කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත්තු කරගෙන අලුයම නිවිතිගල කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගොස් 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පස් වැනි යා වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත සිසුවා මෙවර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම අට වැනියා විය.
ඔහු ජීව විද්‍යා අංශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා ද විය.
ඒ සාමාර්ථ තුනක් ද සමග සහන්ගෙඉසෙඩ් ස්කෝර් කඩඉම් අගය 2.7248කි.
කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි. තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් විය. එහි සිට පාඩම් කර ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අතර 2014 වසරේ ඔක්තෝබර මාසයේ ඔහුට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයෙන් රත්නපුර නව නගරයේ නිවසක් හිමි විය.
ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කළ අතර මෑතකදී පොත් කඩයක රැකියාවක් ලැබිණි. සහන්ට සහෝදරයෝ දෙදෙනෙකි. නදුනි නිමාෂා නැගෙනිය පහ ශ්‍රේණියේ ද මල්ෂා ඉමානි 10 ශ්‍රේණීයේ ද උගනිති.
‘ලංකාදීපය මා ගැන රටටම දැනුම් දුන්නා. මේ වන විට මට උදව් කිරීමට බොහෝ පරිත්‍යාගශීලීන් ඉදිරිපත්ව සිටිනවා. එය මගේ ඉදිරි අධ්‍යාපනයටත් මගේ පවුලේ අයටත් විශාල අස්වැසිල්ලක් ලංකාදීප කළ මෙහෙවරට මා ස්තුතිවන්ත වෙනවා.‘ යැයි සහන් 2013 දී ලංකාදීපයට කීවේය.
සාමාන්‍ය පෙළ විභාගයයෙන් කොළඹ රාජකීය විද්‍යාලයයට ඒමට ඔහුට වරම් ලැබුණද සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයය අතහැරීමට ඔහු අකමැති විය. ඒ අනුව උසස් පෙළ එම පාසලේම හැදෑරීමට ඔහු තීරණය කළේය.
ඒ අනුව උසස් පෙළ විභාගයෙන්ද ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන් පස් වැනි තැන ගත් සහන් ලංකාදීපයට මෙසේ කීවේය.
‘සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණාම බොහෝ දෙනෙක් හිතනවා උසස් පෙළ ලේසියි කියලා. මම එහෙම හිතුවේ නෑ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්පූර්ණයෙන් අමතක කර මුල සිට උසස් පෙළ කරන්න ගත්තා. මං ගැන පුවත්පත්වල ගියා නිසා උපකාරක පන්ති සඳහා නොමිලේ පහසුකම් ලැබුණත් මං වැඩිය පන්ති ගියේ නෑ. නිතරම පාසල් ගියා. පාසලේ හිටපු විදුහල්පති උපාලි ජයතිස්ස මහතාගෙන් සහ විද්‍යා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.
දවල් කාලයේ දී ජීව විද්‍යා විෂය පාඩම් කළා. රාත්‍රී අටේ සිට එක පමණ වන තුරු රසායන විද්‍යාව හා භෞතික විද්‍යා පාඩම් කළා, ගණන් හැදුවා. පරණ ප්‍රශ්න පත්‍ර කළා. පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට ලිව්වා. මේ ලැබුණු ප්‍රතිඵලය ගැන මට හරි සතුටුයි.
අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මා ලද ප්‍රතිඵලය ගැන අම්මටයි තාත්තටයිත් ගොඩක් සතුටුයි.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හොඳින් කර හොඳ වෛද්‍යවරයෙක් වී දුප්පත් මිනිස්සුන්ට සේවය කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි.
මේ මේ තරම් දුර යන්නට උදව් උපකාර කළ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.‘‘
සහන්ගේ මව ලලිතා ද සිල්වා මහත්මිය තම දරුවාගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් මෙලෙස කීවාය.
