පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සඳහා මහින්දානන්ද අලුත්ගමගේ සහ අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීවරුන් පත් කරනු ලැබ සිටිති.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටු සභාපතිවරයාය.
කෝප් කමිටුවට පොදු විපක්ෂයේ මන්ත්‍රීවරයකු පත් කළ යුතු යැයි කළ ඉල්ලීම අනුව ඔවුන් පත් කළ බව පාර්ලිමේන්තු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ඉතා හොඳ උපක්‍රමයක් (නි)
මේ මහතාගෙන් වැදගත් යමක් බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා (නි)
ඔහොම යනකොට ළඟදිම තවත් හොඳ දේවල් වෙයි (නි)
දැන් ඉතින් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේද? (නි)
ඔය කමිටුවට මෙච්චර සුදුසු කෙනෙක් නම් කොහෙන්වත් හොයාගන්න බැහැ. (නි)
මහජන මුදල් නාස්ති නොකර ඔය කමිටුව විසිරුවා හරින්න (නි)
මොකද පොදු විපක්ෂයේ මෙයාලා විතරමද ඉන්නේ? (නි)
විපක්ෂයෙන් පත්කළොත් ඔහොම කෙනෙක් තමයි පත්කරන්නේ. (නි)
අනේ දෙවියනේ! එ්කත් එහෙමද? (නි)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වෙයිද? (නි)
මේ ආණ්ඩුව හරියට බිරිඳ සැමියත් එක්ක තරහ වුණාම හොරාට ගෙයි දොර ඇරලා දුන්නා වගේ වැඩනේ කරන්නේ (නි)
මේකට අදහස් දාන මහත්තරු මේ ටික දැනගන්න ඕනෑ. මෙයාලා හැමදාම අපිව කඩේ යවනවා. අපි කිසිම ලැජ්ජාවක් නැතුව ගිහිල්ලා ලබන පාරත් දෙගොල්ලටම කතිර ගහලා එනවා. හෙට අනිද්දා වෙනකොට මහින්දලා වැරදි කරලම නැහැ, යූඑන්පී එකේ අයත් වැරදි කරලා නැහැ. හොරකම් කරලා තීයෙන්නේ අපි (නි)
මේ අය අපිව රවටනවා වගෙයි (නි)
එ්කාබද්ධ විපක්ෂයේ මෙම පත්කිරීම තුලින් පිළිඹිබු වන්නේ එහි සියලු දෙනාම මේ ගණයේ අයවලුන් බව නොවේද? (නි)
මෙම පත්කිරීම, චෝදනා තිබුනත් මොහු නිර්දෝෂී බවට දුන් සහතිකයක් විය හැකි බව යමෙකුට සිතන්න පුළුවන්. (නි)
නියමයි.හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ තියෙයි.(බ)
කව්ද අප්පේ මෙයාව පත්කළ කෙනා. හඳුන්නෙත්ති සහෝදරයා මොකද මේ ගැන කියන්නේ. (නි)
මේ වගේ කමිටුවක වැඩකරන්න ඒ ගැන දැනීමක් තිබිය යුතුයි නේද? (නි)
මොන විහිළුවක් ද මේ? මේ වහේ මිනිස්සු නිසා කමිටුවේ විශ්වාසයත් නැති වෙනවා. (බ)
මෙහෙම ගිහින් යහපාලනය පිළිබඳ මහජනයාගේ විශ්වාසය බිඳවැටුනොත් වෙන්නේ මහා විනාශයක්. (නි)
හොරු අල්ලන්න නියම කෙනාවනෙ දාලා තියෙන්නේ (නි)
මට නම් හොඳටම හිනා (නි)
අපිට පිස්සුද නැත්නම් මෙයාලට පිස්සුද.මේ හැමදාම ප්‍රශ්න කරනවා වංචා ගැන ඒ අස්සේ කෝප් එකටත් පත් කරනවා (බ)
ජපන් ආණ්ඩුවට අහුවුණොත්...?
