පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට තමන් ලොකු උත්සාහයක් ගන්නා බව සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
සම්ප්‍රදායික නීති රීති ඉවත්කොට මාධ්‍යවේදීන්ගේ සහාය ඇතිව අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම කමිටුව මහජනතාවට වඩාත් සමීප කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කීය.
පාර්ලිමේන්තුවේ ප්‍රථම කෝප් කමිටු රැස්වීමට සමගාමීව පැවැත්වෙන වැඩමුළුව අද පාර්ලිමේන්තු කමිටු ශාලා අංක පහේදී ආරම්භ කරමින් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද කෝප් කමිටු සාමාජිකයෝද මේ අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මාධ්‍යවේදීන් තමන්ට අවශ්‍යනම් තලගොයාව කබරගොයා කරන්න දක්ෂ අයත් ඉන්නවා (බ)
කෝප් කමිටුව කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළත එකක් නේද? (නි)
මාධ්‍ය ඉදිරිපිට කරන්න ඕනෑ දේවලුත් තිබෙනවා, නැති දේවලුත් තිබෙනවා. මුලසුන ගන්න අයයි එය තීරණය කරන්නේ. කෝප් කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යයට කරුණු දැක්වීමක් කළා නම් ඒත් ඇති නේද? (නි)
අදහස නම් හොඳයි. (නි)
ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව ඕනෑ එකක් (නි)
අනිවාර්යයෙන්ම මේ යෝජනාව නිසා විනිවිදබාවය, යහපත් රාජ්‍ය මුල්‍යය කළමනාකරණයක් හා සොරකම් නොකිරීමේ පාලනයක් සිදුවේ. (නි)
හැබැයි මාධ්‍යවේදීන් විශාල වගකීමකින් කටයුතු කළයුතු වෙනවා. (නි)
රජයේ හා සංස්ථා මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය බොහෝ ආයතන කෝප් කමිටුවට වග උත්තර නොදෙන පසුබිම නැතිකර ඔවුන්ව කමිටුව හමුවට ගෙන්වීමට හා ඍජුව ප්‍රශ්න කිරිමටත්, එසේම ඒවායේ තොරතුරු සමාජ හා වෙබ් අඩවි ඔස්සේ රහස්‍ය බව සුරකමින් රැකියා සුරක්ෂිතතාව ලබා දීමත් තුළින් යහපාලන අරමුණු බැබළෙනු ඇත.(ම)