මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට ජාතික වීරයින් 19 දෙනකු දේපළ හා මුදල් පිළිබඳව ගැටලුවක් නිසා රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැති බව කී නියෝජ්‍ය ඇමැතිවරයා බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාවට 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත්‍රයෙන් මෙම ජාතික විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බව ද කීය.

රාජද්‍රෝහීන් ලෙස නම් කැර ඇති එම විරුවන් එයින් මුදවා ගැනීමට අධිකරණ අමාත්‍යංශය මැදිහත් විය යුතු බවද තෙවරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.