IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කේපි ගැන වාර්තා 4 ක්

කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු අවි සැපයුම්කරුවකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා හතරක් අධිකරණයට ලබා දුන් බව නීතිපතිවරයා අද (28) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන අනුව එම වාර්තා සකස් කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා කිවේය. එම වාර්තා ජුනි 4,ජුනි 19, ජුනි 21 සහ ඔක්තෝබර් 15 වැනිදා දිනයන්හිදී අධීකරණයට ඉදිරිපත් කළ බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.

කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මේබව කියා සිටියේය.

එම වාර්තා නඩුවට ගොනු කොට නැති බවට අනාවරණය විය. පසුව එම වාර්තා නඩු ගොනුවට ඇතුළත් කරන ලෙස අභියාචනාධිකරණය ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

පෙත්සම ලබන නොවැම්බර් 12 වැනි දා නැවත කැඳවීම නියම විය. කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී.රටින් පිටවීම වළක්වාලන අතුරු නියෝගයද ලබන නොවැම්බර් 13 වැනිදා තෙක් දීර්ඝ කැරිණි.



අදහස් (0)

කේපි ගැන වාර්තා 4 ක්

පිටිගල මිලානෝ Wednesday, 28 October 2015 12:56 PM

සමහර අයට ප්‍රභාකරන් නරකම කෙනෙක් වෙලා කේපී හොඳම කෙනා වුණ කාලයකුත් තිබුණානේ (නි)

:       0       0

යටවත්ත Wednesday, 28 October 2015 01:56 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)

:       0       0

වික්ටර් Wednesday, 28 October 2015 04:05 PM

කේ.පි.ල 1995 පසුව රුසියාවෙන් යුක්රේනෙන් කොටින්ට ගත් අවි ගැන ප්‍රශ්න කළොත් දෙන් තානාපති වරුන් හෙටියට ඉන්න අය ගැනත් තොරතුරු ලැබෙන්න පුළුවන්.යහපාලනය රවටා තනතුරු ගත් අයගේ රෙදි ගෙලෙවෙන්න පුළුවන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site