ශ්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්තුමේන්තු කාරක සභාව (කෝප්)  වාර්තා දෙකක් ඉදිරිපත් වන්නේ නම් ඒ ගැන සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමන්විත කමිටුවක් පත්කර මෙම මහ බැංකු බැදුම්කර සිද්ධිය ගැන පරික්ෂණයක් සිදු කළ යුතු යැයිද, මාස 18කදී රුපියල් බිලියන දහය හෙවත් කෝටි 1000ක් ලාබ ලැබීම මෙම වංචාව සොයා බැලිය යුතු බවත් ඔහු කීවේය.

මේ අතර අද පැවැති කෝප් කමිටු රැස්වීම එහි සභාපති සුනිල් හඳුන්නෙට්ටි මහතා නැගිට ගිය බවද වාර්තා වේ.