‘‘මම තේවත්තේ වැඩ කරලයි පුතාලට වියදම් කළේ. පුතාගේ වැඩ ගැන සෙයා බලන්න කාලය ලැබුණේ අඩුවෙන්. සමහර වෙලාවට ගෙදර වැඩපළත් පුතා කළා. ඒ අතරේ හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ජයග්‍රහණයෙන් පසු පුතා උසස් පෙළත් හොඳට සමත් වෙයි කියා මගේ විශ්වාසයක් තිබුණා. පුතා ලබා ගත් ජයග්‍රහණය ගැන මට ලොකු සතුටක් දැනෙනවා.‘‘
සහන්ගේ පියා විජේවන්ත මහතා -
‘‘පුතා වෛද්‍ය වරයෙක් වීමට විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. පුතා වෛද්‍යවරයකු වෙනවා දකින්න අපි කැමතියි. පුතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා. පුතා ඉගෙන ගත්තේ නිවසේ බොහෝ ප්‍රශ්න මධ්‍යයෙයි.‘‘
සහන්ගේ වැඩිමල් සහෝදරිය මල්ෂා ඉමානි -
‘‘අයියා අපිවත් බලාගන්නා අතරතුර තමයි ඉගෙන ගත්තේ. බොහෝ වෙලාවට ගෙදර වැඩත් කළා. අයියා වෛද්‍යවරයෙන් වෙනවා බලන්න අපි කැමතියි. අපේ අයියා ලබා ගත් ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටුයි.‘‘
ඡායාරූප අප්සරා යෝෂිත් විජේසූරිය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තෙරුවන් සරණයි පුතා.(හේ)
මෙම දක්ෂ දරුවට සුබ පතනවා. නමුත් පාඨලී චම්පික පහුගිය රජයේ ඉන්න කාලේ කියනවා දැක්ක ලංකාවේ දැන් හැම ගෙදරකටම විදුලිය තියෙනවා කියල (බ)
කොළඹට කැකිරි ගමට කිරි අලුත්ම ප්‍රවණතාවයක්. සහන්, ඔබ අනාගත ලංකාවට විශිෂ්ට සහනයක්ම වේවා! ඔබගේ ශක්තිය ඔබටම විශ්ව ශක්තියක් වේවා! (බ)
තවමත් අපේ රටේ මෙහෙම ධෛර්යවන්ත දරුවෝ ඉන්න එක ගැන හරිම ආඩම්බර හිතෙනවා (ම)
තුනුරුවන් සරණයි...! ඔබගේ සහ පවුලේ දිවිමග පහන්වෙවා..!!! (ම)
ඔබගේ උත්සාහය සහ ඔබ අත්කරගත් ජයග්‍රහණය සියලු දරුවන්ට ආදර්ශයක් වේවා.තෙරුවන් සරණයි පුතේ.රටට සහ මිනිසුන්ට ආදරයකරන වෛද්‍යවරයකු වීමට ලැබේවා. (ම)
ඔබට ශුභ පැතුම්, පුතා! (ම)
මමත් ගමේ කෙනෙක් පුතා . මමත් ඔය වගේ තමයි දුක්විදල ඉගෙන ගත්තේ. ඒ කලේ අපිට උදව් කරන්න හෝ උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. කොහොම හරි විභාගයට ලියල ලිපිකරුවෙක් වුණා .එත් අතාරියේ නැහැ. ඉගෙනගෙන ඉහළට ගියා . දැන් ඉන්නේ ඇමෙරිකාවේ වුණාට මම අතීතය අමතක කරලා නැහැ. පුතා ඔයත් අතීතය අමතක නොකර ඉගෙන ගන්න. ඔබට ජය වේවා. තුනුරුවන්ගේ පිහිටයි.(ම)
