වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස සැලකෙන කේ.පී. හෙවත්් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවද නැද්ද යන්න පිළිබඳ තීරණය මේමස 30 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද(9) පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් රටින් පිටවීම තහනම් කරමින් මීට පෙර අභියාචනාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයද ලබන 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමටද අධිකරණය තීන්දු කළේය.
කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණී.
යුද හමුදාපති ,පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිති.
ප‍්‍රධාන පෙළේ එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන කුමරන් පද්මනාදන් විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ නමුත් ඔහු උතුරු ප‍්‍රදේශයේ නිදහසේ සිටිමින් කටයුතු කරන බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
ත‍්‍රස්තවාදී ක‍්‍රියා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමත් ,ජාත්‍යන්තර පොලීසියටද අවශ්‍ය සැකකරුවෙකු වන කේ.පී ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීමත් ගැටලූ සහගත බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.
පෙත්සම ලබන 30 වැනිදා යළි කැඳවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු විජිත හේරත් මහත්තයාට මොකද කරන්න පුළුවන් කියලා. (නි)
දැන්නම් ජවිපෙ ඇදගෙන නානවා කියලයි අපිට හිතෙන්නේ (නි)
ටෙහාන්, ඔබේ අදහස තේරෙන්නේ නැහැ. කේපී ගැන ඊනියා දේශප්‍රේමීන් කටවහගෙන ඉන්නේ මොකද? (නි)
සත්‍යයා, ජවිපෙ කටයුතු දැකලා සමහර දේශප්‍රේමීන් කලබලවෙලා. (නි)
යුද්දේ අවසන්කළේ ජවිපෙ නෙමෙයි තමයි. මෙරටේ රණවිරුවෝ ජීවිත කැපකරද්දී රටේ සමස්ත ජනතාවම ජීවිත රටාව කැපකරලා සැවොම සාමුහිකව දිනාගත්ත දෙයක්. ඒකට දේශපාලන නායකත්වය දුන්නේ ආණ්ඩුව. ආණ්ඩුව එතනට තල්ලුකලේ ජවිපෙ සහ හෙළ උරුමය. ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය ලෙස හඳුනාගෙන යුධමය වශයෙන් පරාජය කලයුතුයි කියන මතය රටේ ජනතාවගේ මොලගෙඩි තුලට යැව්වේ ජවිපෙ සහ හෙළ උරුමය. (ර)
හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති මේවට වග කිව යුතු නේද? (බ)
ත්‍රස්තවාදියට රැකවරණය දීලා සැප දුන්නේ කවුද කියලා අපි දන්නවනේ. රටම නිදහස් කර දුන් ජාතික විරයා හිරේට දක්කලා, ත්‍රස්තවාදී නායකයන්ට සුරසැප දුන්නා. (නි)
රොමේෂ් මහත්තයෝ, ඇත්ත පිළිගන්න පුළුවන් ඔබවැනි අයත් රටේ ඉන්න එක ගැන මට සන්තෝසයි. (ර)
විජිත හේරත් මැතිතුමාට අපගේ ප්‍රණාමය! (නි)
මොනවටද අජිත්? යුද්ධය අවසන්කළ එකටද? (නි)