කිලිනොච්චිය ඇතුළු උතුරේ කඳවුරු පිහිටි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් මුල් පදිංචිකරුවනට භාර දෙන ලෙස බල කරමින් දෙමළ ජාතික සන්ධානය කිලිනොච්චි නගරයේ අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
සාමාන්‍ය වැසියනට ආරක්ෂක වෙතින් එල්ල වෙතියි කියන බාධා අවසන් කරන ලෙස ද දෙමළ ජාතික සන්ධානය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්, උතුරු පළාත් මන්ත්‍රී එම් කේ ශිවාජලිංගම්, උතුරු පළාත් අධ්‍යාපන ඇමැති පී කුරුකුල රාජා, කෘෂිකර්ම ඇමැති පී අයිදරනේෂන් මහත්වරු ද විරෝධයට එක්වූහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කඳවුරු බිම් ආපසු ඉල්ලයි
පූර්ණජිත් Wednesday, 28 May 2014 09:47 PM
නවී පිල්ලෙලයි,බෙදුම්වාදියොයි,එන්.ජී.ඕ.කාරයොයි නම් කියන්නෙ රටේ මානව හිමිකම් කඩ වෙලා කියල.ප්‍රජාතන්ත්‍රවාදී රටක රටේ ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන්( මේ කෑ ගහන අයත් ඇතුළුව)පිහිටුවා තිබෙන ආරක්‍ෂක කඳවුරු ඉවත් කරන්න කියල උද්ඝෝෂණ කරන්නත් මානව නිදහසක් තියනව නම් තව මොනවද ඉල්ලන්නෙ. (ස)
පද්මිණි Wednesday, 28 May 2014 10:22 PM
අනේ මන්දා! කලකෝලාහල නොකර හැමෝම සමගියෙන් ඉන්නවා නම් තමයි අපි කැමති (නි)
සිල්වා Wednesday, 28 May 2014 10:27 PM
ඒ ගමන මොනවද මේ කරන්නේ? (නි)
ගාමිණී සිරි Wednesday, 28 May 2014 10:33 PM
මේ උද්ඝෝෂණය එදා ප්‍රභාකරන් හිටි අවස්ථාවේ කළා නම් ලැබෙන දේ මොනවද කියලා අදහාගන්නත් බැරිවෙයි (නි)
කෝලිත Wednesday, 28 May 2014 11:18 PM
ඉල්ලන් කන්න නේද යන්නේ (අ)
කින්සා Wednesday, 28 May 2014 11:25 PM
දෙමළ ජාතික සන්ධානය වලියක්ම තමයි ඉල්ලනේ. රුකඩ සල්ලඩ කරලා තමයි විසදන්න වෙන්නේ. (අ)
නිශාන් Thursday, 29 May 2014 12:00 AM
ලැජ්ජ නැති හැටි. (අ)
සරත් බණ්ඩාර Thursday, 29 May 2014 12:03 AM
ජනතාවගේ ඉඩම් ආපසු ලබාදිය යුතුයි කැම්ප් වලට ඕන තරම් රජයේ ඉඩම් තියෙන්නේ (අ)
රගු Thursday, 29 May 2014 04:50 AM
උතුරේ අපිටත් දකුණේ අයටත් තියන ප්‍රධාන ප්‍රශ්නය දරා ගන්න බැරි ජීවන වියදම. මේගොල්ලෝ අපි වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ මොකද ඒවා ගැන ? (අ)
නිමල්ලාලිත Thursday, 29 May 2014 08:33 AM
ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයනි, දැන්වත් දේශපාලන බල ලෝභය අත්හැරැ රට ගැන සිතවු. ඒකීය බව කියමින් මේ සිදුවන්නේ අනාගත සිංහලයාට බිම් අඟලක් හෝ ඉතිරි නොවීමයි. (ස)
අනුරාද Thursday, 29 May 2014 08:59 AM
අහිංසක ජනතාව රවට්ටලා දේශපාලනඥයෝ ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ට කර ගන්න තමයි මේවා කරන්නේ. දෙමල ජාතික සන්දානෙට ඕනේ රජය අපහසුතාවයට පත් කරලා ජාත්‍යන්තර ඊලාම් හිතවාදීන්ගේ හිත දිනා ගන්න. අහිංසක දෙමල ජනතාව මේවට රැවටෙන්න නරකයි.(නදී)
ලක්ෂාන් Thursday, 29 May 2014 11:58 PM
