රුපියල් හැත්තෑ එක් ලක්ෂ අසූ පන්දහසක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ වයස අවුරුදු 29 හා 34 වියේ පසුවන රාගල හා වටවල පදිංචිකරුවෝ වෙති.
මොවුහු රෙදි පිළි වෙළඳාමට යැයි කියමින් නිතර නිතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර යාම් ඊම් කරන බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර ඇමරිකානු ඩොලර් 22,000 ක්, යූරෝ 25900 ක් හා ස්විස් ෆ්‍රෑන්ක් 4500 ක් තිබු බව රේගුව කියයි.
මොවුන් දෙදෙනා සිංගප්පූරු ගුවන් සේවයට අයත් යු.එල් 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට අද අළුයම 1.55 ටපමණ කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කුමාර විජේසුරිය මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල් තිලක, ගාමිණී කරුණාතිලක, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ලාල් වීරකෝන් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩන්කන් හෙට්ටිආරච්චි, ජේ.යු අහංගම, එස් වනිගතුංග, අසංක ප්‍රියදර්ශණ සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳුරට ව්‍යාපාරික මලුවල ලක්ෂ 71 ක රට සල්ලි
කුමාර Tuesday, 01 September 2015 01:00 PM
රේගුවේ මහතුනේ,ලොකුවට මුදල් පන්නන අයත් අල්ලන්න උත්සාහ කරන්න.කෙසේවුණත් රට වෙනුවෙන් වැඩක් කරන අවංක රේගු නිලධාරීන්ට අපගේ ප්‍රණාමය! (නි)
ඉසුරන්දි Tuesday, 01 September 2015 04:28 AM
මේ මිනිස්සු දැන දැනනේ අමාරුවේ වැටෙන්නේ. (නි)
සමන්ත Tuesday, 01 September 2015 05:30 AM
කොච්චර එපා කිවුවත් අහන පුරුද්දක් අපේ මිනිස්සුන්ට නැහැ (නි)