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවේ ලොව ගණ අදුරු නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු. (ම)
ඔයාගෙ හැකියාව අගේ කරනවා ...... (ම)
ඔබේ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම්! (කෞ)
ජීවිතේ හැම දුකක් ඉදිරියේදීම සැපක් ලැබෙනවා පුතේ, ඔයාට ඉදිරියටම යන්න ජය! (ම)
ආදරණීය පුතේ, අනාගතයේ දවසක උගත්, විනීත, වැදගත්, නිහතමානි මෙන්ම ලොව සැමගේ ආදරය ගෞරවය ලබන වෛද්‍යවරයෙකු වී ලොව සැමටම එකසේ සේවය කිරීමට ඔබට වාසනාව ශක්තිය මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා තුණුරුවන්ගේ පිහිට ලැබේවා! (නි)
තෙරුවන් සරණයි පුතා! (නි)
බොහොම හොඳයි (බ)
වාසනාවන්ත පුතේ, ඔයාගේ දෙමව්පියන්ට මේ දුන් සතුටෙන්ම ඔයා බලාපොරොත්තු වන තැනට යන්නට දෙවියන් ආශිර්වාද කරනවා නියතයි. පුතේ, ඔයාට තිසරණ සරණයි! (නි)
ඔබ හැමවිටම නිහතමානී වෙන්න. ඔබට ජය! (නි)
මගේ පුතේ, නුඹට තෙරුවන් සරණයි! (නි)
ආදරණීය පුතේ, නුඹ ගැන අපට ආඩම්බරයි. මතක තියාගන්න නුඹ දොස්තර කෙනෙක් කළේ නුඹේ ශක්තිය, රටේ නිදහස් අධ්‍යාපනය සහ නුඹගේ දුප්පත් දෙමාපියන්. දවසක නුඹ දොස්තර කෙනෙක් වේවි. එදාට නුඹ වගේම තවත් දහස් ගණනක් දුප්පත් මිනිසුන් නුඹ සොයා ඒවි. එදාටත් අද වගේම මතකයට නඟාපන් නුඹට සවියක් වුණ නුඹගේම දුප්පත්කම. සළකාපන් කාරුණික සිතින් නුඹ සොයා ආ අසරණ දුප්පත් රෝගීන්ට. එදාටත් නුඹගේ ඔය නිරහංකාර සිනහවෙන් සංග්‍රහ කරපන් හැමදෙනාටම. නුඹට තෙරුවන් සරණයි! (නි)
කවදාවත් දෙමාපියන් සහෝදර සහෝදරියන් අමතක කරන්න එපා. ඔබට ජය! (නි)
ඔබ වැනි දරුවන් ජාතියට සම්පතකි. අනෙක් දරුවන්ට ආදර්ශයකි. ඔබට ජයෙන් ජය! (නි)
අර උදේට චීස්, හැම් බේකන් සමඟ ආහාර ගෙන, සුඛෝපභෝගී රථ වලින් කොලිජි වලට ගෙනවිත් බස්සා, සවසට ටියුෂන් යවා උගන්වන බේබිලගේ සාමාර්ථයන්ට වැඩිය මේ සාමාර්ථය කොයිතරම් වටිනවද? ඒ වගේම සියලු පහසුකම් සහිත එම පාසල් වල රටේ හතර දිග්භාගයේම සිටින පෙරාපු රත්තරන් වැනි දක්ෂ දරුවන්ට උගන්වා ඉන් කිහිප දෙනෙකුට ඉහළ සාමාර්ථයන් ලබාදී ඉහළින් උදම් අනන ගුරුවරුන්ට වඩා මෙම දුෂ්කර පාසල් වල උගන්වන ගුරු මහත්ම මහත්මීන්ගේ උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵල කොතරම් අගය කළයුතුද? එම දරුවරුන්ටත් ගුරු මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පුදකරමි. (නි)
