වසර 36 කට පසුව කතරගම දේවාලයට නව කපු මහත්වරු නව දෙනෙක් අද (10) දේවාලයට ගෙවැදුණහ.
පෙරවරු 9.12 ට යෙදුණු නැකතින් මෙම කපු මහත්වරු නව දෙනා කන් වීද නව වැඳුම් වන්දවා අනතුරුව මහා සංඝයා වහන්සේලාගේ පිරිත් දේශනා මැද්දේ දේවාලයේ ඇතුළු මාළිගාවට කැඳවා දිවුරුම් දිමෙන් පසුව බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතාගෙන් පත්වීම් ලදහ.
1980 දි හිටපු බස්නායක නිළමේ ජයවර්ධන අත්තනායක මහතා විසින් කපු මහත්වරුන් පස් දෙනෙක් දේවාලයට පත් කරනු ලැබුහ. වසර 36 ක් වෙන තෙක් දේවාලයේ කපු පුරුප්පාඩු කිසිදු බස්නායක නිළමේවරයකු විසින් නොපිරිවිණි. කපු මහතුන් 12 දෙනකු සිටිය යුතු වුවත් වසර 36 ක් සේවයේ සිටියේ කපුවරුන් පස්දෙනෙකු පමණි. මේ නිසා හේතුව මත දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් දිර්ඝ කාලයක් පෝලිම් තුල සිටි අතර දේවාලයේ ද කපු මහතුන් අඩුකම මත බොහෝ කරදුර සිදු වු බව බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා පවසයි.
මේ වන විට දේවාලයේ උරුමකමක් ඇති කපුමහතුන් ගේ පුතුන් සිටිනවා ඒ අයගේ පියා මිය ගොස් තම උරුමය නොලැබී යෑම නිසා මේ බොහෝ ගොඩක් දුක් වින්දා මේ නිසා මම තිර්ණය කළා සුදුසු කම් ඇති පවුල්වල දරුවන්ට කපු පුරප්පාඩුවට අවසරය දෙන්න එක නිසා මොන බළපැම් ආවත් මම නොබියව මෙම කපු පුරප්පාඩුව අද සැපිරුවා. යනුවෙන් බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා පැවසිය.
මේ සම්බන්දව අදහස් දැක් වු කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු සොමීපාල ටී රත්නායක මහතා පැවසුවේ මේ වන විට දේවාලයේ සිටින කපු මහතුන් වයසයි.
මෙවර පත් වු කපු පරපුර අතර සිය පරම්පරාව අහිමිව සිටි මුණසිංහ පරම්පරාව නියෝජනය වෙයි. ටී ආර් ලිලිත් රත්නායක, ලලිත් අනුරුද්ධ මුණසිංහ, පියුෂාන් රත්නායක, ගායන් රාජපක්ෂ, දේවන්ද්‍ර සම්පත් රත්නායක, පි‍්‍රයංත රත්නායක, සචීන් චානක රත්නායක හා සනත් රත්නායක යන කපුවරු නව කපු මහත්වරු වෙති.
![1[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/124.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/511.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/61.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/71.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් පත්වූ කපු මහතුන්ට මාගේ ප්‍රණාමය සහ ආශිර්වාදය පුද කරමි.! (ර)
කතරගම මහා දේවාලයේදී ජනතාවට දුප්පත් පොහොසත් භේදයක් නැතුව කෙරෙන සැලකීමත් විවෘත භාවයත් බෙහෙවින් අගය කරමි. නිදසුනක් ලෙස දේවාලය තුල කටයුතු ඡායාරුප ගත කිරීමට පවා ඉඩ දී ඇත. සෙල්ල කතරගම දේවාල වලදී ලත් අත්දැකීම් නිසා මහා දේවාලයේ විවෘත බව වඩාත් කැපී පෙනුනි.(හේ)
සියලු වැඩ සාර්ථකව කිරීමට ශක්තිය ලැබේවා.(හේ)
අති උතුම් කතරගම දීව්‍ය රජෝතමයානන්ට පුද පුජා පැවැත්වීමට සහ අනුගාමිකයන්ගේත් භක්තිවන්තයන්ගේත් සේවා කටයුතු වෙනුවෙන් අලුතින් පත්වූ කපු මහතුන්ට මාගේ ප්‍රණාමය සහ ආශිර්වාදය පුද කරමි..(හේ)
අවුරුදු හතක් වැඩී අවුරුදු 3ක් කරමු මෙතෙනට අලුත් අය ගන්න එක.(හේ)
සියලු වැඩ සාර්ථකව කිරීමට ශක්තිය ලැබේවා! (නි)