ඇවෙන්ජර්ස් සුපිරි වීර චරිත නැවතත් සිනමා ප්‍රේක්ෂයින්ගේ මතකයට නැවත ගෙන එන "කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝර්" චිත්‍රපටය මැයි මස 06 වැනිදා සිට හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇතත. ශ්‍රී ලංකාවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදීද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය මේ වසරේ ලොවපුරා ප්‍රදර්ශනය වන අති සාර්ථකම චිත්‍රපටය වනු ඇති බවට මේ වනවිටත් අනාවැකි පළවී ඇත.