ඔබට සුබ පැතුම්! (නි)
දුප්පත්කම භෞතික පැවැත්මට බාධාවක් විය හැකි නමුත් එය බුද්ධි වර්ධනයට බාධාවක් නොව ආශිර්වාදයක්ද විය හැකි බව ප්‍රකටකරන තවත් එක් උදාහරණයක්. (නි)
වෙයන් පුතේ හොඳ දොස්තර මහතෙක්... වැඩ වර්ජන නොකර කරපන් සේවය නුඹ වගේම නැති බැරිකමින් ලොව ජයගන්න වෙර දරන මිනිසුන්ට.... බුදුසරණයි පුතේ නුඹට! (නි)
තවමත් අපේ රටේ මෙහෙම ධෛර්යවන්ත දරුවෝ ඉන්න එක ගැන හරිම ආඩම්බර හිතෙනවා (නි)
අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් වැඩවර්ජන නොකරන වෛද්‍ය පරපුරක් අනාගතයේදී බිහිකිරීමට උත්සහ දරන්න. ඔබට ජය! (නි)
මම ඔබට සුබ පතනවා! ඒ අතර ඔය මතකයද ගිලිහීමට පත්නොවේවා! (නි)
හැබැයි පුතේ වෛද්‍යවරයෙක් වෙලා පිටරට යන්න එපා. රටට හැබෑවටම සේවයක් කරන්න. දැන් වෛද්‍යවරුන්ටත් ආදර්ශයක් වෙන්න. (නි)
රටට යහපතක් කරන්න දායකවන්න පුතේ (නි)
මෙවන් පුවතක් දැකීමත් සතුටක්. කාර්යාලයේ නිසා අමාරුවෙන් ඇසට නැඟුන කදුළු වසන්කරගෙන කියෙව්වේ. මල්ලි, නුඹේ අනාගතය දැන් තීරණය වී අවසන්. ඒක පැහැරගන්න කාටවත් බැහැ. ඔබ කිසිදාක ඔබේ දුප්පත් දෙමව්පියන්වත් ඔබේ දුප්පත් අතීතයවත් අමතක කරන්න එපා. මමත් ඔබ වගේම ලාම්පු එළියෙන් පාඩම්කර උසස්පෙළ ජයගෙන ඉංජිනේරුවෙක් වුණේ. උපතින් සියල්ල ලැබෙනවාට වඩා තමා විසින් සියල්ල උපයාගෙන ජීවිතය ජයගැනීම හරිම තෘප්තිමත් අත්දැකීමක්. ඔබට රටට වැඩදායි වෛද්‍යවරයෙක් වෙන්න. තුණුරුවන් සරණ පතමි. (නි)
ඔබට සදා ජය පතනවා. (නි)
නිකම්ම දොස්තර මහත්තයෙක් නොවී, දෑ සමය සුරකින ප්‍රඥාවන්ත දොස්තර මහත්මයෙක් වෙන්න. ඔබ යන ගමනට ආසිරි! ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි. (නි)
දුක් කන්දරාවක් මැද ජීවත්වුණ ඔබේ පවුලට සහන් එළියක් ගෙනා සහන පුතාට ආදරයෙන් සුබ පතමි. (නි)
දුප්පත් මිනිස්සු හරිම පොහොසත්. ඒ පොහොසත්කම ඉදිරියට එන්න හුඟක් කල් යනවා. ඒකට උත්සාහය තියෙන්නම ඕනෑ. මේ පුතා ඒකට ආදර්ශයක්. ඔබට සුබ අනාගතයක් පුතේ! (නි)
මෙවන් පුතෙක් ලද මවුපියන් නිවුනා වේ! (නි)
