කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු අවි සැපයුම්කරුවකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා හතරක් අධිකරණයට ලබා දුන් බව නීතිපතිවරයා අද (28) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන අනුව එම වාර්තා සකස් කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා කිවේය. එම වාර්තා ජුනි 4,ජුනි 19, ජුනි 21 සහ ඔක්තෝබර් 15 වැනිදා දිනයන්හිදී අධීකරණයට ඉදිරිපත් කළ බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.
කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මේබව කියා සිටියේය.
එම වාර්තා නඩුවට ගොනු කොට නැති බවට අනාවරණය විය. පසුව එම වාර්තා නඩු ගොනුවට ඇතුළත් කරන ලෙස අභියාචනාධිකරණය ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
පෙත්සම ලබන නොවැම්බර් 12 වැනි දා නැවත කැඳවීම නියම විය. කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී.රටින් පිටවීම වළක්වාලන අතුරු නියෝගයද ලබන නොවැම්බර් 13 වැනිදා තෙක් දීර්ඝ කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයට ප්‍රභාකරන් නරකම කෙනෙක් වෙලා කේපී හොඳම කෙනා වුණ කාලයකුත් තිබුණානේ (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
කේ.පි.ල 1995 පසුව රුසියාවෙන් යුක්රේනෙන් කොටින්ට ගත් අවි ගැන ප්‍රශ්න කළොත් දෙන් තානාපති වරුන් හෙටියට ඉන්න අය ගැනත් තොරතුරු ලැබෙන්න පුළුවන්.යහපාලනය රවටා තනතුරු ගත් අයගේ රෙදි ගෙලෙවෙන්න පුළුවන්. (බ)