පාර්ලිමේන්තු රාජ්‍ය වසාය පොදු කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද තෝරා පත් කරගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා එම කමිටුවේ හිටපු සභාපතිවරයා ය.
කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී අද රැස්වූ අවස්ථාවේ හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇත්තේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අපිත් පී. පෙරේරා මහතා ස්ථිර කළේය.
රාජ්ය ගිණුම්කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු අලි මල්ලිලට හොඳ හැටි සලකනවා නේද කොල අලි අයියල...(රේ)
මොකක් හෝ දෙනකම් කෑ ගැහැව්වනේ (අ)
කටුස්සාගේ කරේ රන් පැලැන්දුව හා සමාන වේවිද (අ)
නිවැරදි සහ සත්‍ය වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයන් ඉදිරියට පැමිණීම රටෙත් ජනතාවගෙත් යහපත සඳහා හේතු වෙනවා ඇත.එය කවර පක්ෂයක මල්ලි කෙනෙක් වුනත් ජනතාව සතුටු විය යුතුය.ජ.වී.පෙරමුණේ වර්තමාන සහ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වය සහ පෙනිසිටීම තවම ජනතාව හඳුනා ගෙන නොමැති අතර එය ජනතාව හඳුනා ගත යුතුව ඇත. (අ)
සතුටුදායක ආරංචියක් (නි)
සුදුසුම පුද්ගලයා. ඔබට දිරිය ලැබේවා! (නි)
දැන්වත් බලමු කමිටු බලතල ප්‍රකාරව දුෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීවිද කියලා. (නි)
පැවති කෝප් කමිටුව විධිමත් බලතල ඇතුව ක්‍රියාත්මක වූ බවක් හා ඔවුන් වෙත නිලධාරින් කැඳවීමේ හා නියෝග දීමේ, ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත යාන්ත්‍රණයක් නොපෙනිණි. එම සියලු අඩුපාඩු විසදා පැරණි නිමා නොකළ හා සම්පුර්ණ නොකළ පරීක්ෂණ වාර්තාද සැළකිල්ලට ගෙන කටයුතු කිරීම කළයුතුව ඇත. එෆ් සි අයි ඩි , අල්ලස් කොමිසම, කෝප් කමිටුව, සි අයි ඩි , දුෂණ කොමිසම යන සියලු ආයතන එක්ව කටයුතු කළයුතුව ඇත. (නි)
අපේ ගමට ප්‍රදේශයට පළාතට ගෞරවයක් ලබාදුන් සුනිල් සොයුර, අපගේ හදවතේ ගැඹුරුම තැන සිට මුදාහරින සුපහන් ප්‍රණාමය! (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබුණ අවස්ථාවක් (නි)
දැන් බලමු මහබැංකු හොරකමට එහෙම මොකද වෙන්නේ කියලා. එහෙම කරනවා කියලානෙ පොරොන්දු දුන්නෙ (නි)
ජයවේවා ඔබතුමාට! (නි)
ඒක නම් හොඳයි (නි)
හොද තෝරා ගැනීමක්.(හේ)
මේ පත් වීමෙන් හරි සැලකිය යුතු ලෙස බඩු අඩු වුනොත් ජනතාවට ලොකු සහනයක් (බ)
හොඳ තනතුරකට ඊට වඩාත්ම සුදුසුම පුද්ගලයෙකුගේ පත්වීමක්. සුභ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
නියම සුදුස්සා පත්කරලා තියනවා අයවැයෙන් පසුව (ම)
ඊතාම සන්තෝසයි.(හේ)
රතු කොළ හවුලක් - විධායක සභාව වගේ වේද අවුලක් (නි)
ඔබගේ වැඩ පෙන්වන්න අවස්ථාවයි (නි)
සුදුසුම පුද්ගලයෙක් තෝරාගැනීම ගැන සතුටුවෙනවා. නමුත් මේ අයගේ නිර්දේශ කිසිම රජයක් ක්‍රියාත්මක කළේ නැහැ. තිබු සියලුම රජයන් " හොරුන්"ව "දුෂිතයින්" ව ආරක්ෂා කළා. මෙවරත් රජයේ අපේක්ෂාව කුමක්දැයි අපි බලාසිටිමු (නි)
දැන් පෙන්නමු වැඩ. ඩීල් දමන්නවත්, දැලෙන් රිංගන්නවත් ඉඩතියන්න එපා. ඔබට ජය! (නි)
හරියට හරි