කඳවුර බිම දෙන්න කියන අය පොඩ්ඩක් හිතුවද එහෙම දුන්නොත් වෙන දේ ..බෝම්බ පුරවාගත් ලොරි දෙක තුනක් ළඟ ළඟ පුපුරද්දී , දවස ගානේ මිනිස්සු බුරුතු පිටින් මැරෙද්දී තේරෙයි මොකද්ද වුනේ කියල ත්‍රස්තවාදීන් බලන් ඉන්නේ රට කැලි කරන්න අවස්ථාවක් එනකන් .රටේ සිටින දමිළ අයටත් සිංහල අයටත් හොදින් ඉගෙන ගත්තොත් රටේ ඔනෑම තනතුරක් දරන්න පුළුවන් රටේ ඕනෑම තැනක ගෙයක් හදාගෙන සතුටින් සාමයෙන් ඉන්නත් පුළුවන් මීට වඩා වෙන මොන නිදහසක්ද? දමිළ මිතුරෝ මටත් ඉන්නව රගුත් මගේ හොඳ යාලුවෙක් අපි ළඟ ජාතිබේද නැ. (ස)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 29 May 2014 09:21 AM
මෙවැනි ඉඩම් ප්‍රශ්න උතුරට සිමා වෙච්ච දෙයක් පමණක් නෙමෙයි. නමුත් උතුරේ තිබෙන සුළු ප්‍රශ්නයක් උනත් ජාත්‍යන්තරයේ මහා බරපතල ලෙස සාකච්ඡාවට ලක්වෙන අවදියක, රජයෙන් කල යුත්තේ ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇතිනම් එයට සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමයි. බොහෝ දුරට ජාත්‍යන්තරයට අපේ රටේ සමහර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්ට ඉඩ ප්‍රශ්තාව ලැබෙන්නේ අපේ සම හරක් නිලධාරීන්ගේ, බලධාරීන්ගේ මෝඩ අන්තනෝමතික ක්‍රියාවන් නිසයි. (නදී)
ඉන්දික Thursday, 29 May 2014 09:56 AM
නිමල් ලාලිත, මේ වෙලාවේ විපක්ෂය බලන්නේ එකෙන් කොහොමද ආණ්ඩුව පෙරලන්න උදව්වක් කරගන්නේ කියලයි. කලින් උනත් රටගැන හිතල වැඩ කරනම්, කතා කරනම් යුද්ධෙන් පස්සේ අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.(දිල්)
නීල Thursday, 29 May 2014 09:57 AM
මට කියල බිම් අඟලක් නැහැ. මමත් උද්ඝෝෂණය කරන්න ඕනේ. කව්ද එන්නේ?(දිල්)
නිශාන්ත Thursday, 29 May 2014 10:03 AM
කොටි නායකයො සමාන්‍ය ජනතාව පලාතකටවත් එන්න නොදී ඉඩ කඩම් අල්ලගෙන හිටපු කාලේ ඕවා නැහැ නේද? මෙයාලගෙ බලාපොරොත්තුව අායිත් එහෙම කරගෙන වැජඹෙන්න. සාමාන්‍ය මිනිස්සු ගැන අනුකම්පාවක් නෙවෙයි. (ස)
ශාන් Thursday, 29 May 2014 10:21 AM
පද්මිණි මාත් කැමති හැමෝම සමගියෙන් ඉන්නවා නම් තමයි. (ස)
සුනෙත් Thursday, 29 May 2014 11:01 AM
ප්‍රභාකරන්ගෙන් නම් ඕව ඉල්ලන ගියේ නෑ.. (ස)
රොෂාන් Thursday, 29 May 2014 11:24 AM
අපිටත් තියෙනව ඉල්ල්ලීමක්, උතුරෙන් පන්නපු සිංහල හා මුස්ලිම් පවුල් වලට හිටපු තැන්වලම පදිංචි වෙන්න දෙන්න කියන එක. දෙමළ සන්ධානෙ එකට කැමති වෙයිද? කවදාවත් නෑ. අනිත් එක රටේ ආරක්ශාවට ගන්න ඕනෙ තීරන අනිවාරයෙන්ම ගන්න ඕනෙ, ඒක මොඩිටවත්, ඔබාමටවත්, ටී.එන්.ඒ. එකටවත් පාලනය කරන්න දෙන්න බෑ. (ස)
ලුම්බිණි Thursday, 29 May 2014 01:17 PM
සාමාන්‍ය වැසියන්ට අයිති ඉඩම් නම් ඒ අයට දුන්නම මොකද්ද තියෙන ප්‍රශ්නය?(දිල්)
කමල් එම් ගමගේ Wednesday, 28 May 2014 08:22 PM
මේ අයට ඊලමත් ලියා දෙන්න වෙයිද දන්නේ නැහැ .(නදී)
සඳුනි Wednesday, 28 May 2014 09:04 PM
කොටි ඕවයේ පදිංචි වෙලා හිටපු කාලෙනේ ඉල්ලන්න තිබුනේ. (නදී)