ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කඳුරට/ඌව ඒකාබද්ධ පිල පිට පිටම තෙවැනි ජය ලැබීමට සමත් විය.

ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන කඳුරට/ඌව ඒකාබද්ධ පිල විසින් ලකුණු 13 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල පරාජය කරන ලදී.

රුහුණ පිල  ඕවර 49.1 කදී 219

(ෂෙහාන් ජයසූරිය 80, ගයාන් මනීෂාන් 16, ඩිල්රුවන් පෙරේරා 16, සචිත් පතිරණ 45, සචිත‍්‍ර සේනානායක 28/3, චරිත් ජයම්පති 43/2)

කඳුරට/ඌව ඒකාබද්ධ පිල  ඕවර 38 කදී කඩුලූ 4 ට 162

(දිමුත් කරුණාරත්න 37, තරංග පරණවිතාන 29, භානුක රාජපක්‍ෂ 18, කෞෂාල් සිල්වා 20, තිළිණ කණ්ඩම්බි නොදැවී 32, දිල්හාන් කුරේ නොදැවී 20)