(ඉන්දිකා රාමනායක සහ සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල නිවසින් හමු වූ බව යුද හමුදාව කියයි.
සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයාගෙන ඇත.
මෙම නිලධාරියා කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගිනි අවිය සොරාගෙන ඇති බවට යුද හමුදාව කළ විමර්ශනයේදී හෙළි කරගෙන ඇත.
මේ සැකකාර යුධ හමුදා නිලධාරියා සහ ඔහු අවි ගබඩාවෙන් සොරකම් කරන ලද ටි පනස් හය වර්ගයේ ගිනි අවිය සමග වැඩිදුර පරීක්ෂණ සදහා සිය ආයතනයට භාර දුන් බවත් ඒ අනුව අද(12) උදේ සැකකාර යුද හමුදා නිලධාරියා සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත් කරන්දෙණිය පොලීසිය කියයි.
සැකකාර යුද හමුදා නිලධාරියා සොරකම් කරන ලද මේ ටී පනස් හය වර්ගයේ ගිනි අවියෙන් මේ දින බටපොළ අවට සිදුවූ වෙඩි තැබීම්වලට භාවිතා කර ඇත්දැයි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන බවත් ඒ අනුව ඔහු අද(12) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කොට රැදවුම් නියෝගයක් ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටපොල.....ගේමකට සූදානම් වෙනව වගෙ.....
හමුදාවෙන් පුහුනු සහ අවි ලබාගෙන පාතාලෙට සේවය කරනව , මෙකත් හරියට අපෙ රටෙ ටියුශන්, දොස්තර මාෆියව වගෙ එකක්.