කඳුරට ජනතා පෙරමුණ මෙවර මැයි දින රැලිය නොපවත්වා රජය මගින් ගෙන ඒමට අපේක්ෂිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කඳුරට දමිළ ජනතාවට සාධාරණය ඉටුවන ලෙස මැතිවරණ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පවසමින් පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් අද (01) උදෑසන හැටන් නගරයේදී පැවැත්වීය.
කඳුරට ජනතා පෙරමුණේ මහලේකම් ඒ.ලෝරන්ස් මහතා සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට වතුකරයේ දමිළ ගුරු පෙරමුණ ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර ඔවුහු හැටන් නගර මධ්‍යයේ සිට බස්නැවතුම්පළ වෙත ගොස් එහිදී උද්ඝෝෂණයක්ද පැවැත්වුහ.
දමිළ ජනතාව නියෝජනය කිරීම සඳහා මුළු දිවයිනෙන්ම මන්ත‍්‍රීවරුන් දහඅට දෙනෙකුට අවස්ථාව ලැබිය යුතු බවයි. තවද මෙයට සමගාමීව පළාත් සභා හා පළාත් පාලන ආයතන වලද මන්ත‍්‍රීවරුන් වැඩි විය යුතු බවත් කේවල ක‍්‍රමය අනුව මෙම මන්ත‍්‍රීවරුන්ගේ වැඩිවීම සිදුවිය යුතු බවත් 1948 වර්ෂයේදී කඳුකරයේ ජනතාවට සිදුවූ අසාධාරණය මෙම මැතිවරණ ප‍්‍රතිසංස්කරණයේදී සිදුනොවිය යුතු බවත් කඳුරට ජනතා පෙරමුණේ මහලේකම්වරයා එහිදී කීවේය. උද්ඝෝෂණයට කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක‍්‍රිෂ්ණන් මහතාද සහභාගීවිය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් , කඳුකරයෙත් අය ඔය ඉල්ලන දේවල් දීලා අපිට වෙන්නේ බණක් භාවනාවක් කරන් බලන් ඉන්න තමා....(ම)
මේ සිංහල රටයි කියන්නට බැරි දේශපාලකයන්ට ගැතිකම් කරන සිංහල බෞද්ධ හාමුදුරුවරුනේ, දැන්වත් අවදිවුණොත් අනාගත සිංහලයන්ගේ අයිතිය රැකේවි. (නි)
අපිට නම් ඕක ඉල්ලන්න කලින්ම හිතුණා..(බ)
සිංහල ජාතිය ගැන කතාකරද්දි ජාතිවාදය කියලා නරිවාදන් කියන කරන අයට බැරිද සිංහලයා ලංකාවෙ තවත් එක් ජාතියක් විතරක් වුණදාට සිංහලයා වෙනුවෙන් කතාකරන්න? (නි)
මෙහි සැමතැනම පෙනෙන්නේ ඉන්දියා ජාතික කොඩියට සමාන පාට සහිත කොඩි. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයිනේ! (නි)
මිනිසුන් රවටන බොරු සෝබන නවතා අහිංසක දෙමළ ජනතාව රවටන්න හදන අය ප්‍රතික්ෂේප කරමු (නි)
කඳුරට දෙමළ ජනතාව පමණක් නොවෙයි. මුළු රටම 20 න් ඉක්මන් සාධාරණයක් ඉල්ලිය යුතුයි. (නි)