හරි. එමෙන්ම තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් සිංහල අයිතිය අද පාවාදෙන්නවුන්ට කැප්පෙටිපොළ චරිතය ආදර්ශයක්. (නි)
රෝහිත ඔයා ගැන කණගාටුයි වගේම ඔබගේ වචන වලින් ජාතකය ගැන පැහැදිලියි (බ)
රෝහිත රටේ නායකයාට ඔහොම කතා කරන්න හැකියාව ලැබුණේ දැන් නිදහසේ ඕනෑම කෙනෙකුට දොඩන්න පුළුවන් නිසානේ (ම)
ජයවේවා රෝහිත සහෝදරයා සියයට සියයක් එකඟයි... (ම)
ලෝකයට මිලේච්චත්වය ආරම්භ කළ තිරිසන් සුද්දන් විසින් ඝාතනය කළ ජාතියේ විරුවාණෙනි ,ඔබ අවසන් මොහාතේ ප්‍රාර්ථනා කළ පරිදි හිමාලයේ දෙවියකු වී අප රට පවා දෙන ද්‍රෝහීන්ගෙන් ආරක්ෂා කරන බව විස්වාසයි (ම)
දැන් කාලේ හැමදේටම නිදහස නිදහස තියෙනවා. (ම)
කාට වුණත් කෙලෙහිගුණ මතක තිබුණ එක ලොකු දෙයක්.අසාධාරණයට ලක් වුණ පුරන් අප්පුටත් නිසි ගෞරවය දෙන්න. (ම)
ඉතා හොඳයි (නි)