අපිත් ගොඩක් මහන්සිවෙලා ඉගෙනගත්තා. ඒ වගේ ළමයි දකිනකොට හරිම සතුටුයි. (නි)
ඔබේ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම්! එකම ඉල්ලීම ඔබ වෛද්‍යවරෙක් වුණාට පස්සේ සල්ලි පස්සේ දුවන්නේ නැතුව අහිංසක මිනිසුන්ට උපකාර කරන්න. ඔබේ අම්මා තාත්තා වගේ තවත් දුක්විඳින මිනිස්සු ඉන්නවා කියන එක හිතේ තියාගන්න (නි)
ඔබට සුබ අනාගතයක්. ඊර්ෂ්‍යා කරන මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න. (නි)
කරුණාකරලා මේ පුතාගේ දුරකථන අංකය සහ ගිණුම් අංකය සොයා දෙන්න .ස්තුතියි (බ)
සුබ පැතුම් කොල්ලෝ! මේවා තමයි නිදහස් අධ්‍යාපනය හරියට භුක්ති විඳීමේ ප්‍රතිඵල. බහුතරයකට ගොඩයාමේ එකම මඟ එයයි. එය රැකගැනීම අප කාගේත් යුතුකමයි. (නි)
මට කඳුලක් ආවේ මගේම පාසල් කාලේ මතක්වෙලා (නි)
සුබ පැතුම් පුතේ . නුඹට සමන් දෙවි පිහිටයි (හේ)
රුවන්පුරෙන් උපන් රත්තරන් පුතාට සුබ අනාගතයකක් නිසැකයි චිරං ජයතු ! (බ)
උතුම් පුතෙක්. (ස)
ලංකාවේ උගත් මිනිසාට කිසිම වටිනාකමක් නැත. මොකට කියනවද රට කරවන අයගේ වැරැද්ද..එම නිසා නිදහස් අධ්‍යාපනය මාර්ගයෙන් උගත් සැම දෙනාම තම රට අතහැර පිටරටවලට යනවෝ. (ස)
පුතේ දොස්තර කෙනෙක් වුනාම හිතන්න ඔබගේ දෙමව්පියන් වගේම දුප්පත් දෙමව්පියන් මේ රටේ ජිවත් වන බව. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා. (ස)
පෙර පිං ඇති පුතෙක්.දොස්තර කෙනෙක් වෙලා තවත් පිං වැඩිකර ගන්න. (ස)
ආදරණිය පුතේ, ඔබට ජයෙන් ජයම ලැබේවා. ඔබට ලැබී ඇත්තේ ජයක් නොව ඉතාමත්ම විශිෂ්ඨ ජයක්. (ස)
පුතේ ඔබ රටටම ආඩම්බරයක්. දුප්පත් කමත්, මිනිසත් බවත් ලොව ජය ගන්න අධ්‍යාපනය පන්නරයක් කරගෙන බුද්ධිමතෙකු වී වැදු මවත් දිනු බිමත් රැක ගන්න ඔබට ශක්තිය ධේර්ය ලැබේවා. උගතකු වී බුද්ධිමත්ව සිතීමට නිතරම ක්‍රියාකරන්න. තෙරුවන් සරණයි ! (ස)
මුල අමතක නොකරන යහපත් ලාන්කිකයකු බුද්ධිමත් උගතෙකු මෙන්ම ලොවට දායාද වේවා (ම)
මුලු සිසු පරපුරටම ආදර්ශයක්. පුතා දුක අඳුනගෙන ඉගෙන ගන්න. වරදින්නේ ම නැත. සුබ අනාගතයක්. (ස)
ඔබ වැනි දරුවන් ජාතියට සම්පතකි. අනෙක් දරුවන්ට ආදර්ශයකි. ඔබට ජයෙන් ජය! (ස)
ඔබට සදා ජය පතනවා. (ස)
ඔයාට ඕනෙම උදව්වක් අවශ්‍ය නම් මට දන්වන්න. (ස)
හරිම සතුටුයි මල්ලි. (කෞ)
