දින හයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑයුම් ප්‍රදේශයට ඇද හැලෙන වැසිත් සමග කැනියොන් හා ලක්ෂපාන ජලාශවල වාන්දොරටු තුන බැගින් විවෘත කර ඇත.
ඉහළ කොත්මලේ වාන් එක වාන් දොරටුවක් විවෘත කර ඇත.
මාඋස්සාකැලේ ජල මට්ටම අද සවස පහ වන විට පිටාර මට්ටමට අඟල් නවයක් අඩුවෙන් පැවැතියේය.
කාසල්රී පිටාර මට්ටමට අඩි තුනක් අඩුවෙන් පිරී ඇත.
විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් හා කොත්මලේ උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරේ.
කැලණි ගඟේ ජල මට්ටම ද ඉහළ යා හැකි බව නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
නුවර එළිය - හැට්න් හා හැටන් - කොළඹ මාර්ගවල දැඩි මීදුමක් පවතී.
මේ අතර රජරට හා උතුරේ දිස්ත්‍රික් රැසක දහස් ගැමියනට පානීය ජලය පවා සොයා ගැනීමට බලවත් ප්‍රශ්නයක් වී ඇත.
![20140131062112.MTS_snapshot_00.00_[2014.08.03_18.23.14]](http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/2014/08/20140131062112.MTS_snapshot_00.00_2014.08.03_18.23.14.gif)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දාගෙන් දැනමුතුකමක් ගත්තොත් නරකද මේ තත්වය නැති කරගන්න. ඒ දවස් වල ඔවුන් කල දේ අගය කල යුතුයි. අපේ බොරු ආඩම්බරකම නිසා රට හැම අතින්නම පිරිහිලා ආඩම්බරකම විනාශයට මුලනේ (නදී)
දළදා පෙරහැර අවසන් වන විට මහනුවර අවටටත් , නියගයෙන් පීඩාවිදින කාටත් ඇතිතරම් වැසි ලැබෙන එක නියතයි. කවදත් සිදුවුනේ එම හාස්කමයි. එතෙක් ඉවසන්න.(නදී)
නිදහස ලැබිලා අවරුදු 64ක් ගතවෙලා. ඒ කාලය තුල මෙරට පාලනය කල පාලකයන් බහුතරයකට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න තියා තේරුම් ගන්නවත් බැරි වෙලා තියනවා. වාරි කළමනාකරණය තියා අද රටේ සාමාන්‍ය පරිපාලනයවත් පවත්වාගෙන යන්න බැරිවෙලා තියනවා. පාසැලට ළමයින් ඇතුලත්කිරිම, විභාග පැවැත්වීම, ප්‍රශ්න පත්තර බෙදා හැරීම වැනි සරල වැඩ කටයුතු පවා අද අවුල් ජාලා බවට පත්වීමෙන් මේ බව අවබෝද වෙනවා. (නදී)
අඩුම ගණනේ වතුර බවුසර කීපයක් දිනපතා නුවර සිට උතුරට යවන්න බැරි රජයක් මොකටද කියා කල්පනා කලොත්? පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ පඩි කපලා බව්සර වලට ගෙවන්න බැරිද? (නදී)
ඇයි පොල්ගොල්ල ජලාශයෙන් වතුර හරවනවා නේද රජරටට? (දී)
දේවෝ වස්තුකාලේන, සබ්බසන් පත්ත මේවච, පීතෝ බවතු ලෝකේච, රාජා භවතු දම්මිකෝ. රජවරු දැහැමි ඌ කල නිසි වැසි ලැබේ. (නදී)
කෝ බලදාරීන්? මේ ජලය පුරාණ රජවරුන් මෙන් උතුරට යවන්න බැරි ඇයි? මහ විශාල වැව් තිබියදී ඒවා රොන් මඩ ඉවත් කර ජලය ආරක්ෂා නොකර නිකරුනේ මුහුදට යවන්නේ ඇයි (නදී)
අහෝ! ගංගා හතරකින් ගලන ජලය නිකරුනේ මුහුදට ගලා බසිනවා. ඉන් එක ගංගාවක් හෝ උතුරට හැරවිය හැකිනම් (නි)
"ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි. එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති." (නදී)
වාරිමාර්ග කලමනාකාරිත්වයක් නැතිකම තමා (නදී)
අන්තිම රුප රාමු 3, අහසේ වැහි වලාකුළු තියෙනවා. ඉතාමත් ඉක්මනින් මේ ප්‍රදේශවලටත් වැසි ලැබේවා. (නදී)