කමල්ගේ අදහසට මමත් එකඟයි. මේ රටේ වෙනස් කළයුත්තේ පාලකයන් නොවේ පාලකයන් පත්කරගන්නා මිනිසුන්ය. (නි)
සුනිල් හදුන්නෙති, මහතාණනි ,කවුද ඔබ ළග, අපි ඔබ ගැන සියලු බලපොරොත්තු තබා ඇත,ජනතාව වෙනුවෙන් සියල්ල ඉටු කරන්න, හොරු බේරන්න නිදහසට කරුණු නොකියන්න (බ)
ලැජ්ජයි...(බ)
මුන්ට ඡන්දෙ දුන්නු අපිට පිස්සු (බ)
මමත් කුමාර් සමඟ 100%ක් එකඟයි (නි)
මෙහෙම පුලුවන්ද හොරු අල්ලන්න? (නි)
මේවා අපිට සංදර්ශන පමණයි. කවුරු සභාපති වුණත් මේ අය නිදහස්. (නි)
මේ අයගේ සේවය කොහොමද බලමු.(හේ)
ජයවේවා.(හේ)
සුනිල් වෙනුවට මහින්දානන්ද මුල් පුටුවට දැම්මා නම් හොඳයි (හේ)
තව අවුරුදු හතරක් විතර අදින්නත් ඕනෑනේ. ඔහොම යමු (නි)
ගහක අපි වැඩකට ගන්නේ අරටුව. හැබැයි කැපූ ගහක එළයට ගුල්ලෝ ගහද්දි අරටුව දක්වාම යනවා. නුවණට හුරුයි එළය අයින් කරලා අරටුවෙන් වැඩක් ගන්න එක (නි)
අපි බලමුකෝ ඉදිරියට මොනවා සිද්ධවෙයිද කියලා (නි)
අනේ මෙහෙමත් නාටක! (නි)
ගිය ආණ්ඩුව කෑවේ මෙතුමාට පින් සිද්ධ වෙන්න. දෙයියන්ගේ පිහිටයි (හේ)
කෝප් කමිටුවට අබ සරණයි.(හේ)
නියම කෙනා තමයි පත් කරලා තියෙන්නේ.(හේ)
මේ රජය ගැන දැන් අපිට පැහැදිලියි. අපිට බූවල්ලෙන් ගහන්න ඕනෑ මොවුන් අපේ මන්ත්‍රීලා කෙරුවට (නි)
අපි නම් මේ පත්කිරීමට එකඟ නැහැ. කමක් නැහැ. රාජපක්ෂ කාලයේ නම් ඔය වගේ අයට මොනවා වේවිද? (නි)
කොහොමත් ඉදිරියේදී මෙයා මෙතනට එන්නම ඕන එම නිසා කලින් අපු එක බොහොම වැදගත් ,(හේ)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කිවුවලු. අපි වගේ මෝඩයෝ මේ රටට බිහිවීම ගැන මට රට ගැන දුකයි (නි)
ගිණුම් වාර්තාවක්වත් තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්න ඕනෑ මේවට එන අයට (නි)
මමත් කුමාර් සමඟ 100%ක් එකඟයි,(හේ)
ඉන්න අයගේ වාර්තා බලලා හොදම කෙනා පත් කලා. (හේ)
අපි මොනවා කිව්වත්, මෙයාලා පත්කරලා තියෙන්නේ පොදු විපක්ෂය වෙනුවෙන්. ඒ කට්ටිය නියෝජනය කරන්න මීට වඩා සුදුස්සෙක් ඉන්නවද කියලා නිකමට හිතලා බලන්න. (නි)
මේවාගේ මිනිසුන් සිටින රටක ඉපදීම ගැන ලැජ්ජයි. (නි)
මට නම් පෙනෙන්නේ වෙන්න යන්නේ වෙන දෙයක් වගෙයි (නි)
මම හිතාගෙන හිටියේ කෝප් කමිටුව තියෙන්නේ හොර වංචා සහ දුෂණ ගැන හොයා බලන්නයි කියලා. (නි)
යහපාලනයේ තවත් අඩුපාඩුවක් හරි. මඩු වළිගෙන් අපිටම තලාගන්න හිතෙනවා. (නි)
මේක දිහා බලන්න ඕනෑ වෙන කෝණයකින්. මේ නම යෝජනා කරලා තියෙන්නෙ පොදු විපක්ෂය. ඉතින් පේනවනෙ ඒගොල්ලන්ගෙ බලාපොරොත්තු. (නි)
නියම කෙනෙක්කේ පත් කරලා තියෙන්නේ (නි)
"දී කිරට බළල්ලු සාක්කි" දෙන දවස වැඩි ඈතක නැහැ. (නි)