IMG-LOGO

කේපීට එරෙහි නඩුව ගැන ජවිපෙන් අහයි

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස සැලකෙන කේ.පී. හෙවත්් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු  කළ රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවද නැද්ද යන්න පිළිබඳ තීරණය මේමස 30 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද(9)  පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.

කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් රටින් පිටවීම තහනම් කරමින් මීට පෙර අභියාචනාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයද ලබන 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමටද අධිකරණය තීන්දු කළේය.

කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණී.

යුද හමුදාපති ,පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිති.

ප‍්‍රධාන පෙළේ එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන කුමරන් පද්මනාදන් විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ නමුත් ඔහු උතුරු ප‍්‍රදේශයේ නිදහසේ සිටිමින් කටයුතු කරන බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

ත‍්‍රස්තවාදී ක‍්‍රියා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමත් ,ජාත්‍යන්තර පොලීසියටද අවශ්‍ය සැකකරුවෙකු වන කේ.පී ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීමත් ගැටලූ සහගත බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.

පෙත්සම ලබන 30 වැනිදා යළි කැඳවේ.



අදහස් (0)

කේපීට එරෙහි නඩුව ගැන ජවිපෙන් අහයි

සත්‍යයා Tuesday, 10 May 2016 12:50 AM

බලමු විජිත හේරත් මහත්තයාට මොකද කරන්න පුළුවන් කියලා. (නි)

:       0       0

ටෙහාන් Tuesday, 10 May 2016 01:39 AM

දැන්නම් ජවිපෙ ඇදගෙන නානවා කියලයි අපිට හිතෙන්නේ (නි)

:       0       0

චන්දි Tuesday, 10 May 2016 02:57 AM

ටෙහාන්, ඔබේ අදහස තේරෙන්නේ නැහැ. කේපී ගැන ඊනියා දේශප්‍රේමීන් කටවහගෙන ඉන්නේ මොකද? (නි)

:       0       0

ප්‍රියා Tuesday, 10 May 2016 03:01 AM

සත්‍යයා, ජවිපෙ කටයුතු දැකලා සමහර දේශප්‍රේමීන් කලබලවෙලා. (නි)

:       0       0

රොමේෂ් Tuesday, 10 May 2016 06:01 AM

යුද්දේ අවසන්කළේ ජවිපෙ නෙමෙයි තමයි. මෙරටේ රණවිරුවෝ ජීවිත කැපකරද්දී රටේ සමස්ත ජනතාවම ජීවිත රටාව කැපකරලා සැවොම සාමුහිකව දිනාගත්ත දෙයක්. ඒකට දේශපාලන නායකත්වය දුන්නේ ආණ්ඩුව. ආණ්ඩුව එතනට තල්ලුකලේ ජවිපෙ සහ හෙළ උරුමය. ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය ලෙස හඳුනාගෙන යුධමය වශයෙන් පරාජය කලයුතුයි කියන මතය රටේ ජනතාවගේ මොලගෙඩි තුලට යැව්වේ ජවිපෙ සහ හෙළ උරුමය. (ර)

:       0       0

අජිත් Monday, 09 May 2016 02:15 PM

හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති මේවට වග කිව යුතු නේද? (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 09 May 2016 05:28 PM

ත්‍රස්තවාදියට රැකවරණය දීලා සැප දුන්නේ කවුද කියලා අපි දන්නවනේ. රටම නිදහස් කර දුන් ජාතික විරයා හිරේට දක්කලා, ත්‍රස්තවාදී නායකයන්ට සුරසැප දුන්නා. (නි)

:       0       0

රොකී Thursday, 12 May 2016 02:13 PM

රොමේෂ් මහත්තයෝ, ඇත්ත පිළිගන්න පුළුවන් ඔබවැනි අයත් රටේ ඉන්න එක ගැන මට සන්තෝසයි. (ර)

:       0       0

යසන්ත Monday, 09 May 2016 09:08 PM

විජිත හේරත් මැතිතුමාට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ගිහාන් Monday, 09 May 2016 09:33 PM

මොනවටද අජිත්? යුද්ධය අවසන්කළ එකටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 584 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site