- මහ බැංකුව කෙරෙහි විශ්වාසය පළුදු වුණා.
- බැඳුම්කර නිකුතුවෙන් රජයට විශාල පාඩුවක්.
- අර්ජුන් මහේන්ද්‍රන් කෙළින්ම වගකිව යුතුයි.
- මහ බැංකු අධිපතිටත් පර්පචුවල් සමාගමටත් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.
- සමාගම විශාල ලාභයක් ලබලා.
- මහ බැංකු පාඩුව සමාගමෙන් අයකරගත යුතුයි.
- නිර්දේශ ක්‍රියාත්මක කරනවා නම් පාර්ලිමේන්තුව සොයා බැලිය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය මේ ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් ලෙස සිටිනතාක්, අඩුතරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිනතාක් කෝප් වාර්තාවේ නිර්දේශ හමස් පෙට්ටියට යනවා යනවාමයි. රාජපක්ෂ පවුලේ අයට දඬුවම් නොකිරීමේ "සදාචාරය" ද මේ අය විසින් පණ සේ රැකගන්නවා ඇත. (නි)
පාඩුව වගේම දරුණුයි රටේ රහස් පිටවීමත් (නි)
ගිය ආණ්ඩුව කලේ කුනුබල්දියට දැම්ම කියන කෝප් වාර්තාත් එලියට ගන්න (අ)
නැතුව නැතුව. පාඩුව අයකර ගත්තහම ඔක්කොම හරි (නි)
මොනවද මේ ?රජය විසින් ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය ණය සුරැකුම්පත් නිකුත් කරන අතර රජය වෙනුවෙන් මේවා නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. මෙසේ මහ බැංකුව නිකුත් කරන ප්‍රධාන රාජ්‍ය ණය සුරැකුම්පත් වර්ග දෙකකි. ඒවා නම් භාණ්‌ඩාගාර බැඳුම්කර සහ භාණ්‌ඩාගාර බිල්පත් ය. මින් භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කෙටි කාලීනව එනම් සාමාන්‍යයෙන් වර්ෂයක් හෝ ඊට වඩා අඩු කාලයක් සඳහා වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමටය. එහෙත් භාණ්‌ඩාගාර බැඳුම්කර යනු රාජ්‍ය ණය ලබා ගැනීම සඳහා වර්ෂ දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා නිකුත් කරන රාජ්‍ය ණය සුරැකුම්පත් ය. මේ වන විට වර්ෂ දෙකේ සිට වර්ෂ 30 දක්‌වා වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබේ. මේවායේ පොලී අනුපාතයක් (කූපන් අනුපාතයක්) තිබේ. මෙම භාණ්‌ඩාගාර බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ හැක්‌කේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳුන්ට පමණි.මහා භාණ්‌ඩාගාරයේ ණය අවශ්‍යතා අනුව දේශීය මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් සහ පවතින පොලී අනුපාත යනාදිය ගැන සලකා බලා වෙළෙඳපොළට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රමාණයන් පුවත්පත් දැන්වීමක් මගින් මහජනතාව සහ ප්‍රාථමික වෙළෙඳුන් දැනුවත් කිරීම මහ බැංකුවේ රාජ්‍ය ණය සඳහා දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරනු ලබයි. එම පුවත්පත් දැන්වීමට අනුව ඉහතින් සඳහන් කළ මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳුන් විසින් තම තමන්ගේ ලංසු අදාළ වෙන්දේසි දිනයේදී නියමිත වේලාව තුළ විද්යුත් පරිගණක මාධ්‍යයෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙකී ඉදිරිපත් වූ ලංසු පිළිබඳව ඉතා ඉහළින් ම රහස්‍යභාවය සුරැකිය යුතුය. (අ)
සියල්ලටම පළමුව අයුතු ලාබය ආපසු සතයට ලබාගන්න. ලාබය කව්රු කව්රු බෙදා ගැනීමට සැළසුම් කරගෙන සිටියාද කියා සොයා බලන්න. (නි)
මෙය රටේ සිදුවුණු මහා පරිමාණ වංචා වලින් 1ක් පමණි (නි)