IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කඳුකරයේ මැයි දිනය නෑ : 20න් සාධාරණය ඉල්ලති

කඳුරට ජනතා පෙරමුණ මෙවර මැයි දින රැලිය නොපවත්වා රජය මගින් ගෙන ඒමට අපේක්ෂිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කඳුරට දමිළ ජනතාවට සාධාරණය ඉටුවන ලෙස මැතිවරණ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පවසමින් පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් අද (01) උදෑසන හැටන් නගරයේදී පැවැත්වීය.

කඳුරට ජනතා පෙරමුණේ මහලේකම් ඒ.ලෝරන්ස් මහතා සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට වතුකරයේ දමිළ ගුරු පෙරමුණ ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර ඔවුහු හැටන් නගර මධ්‍යයේ සිට බස්නැවතුම්පළ වෙත ගොස් එහිදී උද්ඝෝෂණයක්ද පැවැත්වුහ.

දමිළ ජනතාව නියෝජනය කිරීම සඳහා මුළු දිවයිනෙන්ම මන්ත‍්‍රීවරුන් දහඅට දෙනෙකුට අවස්ථාව ලැබිය යුතු බවයි. තවද මෙයට සමගාමීව පළාත් සභා හා පළාත් පාලන ආයතන වලද මන්ත‍්‍රීවරුන් වැඩි විය යුතු බවත් කේවල ක‍්‍රමය අනුව මෙම මන්ත‍්‍රීවරුන්ගේ වැඩිවීම සිදුවිය යුතු බවත් 1948 වර්ෂයේදී කඳුකරයේ ජනතාවට සිදුවූ අසාධාරණය මෙම මැතිවරණ ප‍්‍රතිසංස්කරණයේදී සිදුනොවිය යුතු බවත් කඳුරට ජනතා පෙරමුණේ මහලේකම්වරයා එහිදී කීවේය. උද්ඝෝෂණයට කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක‍්‍රිෂ්ණන් මහතාද සහභාගීවිය. 

DSC_0518 DSC_0522 DSC_0526 DSC_0541   

DSC_0108 DSC_0145 DSC_0176 DSC_0186



අදහස් (0)

කඳුකරයේ මැයි දිනය නෑ : 20න් සාධාරණය ඉල්ලති

කසුන් - එංගලන්තය Friday, 01 May 2015 10:37 AM

උතුරෙන් , කඳුකරයෙත්  අය  ඔය  ඉල්ලන දේවල් දීලා  අපිට  වෙන්නේ  බණක්  භාවනාවක්  කරන් බලන් ඉන්න තමා....(ම)

:       0       0

නිමල් ලාලිත Friday, 01 May 2015 04:01 PM

මේ සිංහල රටයි කියන්නට බැරි දේශපාලකයන්ට ගැතිකම් කරන සිංහල බෞද්ධ හාමුදුරුවරුනේ, දැන්වත් අවදිවුණොත් අනාගත සිංහලයන්ගේ අයිතිය රැකේවි. (නි)

:       0       0

සොපී Friday, 01 May 2015 04:45 PM

අපිට නම් ඕක ඉල්ලන්න කලින්ම හිතුණා..(බ)

:       0       0

සංජීව Friday, 01 May 2015 06:39 PM

සිංහල ජාතිය ගැන කතාකරද්දි ජාතිවාදය කියලා නරිවාදන් කියන කරන අයට බැරිද සිංහලයා ලංකාවෙ තවත් එක් ජාතියක් විතරක් වුණදාට සිංහලයා වෙනුවෙන් කතාකරන්න? (නි)

:       0       0

ජගත් Friday, 01 May 2015 07:00 PM

මෙහි සැමතැනම පෙනෙන්නේ ඉන්දියා ජාතික කොඩියට සමාන පාට සහිත කොඩි. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයිනේ! (නි)

:       0       0

මංගල Saturday, 02 May 2015 01:14 AM

මිනිසුන් රවටන බොරු සෝබන නවතා අහිංසක දෙමළ ජනතාව රවටන්න හදන අය ප්‍රතික්ෂේප කරමු (නි)

:       0       0

ලියොන් Saturday, 02 May 2015 03:07 AM

කඳුරට දෙමළ ජනතාව පමණක් නොවෙයි. මුළු රටම 20 න් ඉක්මන් සාධාරණයක් ඉල්ලිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site