පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු හෙවත් කෝප් කාරක සභාව සැකසූ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන අවසන් නිගමන හා නිර්දේශ වාර්තාව කුමන බාධක ආවත් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කාරක සභික ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එජාප මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් බයිස්කෝප් වාර්තාවක් ඉදිරිපත් කරමින් අලි බබා බේරා ගෙන හොරුන් දහ දෙනෙක්ගෙන් කිහිපදෙනක් බැඳුම්කර වංචාවට හසු කිරීමේ උත්සාහයක නිරත වන බවද ඔහු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර කෑගහන කට්ටිය? (නි)
ඇත්තටම කෝ මහා ලොකුවට දුෂණයට විරුද්ධව කෑගහන කෙනා. එ්කනේ කියන්නේ, පුද්ගලයන්ට උවමනා වුණත්, පක්ෂයේ ප්‍රතිපත්ති හොරකමට සහය දෙනවා නම් කරන්න දෙයක් නැහැ (නි)
මෙතෙක් කල් ඉදිරිපත්කළ කෝප් වාර්තා වලට වූ දෙයම මේකටත් වෙයි නේද? (නි)
කෝ? අපේ පිරිසිදු දේශපාලකතුමා දැන් තමයි නියම වීරකම පෙන්වන්න ඕනෑ. ඊළඟ මැතිවරණයෙන් උගත් තරුණ කොටසේ ඡන්දය බලාපොරොත්තු වෙන්න එපා (නි)
ඇන්ජෙලෝ, උගත් තරුණයෝ කෙසේවෙතත් අහංකාර මෝඩ රැලක් තමා ඔය පැනගෙන ඡන්දෙ දුන්නේ. දැන්වත් දුරදිග බලන්න රටට වෙන අපරාදේ. (නි)
පච ගහන්නේ නැතුව ඕක ජනතාවට දැනගැනීමට මාධ්‍යයට හෙළි කරන්ඩ. එතකොට අපිට බලාගන්ඩ පුළුවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිර්දේශමද තිබුනේ කියල. ඔයාගේ ලොක්කත් බලපෑම් කළා නේද. (බ)
මහා බැංකු මගඩිය දේශපාලන කොටසකගේ වුවමනාවට කෙරුණ දෙයක්ද කියා සිතෙනවා මොකද මගඩියේ හොරු බේරගන්න දඟලන දැඟලිල්ලට. සුනිල් හඳුන්නෙත්ති මහතා මේක අත්හරින්න එපා. ඇනේ ගහලම නවතින්න (බ)
බලාගෙන යනකොට යහපාලනයත් පෙර පාලනය වාගේම තමා, ඔක්කොම හොරු රකිනවා. (බ)
මේක අර ඡන්ද කාලෙ එලියට ආපු දුරකථන සංවාදේ විදිහමනේ 'අපි දැන් ඔයාලට සහයෝගේ දෙන්නම්. පස්සේ පොඩි පොඩි දේවලට අපි විරුද්ධ වෙන්නම්. එ්ත් අපි විරුද්ධ වුනාට ප්‍රශ්නයක් නැහැ අපි බොහොම ටික දෙනා නිසා, ඔයාල ඔයාලගේ වැඩේ කරගෙන යන්න‘ (බ)
යහපාලන බොරුව දැන් මහජනයාට හොඳට තේරිලා තියෙන්නේ. (බ)
කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවම කාටත් බලාගන්න පුළුවන් කව්ද බලපෑම් කළේ, කව්ද බලපෑම් වලට යට වුනේ හෝ නොවුනේ කියලා. කොහොම නමුත් අද වෙද්දී ලංකාවේ පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් කියයි මහා බැංකු මගඩියේ හොරු කව්ද, හොරුන්ව ආරක්ෂා කළේ කව්ද කියන එක. අනික් කාරණය තමයි කෝප් කමිටුවට බලයක් නැහැ හොරුන්ට දඬුවම් කරන්න. (බ)
හදුන් ලැබුණු අවස්ථාවන් නියම ඵල නෙළා ගන්න. අපිට ඔබ විශ්වාසයි (ම)
කමක් නෑ.මේක රාජපක්ෂ රෙජීමයේ කවුරුත් සම්බන්ද නැති නිසා එතරම් ගණන් ගත යුතු නෑ රාජපක්ෂලා ඔකේ හිටියනම් හැකි ඉක්මනට ඕක ඉදිරිපත් කරන්න ඕන. (අ)
මේවට අදහසක් පළකරන්නත් දැන්නම් හිතෙන්නෙ නැහැ අපිට (නි)
කෝප් වාර්තාවෙන් ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසු බට වෙනවා නම්, විපක්ෂය විසින් ආණ්ඩුවට අභියෝග කළ යුතුයි විවෘත ඡන්ද විමසීමක් සඳහා. එය සැබෑ ජනතා නියෝජිතයා කව්ද යන වගට "ලිට්මස් පරීක්ෂාවක්" වේවි. ජනතාව විදිහට අපි සැවොම පක්ෂ භේද දුරලා මේ අවස්ථාවේදී කෝප් කමිටුවට සහයෝගය දැක්විය යුතුයි. මක්නිසාදයත් ඔව්න් සටන් කරන්නේ ඔබෙත් මගෙත් අපේ දරුවන්ගේත් යහපත වෙනුවෙන් යෙදවීමට තිබු මහජන ධනය සොරා කෑ හොරුන්ට දඬුවදීමට සහ ඒ හොරු රකින මහත්හොරුන්ට විරුධව බැවිනි. (අ)
උදය, එකම පරම්පරාවක කට්ටියක් දෙපැත්තේ ඉදන් රටේ මහජන මුදල් හොරාකාලා සුරසැප විඳිනවා. මේකෙන් මිදෙන්න කට්ටියක් රට අතහැර යනවා. තව කට්ටියක් විරුද්ධව සටන් කරනවා. කට්ටියක් මොන ක්‍රමයකින් හරි ජීවත්වීම සදහා ඔවුන්ට කඩේ යනවා. නමුත් දැන් දැන් අනුර කුමාර ඇතුළු කණ්ඩායම හොඳ මාර්ගයකට යන්න උත්සාහ කරනවා. අනේ මන්දා. බලමු? (නි)
මෙම වාර්තාව සියලු පත්තර වලට නිකුත් කරන්න සියලු ජනතාවට දැනගන්න. දැන් කෝ අර නළු මහත්තයා පයිල් උස්සගෙන කෑ ගහන්න පන නැද්ද (අ)
"කවුද හොරා " කියන චිත්‍රපටය ප්‍රදර්ශණය පටන් ගත්තෙ 2015 ජනවාරි 8.ප්රචාරක කටයුතු පටන්ගත්තෙ මතක හැටියට 2014 අග.දැන් චිත්‍රපටයෙ අවසානයට අැවිල්ල.හොදම නළුව සහ සහය නළුව කවුරුත් තෝරල ඉවරයි.(බ)