කොල්ලට පුළුවන් පව්ලම ගොඩගන්න. කරුනකර මේ ළමයට හෙමෝම උදව් කරමු. ලංකාදීප පත්තරෙන් ගිණුම් අංකය ප්‍රචාරය කරන්න. මේ වගේ දරුවන්ට කලිනුත් ලංකාදීප පත්තරෙන් පත්තරෙන් උදව් කරලා තිබුණා. (ස)
ආදරණිය පුතේ, ඔබ නම් ඉතා විශිෂ්ඨ පුතෙක්මයි. ඔබට ජයෙන් ජයම ලැබේවා. ඔබටත් පවුලේ සුමටත් තෙරුවන් පිහිටයි !!!! (ස)
ඒ දරුවා දිහා බලන්න. කිසිම සෝබනයක් නැතිව කොන්ඩේ කපල, සාමාන්‍ය විදිහට ඉන්නවා. අව්‍යාජ හිනාව, ඇස්දෙකට කඳුලක් නොවැටුන කෙනෙක් නැහැ මම හිතන්නේ මේක බලල. ඔබට තෙරුවන් සරණයි පුතේ. තෙරුවන් සරණයි. (ස)
අවම පහසුකම් යටතේ මෙවන් ජයක් ලැබීම ඉතාමත්ම විශිෂ්ඨ ජයක් කියලයි මම හිතන්නේ. අාදරණිය පුතේ, ඔබ වැනි දරුවන් ජාතියට සම්පතකි. (ස)
කියන්න වචන නෑ පුතේ. නුඹට තෙරුවන් සරණයි. (ස)
මුදල් පසු පසම දිව යන මෙවන් සමාජයක මෙවැනි අසරණ දුප්පත් දරුවන් ඉදිරියට ගැනීමට වෙහෙසෙන ලංකාදීපයට සහ එම විදුහලේ ගුරු භවතුන්ට මගේ උපහාරය. පුතේ ඔබ ගැන මම බෙහෙවින් ආඩම්බර වෙමි. (ස)
අද දවසේ උදෙන්ම දැකපු මේ ලිපියෙන් අද දවස මගේ සතුටුම දවසක් වේවි. (ස)
කුමන බාධක ආවත් සැළෙන්න එපා. ඔබට ජය! (නි)
පුතේ, නුඹට ජයවේවා! මුල අමතක කරන්න එපා. ඊර්ෂ්‍යාකාර, කූට පාප මිතුරන්ගෙන් පරිස්සම් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් හොඳින්ම කරගන්න. (නි)
ඔයා දොස්තර මහත්තයෙක් වෙලා හොඳ රෝහලක් දාන්න. ඊටපස්සේ අහිංසක දුප්පත් මිනිසුන්ට පහසුවෙන ආකාරයෙන් හොඳ ප්‍රමිතියෙන් ඉහළ බෙහෙත් දෙන්න. තමන්ගේ රට ගැන හිතන්න. ඔයාට සුබ අනාගතයක් වේවා...! (නි)
හොඳ වෛද්‍යවරයෙක් වෙන්න සුබ පැතුම් ඔබට පුතා අවංකව සේවය කරන්න (ම)
සහන් ඔබගේ මවගේ සිනාව දැක මගේ නෙත් තෙමුනා, ඔබටත් ඔබේ පවුලටත් ජය වේවා ! (බ)
අැයි අර විදුලිබල ඇමතිනීව හිටිය කෙනා අඩු තරමේ රත්නපුර දිස්ත්‍රික්කයටවත් විදුලිය දුන්නේ නැද්ද ? ආදරණිය පුතේ, ඔබ නම් ඉතා විශිෂ්ට පුතෙක්මයි. ඔබට ජයෙන් ජයම ලැබේවා. ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් පිහිටයි (බ)
නියම කොල්ලෙක් (බ)
තෙරුවන් සරණයි පුතා! (බ)
රටට දැයට වැඩදායි සමාජයට යහපත් වැඩක් කළ හැකි පුද්ගලයෙක් වෙන්න කියා සුබ පතනවා ! දවසක දුප්පත් දරුවන් වෙනුවෙන් යමක් කරන්න ශක්තිය ලැබේවා ! (ම)